ඡන්දය 21. සති 3යි.
දැනට ජයග්‍රාහකයෙක් ඉන්නවාද?
- නැ
ඒ කියන්නේ දැනට කවුරුත් 50%+ එකක් පන්නලා නැ?
- පේන්න නැ.
ඉතිහාසයේ ව්‍යවාකූලතම ඡන්දයට සති තුනක් තියෙද්දි අද තත්වේ මට පේන කෝණයෙන් විවරණය කරන්නයි මේ.
මා දිස්ත්‍රික්ක 3ක දැනට වැඩ කරන නිසා හා විශාල පිරිසක් හමුවන නිසා මගේ අත්දැකිමෙන් ලියුවකි. සමික්ෂණයක් නොකලෙමි හා නොකරමි.
ඔබේ අදහස වෙනස් විය හැක.
ඡන්දයට මාසයකට කලින් කියපුවා අද වෙද්දි,
අනුර
තාම අනුරට රැල්ල වැඩි නැබුරුවක් තියනවා. ඒක "වැඩි දිස්ත්‍රික්ක ගානක" 50% ගන්න පුලුවන් තරමටම අද වෙද්දිත් වර්ධනය වෙලා නැ කියලයි පෙන්නේ. මේක පහත තව දිස්ත්‍රික්ක මට්ටමින් කතා කරද්දි ලියන්නම්.
වැඩිම රැස්විම් කරන්නේ අනුර. දවසකට 3ක් 4ක් කරනවා. මේක ඡන්ද ප්‍රචාරණයෙදි තමා වටා බලයක් තියනවා කියලා පෙන්වන්න වාසියක්. හැබැයි අනුර ගේ රැස්විම් වලටත් මිනිස්සු ගෙන්නවා. එකලග තියන රැස්විම් අතර මිනිස්සු මාරු වෙනවා.ඒ නිසා ඕගනික්ම කියන්න බැ. නමුත් රැලි කරනවා.
අනුරලාගෙත් අභ්‍යන්තර ගැටුම් තියනවා. JVP මතවාදය හා අනුර දැන් පෙනිඉන්න මතය නිතරමහ හැප්පෙනවා මොන වැඩේට ගියත්.
අනිත් අපේක්ෂකයෝ ඉදිරි සතියෙ වත් රැස්විම් වැඩි කලේ නැත්තම් සැහෙන කරදරයක වැටෙනවා. ඡන්දයක් උනාම ලකයක් තියෙන්න ඕනි.
අනුර දැන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරට එක්ව අවසන් පේන විදිමට.
සජිත්
සජිත්ට ඡන්දය කරනවාට වඩා තමාව රැකගැනිම වෙනුවෙන් සටනක අද ඉන්නේ.
දිනපතා පිරිස් ගැලවෙනවා.ජලනි යි සහෝදරිවයි ටිකක් දුරස් නොකලොත් ළඟ ඉන්න තව කිහිප දෙනෙක් පැන්නේ නැතත් ඈත් වෙලා දුරින් ඉන්න සීන් එකක් යන්නේ.
ඒ වගේම අලුතින් ලංකරගත්ත ගෝතයාගේ සෙට් එකයි පරණ ටෙලිපෝන් කරයොයි යා දෙක නොරත රත නිසා ප්‍රශ්න කියන්නේ.
හැබැයි ඒ අස්සෙත් ලකේටම හොදට කැම බිම දිලා පොදු මිනිහගේ සෙන්ටිමන්ට් එකෙන් රැලි කරන්නේ සජ්ජා. කැමනම් කැම බීමනම් බීම.
පුල් ආතල්.
සජියාගේ රැලි විසරිතයි. රට වටේම එකක් අද එකක් එහෙ වගේ කරන්නේ. ගම් වල දුප්පත් ඡන්ද කුට්ටි සජිත් වටේ රැස්වෙනවා පේනවා.
ඒවගේම කැන්වසින් යෑමත් අනුර හා සජිත් විශාල වශයෙන් කරගෙන යනවා.
රනිල්
ප්‍රධාන අපේක්ෂයන් 3 දෙනා අතර අසංවිදානාත්මකවම වැඩේ තාමත් කරන්නේ රනිල්. තාම හැදිලා නැ.තාමත් රනිල් මොනාහරි කර කර ඉන්නවා මිසක් මුකුත් හරියට දෙයක් කරන්නේ නැ. අද කියන කතාව හෙට වෙනස්.
ඒකට හේතුවක් කලින් පරාජය සමග පක්ෂය ප්‍රතිසංවිධානය වි නොතිබිම. ගමේ වැඩ කරන්න මිනිස්සු නැ. අනික පැන පොහොට්ටුවෝ තමන්ගේ වැඩේ කරගන්නවා මිස ලොකුවට ගේමට බහින්නේ නැ. ඒකටත් හේතුවක් රනිල් වටා ඉන්න උගේ රැල පනින අයට ඉඩ නොදිම.
රනිල්ට දැනෙන කැන්වසින් කැම්පේන් එකක් නැ.
දැන් රනිල් මානන්නේ තමන්ගෙ unp ඡන්ද බේස් එක හරි සෙකියු කරගන්න. ඒක මිනිහාගේ කතා වලින් දින දින පැහැදිලි වෙනවා. එයා වැටෙන තැන එයා දන්නවා..
රනිල් ඔල්මොස්ට් ගේමෙන් නොක්අවුට්.
රනිල් හා සජිත් කරන ලොකුම අවුල තමන්ගේ කතාවට වඩා අනුරට ගහන එක. එකෙන් අනුර අනවශ්‍ය විදිහට ඉලිප්පෙනවා. ඔවුන්මයි අනුරට ඡන්ද හදන්නේ.
නාමල්.
දිනන්න ආපු ගමන් නෙවෙයිනේ. කොල්ලා හොද පුතා වෙමින් යන්නේ. දැන් රනිලාගේ ප්‍රදානතම ප්‍රතිවාදියෙක් වෙලා නේ නාමල්..නාමල් ගේ ස්ටේජ් එකේ වැඩිපුර කෙලින්නේ රනිල් ට හා පැනපු පොහොට්ටු කාරයන්ට. මෙකෙන් රනිල් ලගට ගත්ත උන් අරන් ආපු සාම්ප්‍රදායික පොහොට්ටු ඡන්ද ගොඩට සැලකිය යුතු හානියක් වෙනවා.
සමහර කොට්ටාශ වල ( දිස්ත්‍රික්ක නෙවෙයි, ආසන නොහොත් කොට්ටාශ වල) නාමල් 2 විමේ හැකියාවක් තියනවා. ප්‍රතිඵල එද්දි ඒක පෙනෙයි.
දිනුවේ නැතත් තරගයේ අවසාන ජයග්‍රාහකයා සැමදාම නාමල්.
දිලිත්
සුපිරිම ප්‍රතිපත්ති ප්‍රකාශය කලෙ දිලිත්.
ප්‍රදාන ප්‍රතිපතත්ති ප්‍රකාශ 3ක් දැම්මානේ. එකෙන් බලපැමක් උනාද?
උබලා අපි වගේ පන්තියේ අයට ඕවා වැදගත් උනාට, බහුතර මිනිස්සුන්ට ඔය කොලේට වඩා කටින් කියන දේ තමයි අහන්නේ. ඔවා වල බලපැම සමසථයකට බලපාන්නේ නැ
ප්‍රතිපත්ති ප්‍රකාශන දැක්කාම,
අනුර ලිබරල් වෙලා


රනිල් තනි ජාතිකවාදියා වෙලා


එ පස්සෙන් සජියාත් වාම දේසපාලනේට නැබුරු වෙලා



කුල සාධකයේ බලපැම
අනුර හා රනිල් ගොවිගම කුලේ හා සජිත් හින්නි කුලේ විම ඡන්දයේ කුල බෙදිමට බලපාවි. අනුරට හා රනිල්ට ප්‍රධාන නිකාය වලින් රැල්ලක් හදාගන්න හා සජියාට කොචොක් කරන තැනට එන්න මේ කුලවාදය බලපානවා.
උතුරු සාධකය.
මම ඉස්සර ඉදන්ම කිව්වා උතුර කාගේහරි පැත්ත ගනි කියලා. උතුර වැඩේට පස්ස ගහන නිසා අජිත් ම පර්සනලි ඇවිත් පොඩ්ඩක් තරවටු කරලා තියනවා. ඒ අනුව ඉදිරි දවස් ටිකේ උතුරේ සහය දෙන කෙනා එලියට ඒවි.
සජියාට උතුර හම්බුනොත් ඌට වාසි. රනිල්ට උතුර හම්බුනොත් අනුරට වාසි.
දිනන්න ගනන් හදන හැටි.
දවස් 5කට කලින් වෙන නුලක කිව්වා වගේම,
දැනට මුන් දිනුම් කනුව පහත් කරන් ඉන්නෙ.
දැනට අනුර හා සජිත් දෙන්නාම 35% ප්‍රමාණ පැනලා වගේ පෙනවා. රනිල් 20% අතර ඉන්නේ. මුල් වටයේ ගැප් එකකින් එක උනාම ඇති කියන්න තමයි මුන් බලන් ඉන්නේ.
අඩු ප්‍රතිශත ගැටුමකදි, මේ රනිල් හා සජිත් එකම වෝට් බේස් එකකට මරාගෙන බෙදාගෙන දෙකට කඩාගන්නඑකේ ඇත්ත වාසිය යන්නේ අනුරට.
රනියා හා සජියා එක් උනානම් ඒ දෙන්නාගෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා සුවර් තක්කේයම. නමුත් දැන් එක්වෙන්න ඉඩක් නැනේ.
දිස්ත්‍රික්ක ගැටුම.
මේක ජාතික ඡන්දයක් උනත් දිස්ත්‍රික්ක ජයගැනිමේ සාධකය පුමුඛයි. දැන් ජනාධිපති අපෙක්ෂකයන් 3දෙනාම රටම 50% ගන්නවාට වඩා දිස්ත්‍රික්ක ටිකක් දිනාගන්න සටනක නිතර විමත් මේ ඡන්දය ඇලිමැලි වෙන්න බලපානවා.
ගම්පහ ,කොලඹ, කුරුනැගල, මහනුවර, කලුතර කියන්නේ ඡන්දයේ පංචමහා දිස්ත්‍රික්ක.
මේ වෙලාවේ පංචමහා දිස්ත්‍රික්ක වල මාජින් වඩාත් වැදගත් වෙන තව කරුනක්, උතුරේ හැසිරිම හරියට කියන්න බැරි විම නිසා. උතුර හොදාපාලු උනොත් එකේ අවාසිය මකාගන්න කාට වුනත් මේ 5 මාජින් ගහන එක වැදගත්.
හැබැයි කේස් එක කොලඹ, ගම්පහ දෙක 50% පන්නන කෙනෙක් දැනට නැ වගේ.
සජියා කොලඹ දිස්ත්‍රික්කයේ වෙරලබඩ හා පාරම්පරික ආසන ටිකත්, අනුර ඇතුලත් ආසන වලින් සැලකිය යුතු මාජින් වලින් දිනන පාටක් තියෙන්නේ.
කලුතර වැඩි බර අනුරට "දැනට". හැබැයි රාජිත, රත්තරන් වගේ කලුතර බිම්මට්ටමේ එවුන් රනිලාට එකතු වුනේ නැත්තම් සජිත් දින්නන තිබ්බා එකෙන්ම.
පංචමහා දිස්ත්‍රික්ක වල ඡන්ද වලින් අඩුම රනිල්ට හා රනිල් කුරුනැගල දිස්ත්‍රික්කයේ උපරිම කුජිත වෙන තත්ත්වයක් පෙන්නන්නේ.
දකුනු පලාත "දැනට" අනුර ඉදිරියෙන්. හැබැයි සජියා තව වැඩ කලොත් අනිවා දිස්ත්‍රික්ක 3න් එකක් හරි කඩා ගන්න එක නතින්.
නුවරඑලිය සජිත් හා රනිල් අතර තරගයෙන් සජිත් ඉදිරියෙන්.
ඌවේ JVP කොච්චර බලකනු හිටියත් NPP පිටිපස්සේ ඉන්නේ අනිත් අයට වඩා..
රත්නපුරේ අද සුදා දැම්ම දේට සමානයි. සමස්ත ප්‍රතිපලය දැනට සජිත් ඉදිරියෙන් චුට්ටක්. එතන ලක්ෂ 9ක ඡන්ද කුට්ටියක් අමතක කරන්නම බැ.
අද දවසේ තත්ත්වය හැටියට දෙවැනි වටේ ගනන් කරන්න වෙයි. පලමු වටේ ලිඩ් කරපු එකා දෙවැන්න අවසානයේත් දිනන අවස්තාව.
එහෙම උනෙත් 23 උදේ වෙනකං ගේම යනවා. දෙවැනි ඡන්දය ගනිනවා කියන්නේ ලේසි නැ. සැප සැප.
ඡන්දේ අහන එක මේ පාර මාරම ආතල් එකක් වෙනවා.කවුරුහරි මෙහෙම බැ, එලකිරි මිටිමක් සංවිදානය කරපල්ලා..මේක අහන්න එකට.
ආයි සතියෙන් සතිය ලියන්නේ නැ. 4 වෙනිදා තැපැල් ඡන්දේ. ඉතින් ඡන්ද ප්‍රකාශයත් නිලවශයෙන් පටන් ගත්ත නිසා තව ලියලා "දත්ත හුගක්" එක්ක සෙල්ලම් කරලා වැඩක් නැ.
ආ තැපැල් ඡන්දේ වැඩිබර මාලිමාවට වගේ.
උබලාට කැමති දේ එකතු කරන්න පුලුවන්. හැකිතක් සමබරව කතාව ලිව්වා. මට මාලිමාව කිව්වත් ටෙලිපෝන් කාරයා කිව්වත් කමක් නැ, හැබැයි ග්‍රවුන්ඩ් එක පෙන්නුවාම මට බැනලා වැඩක් නැ දිනන්න නම්.
මෙච්චර හෑල්ලක් කියව්වාට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා.