ජනපති සුබ නොපැතීමෙන් රටට සිදු වූ ඉතිරිය රŢ
ජනපති සුබ නොපැතීමෙන් රටට සිදු වූ ඉතිරිය රු. කෝටි 22 යි.
සිවු වසරක් තිස්සේ හිටපු ජනපති සිරිසේනගේ අවුරුදු සුබ පැතුමට දෙස් දෙවොල් දිදී උන් හුදී ජනයාගෙන් සමහරක් මෙවර නව ජනපති ගෝඨාභයගේ සුබ පැතුම එන තුරු මග බලා සිටියහ. ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් කරමින්, මගේ උපදෙස් පරිදි ජනපති විසින් සුබ පැතූ කෙටි පණිවිඩය නො-එවීම නිසා රටට සිදුවුන සෘජු ලාබය (ඉතුරුව) රු. කෝටි 22කි, ඒ මෙසේය.
- කෙටි පණිවිඩය ගණ පිහිටුවා සෑදීම, යවන නැකත සෑදීම වැනි පූර්ව ක්‍රියා සඳහා රු. මිලියන 3 යි.
- එක් කෙටි පණිවිඩයටකට ශත 80 බැගින් දනට ජාලගත පාරිභෝගිකයින් මිලියන 28 (TRC දත්ත) කට පණිවිඩ යැවීමට වැයවන මුදල (28*0.8), රු. මිලියන 22.4 යි
- කෙනෙක් ජනපතිගෙන් කෙටි පණිවිඩය ලද පසු එහි ගුණ දොස් විචාරමින් අඩුම තරමේ විනාඩි 5ක්වත් වැය කරන අතර සමස්ථ ජනයාගෙන් මිලියන 4ක් පමණ මෙසේ කෙටි පණිවිඩය කියවයි. ඒ අනුව අහිමි වන මිනිස් පැය ලක්ෂ පහේ වටිනාකම ( මි. 4*(5/60) *රු200) රු. මිලියන 67කි
- ඒ අතරින් උග්‍ර ගෝඨා විරෝධී ~3%ක් පමණ, එනම් 120,000ක් දෙනා, "අයියෝ මේ අළුත් අවුරුද්දෙ මේ යකා සුභ පතල, මගෙ අවුරුද්දම ඉවරයි." යනුවෙන් බෑඟිරි තලමින් දුරකථන පොළොවේ ගැසීම නිසා වන හානි පිළිසකර කිරීමට යන වියදම (120,000* 1,000) රු. මිලියන 120 කි
- වාහන පදවමින් මැසේජ් බලන උග්‍ර ගෝඨා හිතවාදීන් පනීවිඩය දැකීමෙන් " අඩේ අපේ ස' මටත් විශ් කරල ඩෝ" යැයි පවසමින් දුරකථනය සිපගනිද්දී සිදුවන වාහන අනතුරු වලින් වන හානිය (4,000*14,000) රු. මිලියන 56 කි
- පණිවිඩය ලබන මද උග්‍ර ගෝඨා හිතවාදී පිරිස (15%ක් දෙනා) "අවුරුදු හතරකට පස්සෙ වාසනාවන්ත මැසේජ් එකක් ලැබුණෙ. අද ඉඳල සුපිරියට වැඩ කරන්න ඕනෙ " යනුවෙන් උද්යෝගිමත්ව පැයක් පමණ වැඩ කිරීම (ඉන් පසු යථා තත්වයට පත් වේ) නිසා වැඩි වන ජාතික ආදායම (සෘණ වියදම) රු. මිලියන - 60 කි
- ලැබෙන කෙටි පණිවිඩයේ අක්ෂර වින්‍යාසය, දන්තජ තාලුජ මහප්‍රාණ ගැටළු නිසා කාර්යාල වල ඇතිවන බහින් බස් විම් සහ ගැටුම් වලදී සිදුවන අනතුරු නිසා වන හානිය රු. මිලියන 11.6 කි
මේ සියළු හානි වල එකතුව මිලියන 220 කි. එනම් මෙවර ජනපතිගේ කෙටි පණිවිඩය නොමැති නිසා සෘජුව රටට ඉතුරු වූ මුළු මුදල රු. කෝටි 22 කි. තවත් වක්‍ර ඉතුරුම් තිබේනම් කමෙන්ටු කරන්න.
- රුවන් විජේමාන්න