ජංගම දුරකථනය සහ අපි

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ජංගම දුරකථනය සහ අපි

    ජංගම දුරකථනය සහ අපි
    source : an email
    මුලින්ම අපි බලමු කොහොමද මේ ජංගම දුරකථන දෙකක් අතර සම්බන්දතාවයක් ගොඩ නැගෙන්නේ කියලා..

    1.දුරකථන ඇමතුම ලබාගන්න පුද්ගලයා ඇමතුම ලබා ගැනීම ආරම්භ කරන විට ඔහුගේ ජංගම
    දුරකතනයේ ඇන්ටනාවෙන් සම්ප්*රේෂණය වන විද්*යුත්චුම්බක තරංග ක්ෂේත්*රය ලඟම පිහිටි base station එක විසින් ලබා ගන්නවා..

    2. දෙවනුව base station එක මගින් ග්*රහණය කරගත්ත සන්ඥාව switching center එක වෙත සම්ප්*රේෂණය කරනු ලබනවා..මෙම switching center මගින් ඇමතුම ලබාගන්නා සහ ග්*රාහකයා සහතික කර ගැනීම සිදු කරනු ලබනවා...

    3.මීළඟට සිද්ධවෙන්නේ switching center මගින් ඇමතුම ග්*රහණය කරගන්න පුද්ගලයා ඉන්න ප්*රදේශයේ ඔහුට ආසන්නම base station එක වෙත ලැබුනු සන්ඥාව සම්ප්*රේෂණය කරන එක..

    4.ඉන්පසු දෙවෙනියට සඳහන් කල base station එක මගින් ලබාගත් සන්ඥාවට අදාල විද්යුත් චුම්භක තරංග ග්*රාහකයාගේ ජංගම දුරකතනයේ ඇන්ටනාව මගින් ග්*රහණය කරගනු ලබනවා

    5.ග්*රාහකයා මගින් ලැබුන ඇමතුම ග්*රහණය කලවිට (answer) ,දෙදෙනා අතර සන්නිවේදන සම්බන්දතාවය ගොඩ නැගෙනවා..

    ඔයගොල්ලන්ට පහල තියෙන චයාරුපයෙන් වඩාත් හොඳට මේක තේරුම ගන්න පුළුවන් වෙයි..
    249489_189543277764790_100001273567132_531925_7985582_n.jpg



    අපි දැන් බලමු කොහොමද මේ ජංගම දුරකතනයක් මගින් විකිරණ ඇතිවෙන්නේ කියලා..

    ජංගම දුරකතනයේ ඇන්ටනාව මගින් සියලුම දිශාවලට විකිරණ නිකුත් කරනු ලබනවා..
    විකිරණ කියන්නෙත් ඉතින් ශක්තියනේ..මේ ශක්තියෙන් වැඩි ප්*රමාණයක් වාලුගොලයේදී නැත්තම් අවකාශයේදී නැතිවී යනවා..
    මෙම ශක්තියෙන් කොටසක් base station විසින් සන්නිවේදන කටයුතු වලට ලබා ගන්නවා..
    මේ ශක්තියෙන් තවත් කොටසක් පතිත වන්නේ මිනිස් සිරුර මත..එකෙනුත් වැඩි කොටසක් මිනිස් හිස මත..
    249879_189543041098147_100001273567132_531918_1764910_n.jpg



    දැන් බලමු ජංගම දුරකථන මගින් සම්ප්*රේෂණය වන විද්*යුත්චුම්බක තරංග විද්*යුත්චුම්බක වර්ණාවලියේ මොන වගේ තැනකද තියෙන්නේ කියලා..

    259909_189543391098112_100001273567132_531928_7827676_n.jpg


    මොකක්ද මේ SAR කියන්නේ ?

    SAR කියන්නේ Specific Absorption Rate කියන එකට කෙටියෙන්. මේකට කියන සිංහල වචනය නම් දැන් නැ..විශේෂ අවශෝෂණය කර ගැනීමේ සීග්*රතාවය වගේ තේරුමක් තමා තියෙන්නේ සරලව..The Federal Communications Commission ආයතනය මගින් මෙම SAR අගය සඳහා සම්මත ඉදිරිපත් කරලා තියෙනවා..ඔවුන්ගේ ජංගම දුරකථන ශක්ති සම්ප්*රේෂණ සඳහා සම්මතය වන්නේ 1.6 W/KG යන අගයයි..මෙම SAR අගය නොඉක්මවිය යුතු බව ඔවුන්ගේ සම්මතයයි..

    තව දෙයක් මේ SAR අගය අඩුවන තරමට අපේ සෞක්*ය තත්වයට හිතකරයි..


    දැන් එතකොට කොහොමද මේ අපි පාවිච්චි කරන ජංගම දුරකතනයේ ඔය SAR අගය හොයාගන්නේ ??

    මේ SAR අගය හොයාගන්න පුළුවන් ක්*රම තුනක් තියෙනවා..

    1.පලවෙනි එක තමා අපේ ජංගම දුරකතනයේ user manual එක භාවිතයෙන්..
    2.දෙවෙනි ක්*රමය තමා අපේ ජංගම දුරකථන වෙබ් අඩවියට ගිහින් අපේ දුරකතම මාදිලියට අදාල SAR අගය බලා ගන්න එක..ඔන්න මගේ ෆෝන් කට්ටට අදාල එක..ඔයාලගේ එකත් බලාගන්න

    246979_189543481098103_100001273567132_531934_6964700_n.jpg


    260479_189543097764808_100001273567132_531920_7986247_n.jpg

    3.අනිත් එක තමා FCC සයිට් එකට ගිහින් බලන එක..එතැනදී අහනවා ෆෝන් FCC id එක..මගේ ෆෝන් එකේ FCC id එක එක ෆෝන් එක ඇතුලේ ස්ටිකර් එකක ගහල තියෙනවා..ඔය ගොල්ලන්ගෙත් ඇති.. මේ තියෙන්නේ සයිට් එකේ ලිපිනය..

    http://transition.fcc.gov/oet/ea/fccid/

    251769_189543404431444_100001273567132_531929_7828998_n.jpg

    FCC id එක අවුල්නම් ඔය ඔතන help තියෙන එක ඔබලා බලන්නකෝ..මමත් මගේ ෆෝන් එකේ FCC id එක ගහලා බැලුවා හැබැයි එන රිසල්ට්ස් නම් තේරුම් ගන්න අමාරු උනා..

    මෙන්න අපි එදිනෙදා දකින ජංගම දුරකථන කිහිපයක SAR අගයන්
    248539_189543327764785_100001273567132_531927_3547400_n.jpg



    ජංගම දුරකථන භාවිතෙයෙන් සිදුවෙන උෂ්ණත්ව බලපෑම..

    පේනවනේ Y අක්ෂයෙන් පෙන්නේ අපේ හිසේ උෂ්ණත්වය ඉහල යාම, X
    අක්ෂයෙන් පෙන්නන්නේ ජංගම දුරකථනය කනේ තියා ගෙන කතා කරපු කාල සීමාව..
    248594_189542994431485_100001273567132_531917_4135761_n.jpg


    මේ චායාරුපෙන් පෙන්නේ විනාඩි 15 ක ඇමතුමක් ගන්නට පෙර උෂ්ණත්වය

    247944_189543191098132_100001273567132_531923_7228042_n.jpg

    මේ චායාරුපෙන් පෙන්නේ විනාඩි 15 ක ඇමතුමක් ගන්නට පසු උෂ්ණත්වය

    248344_189543137764804_100001273567132_531922_4664476_n.jpg



    ජංගම දුරකථන භාවිතයෙන් brain tumours ඇතිවිය හැකිද?

    249514_189543427764775_100001273567132_531930_4951016_n.jpg

    පහත රුපයෙන් දැක්වෙන්නේ වයස් සීමාවල් තුනක ඉන්න පුද්ගලයන් තුන දෙනෙකුගේ සිරුර හරහා විකිරණ විනිවිද යාමේ හැකියාව..
    247299_189543454431439_100001273567132_531932_4395701_n.jpg



    මෙන්න මේකයි ඇත්තටම සිද්ද වෙන්නේ..විකිරණ අපේ හිස මත පතිත උනාම අපේ හිස කබල හරහා විනිවිද යනවා..ඉස්සරලා පෙන්නපු රුපෙන් දැක්වුණේ විකිරණ හිස කබල හරහා යාමේ හැකියාව මැනීමට කරපු පරීක්ෂණයක ප්*රතිපල..විකිරණ හිස කබල හරහා යාමේ හැකියාව වැඩිහිටි පුද්ගලයෙකුගේනම් 25 % ,අවුරුදු 10 ක ළමයෙකුගේනම් 50 % සහ අවුරුදු 5 ක ළමයෙකුගේනම් 75 % පමණ කියලා මේ පරීක්ෂණයෙන් සනාත වෙලා තියෙනවා..වයස අඩුවෙන තරමට විකිරණ හිස් කබල හරහා යාමේ හැකියාව වැඩි..මේකට හේතුව තමා අඩුවයස් කට්ටියගේ හිස් කබල තුනී වීමත් වැඩිහිටියන්ට සාපේක්ෂව පොඩි ළමයින්ගේ මොලයේ ද්*රව වැඩි වීමත්..ඉතින් කුඩා ළමයින්ගේ මොලය හරහා පහසුවෙන් විනිවිද යන රේඩියෝ තරංග පිළිකා අතිවීමේ හැකියාව වැඩි කරනවා..

    ජංගම දුරකතනවල විකිරණ වල බලපෑම ...

    අධික විඩාව
    254279_189543464431438_100001273567132_531933_68522_n.jpg


    හිසරදය
    249609_189543447764773_100001273567132_531931_3638857_n.jpg


    නිදා ගැනීමේ අපහසුතා
    251379_189543301098121_100001273567132_531926_1441819_n.jpg


    මතකය දුර්වල වීම
    246824_189543111098140_100001273567132_531921_7628409_n.jpg


    අස්ථි සම්බන්ධ වේදනා
    249504_189542894431495_100001273567132_531915_6013028_n.jpg



    ඔබත් ජංගම දුරකථන භාවිතයේදී පහත ඒවා පිළිබඳව සැලකිලිමත්වන්න..

    1.හැකි සෑමවිටම handsfree set එකක් භාවිතා කරන්න..

    ඔබේ ශරීරයෙන් ෆෝන් එක ඇතින් තියෙන තරමට ඔබ විකිරණ වලට නිරාවරණය වී ඇති ප්*රමාණය අඩුවේ. handsfree set භාවිතයෙන් මෙය ඉටුවේ..
    247189_189543061098145_100001273567132_531919_3110800_n.jpg


    2.ජංගම දුරකථනය මදක් පහලින් අල්ල ගන්න

    ඔබගේ ඇතින් ෆෝන් එකේ වැඩි කොටසක් ඇතින් වසා ගැනීමෙන් සිදුවන්නේ signals යැවීමේ සහ ලබා ගැනීමේ හැකියාවට බාධාකිරීමක් ..එවිට ෆෝන් එක මගින් ශක්තියෙන් අධික signals නිකුත් කිරීමට පටන් ගනියි..හැකිතරම පහතින් අල්ලාගැනීම මගින් අඩු විකිරණ ශක්තියකින් දුරකථන සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට හැකිවෙනවා..
    254594_189543217764796_100001273567132_531924_6147323_n.jpg


    3.signals වැඩියෙන් තියෙන ආකාරයේ ස්ථානයක සිට ඇමතුම් ලබාගන්න..

    අපිට පුළුවන්නේ ඩිස්ප්ලේ එකෙන් signals stength එක බලාගන්න..signals stength එක වැඩිනම් විකිරණ ශක්තිය අඩුවේ..signals stength එක අඩුනම් ෆෝන් එක මගින් උපරිම ශක්තිය සහ විකිරණ භාවිතා කරයි..
    254849_189542931098158_100001273567132_531916_7850505_n.jpg


    4.ජංගම දුරකතනයේ දිගු වෙලාවක් ඇලී ගැලී ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න.

    එසේ ඇමතුම් ලබාගැනීමට අවශ්*ය නම් ස්ථාවර දුරකතනයක් භාවිතා කරන්න

    5.රිය පදවනකොට භාවිතා කිරීමෙන් වළකින්න.

    6.රෝහල්,ගුවන්යානා අසල වැනි විද්යුත් ආම්පන්න බහුල තැන්වල භාවිතා කිරීමෙන් වළකින්න.

    7.කුඩා ළමයින්ට දිගු කාලයක් කතා කිරීමට දීමෙන් වළකින්න..​

    --
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    ස්තුති මචන්
    ගොඩක් වැදගත් පොස්ට් එකක්..
    රේප් +6

    ..................................................​