ගම්පහින් නවකයන්ට අවස්ථාව
( අම්ත් මධුරංග ) 2015-08-18 20:40:08
Comments - 0 Views - 92
0 0 0
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ කිහිපදෙනෙකු පරාජයට පත්වී නවකයන් පිරිසක් ජයග්‍රහණය කර තිබේ.
ෆීලික්ස් පෙරේරා, ලසන්ත අලගියවන්න, පණ්ඩු බණ්ඩාරනායක, උපේක්ෂා ස්වර්ණමාලි, සරත් කුමාර ගුණරත්න, රුවන් රණතුංග යන අයගේ මන්ත්‍රී ධුර අහිමි වී තිබේ.
ඒ වෙනුවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර, දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඉන්දික අනුරුද්ධ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිමල් ලාන්සා, සිසිර ජයකොඩි, උපුල් මහේන්ද්‍ර යන අය මනාප ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව වාර්තා වේ.
- See more at:
http://www.ada.lk/article/93719/ගම්පහින්-නවකයන්ට-අවස්ථාව#sthash.W0t3msU0.dpuf