ජනපති සුබ නොපැතීමෙන් රටට සිදු වූ ඉතිරිය ර&#354

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ජනපති සුබ නොපැතීමෙන් රටට සිදු වූ ඉතිරිය ර&#354

    ජනපති සුබ නොපැතීමෙන් රටට සිදු වූ ඉතිරිය රු. කෝටි 22 යි.
    81960541_3073694529327351_1993825450614325248_o.jpg

    සිවු වසරක් තිස්සේ හිටපු ජනපති සිරිසේනගේ අවුරුදු සුබ පැතුමට දෙස් දෙවොල් දිදී උන් හුදී ජනයාගෙන් සමහරක් මෙවර නව ජනපති ගෝඨාභයගේ සුබ පැතුම එන තුරු මග බලා සිටියහ. ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් කරමින්, මගේ උපදෙස් පරිදි ජනපති විසින් සුබ පැතූ කෙටි පණිවිඩය නො-එවීම නිසා රටට සිදුවුන සෘජු ලාබය (ඉතුරුව) රු. කෝටි 22කි, ඒ මෙසේය.

    - කෙටි පණිවිඩය ගණ පිහිටුවා සෑදීම, යවන නැකත සෑදීම වැනි පූර්ව ක්‍රියා සඳහා රු. මිලියන 3 යි.

    - එක් කෙටි පණිවිඩයටකට ශත 80 බැගින් දනට ජාලගත පාරිභෝගිකයින් මිලියන 28 (TRC දත්ත) කට පණිවිඩ යැවීමට වැයවන මුදල (28*0.8), රු. මිලියන 22.4 යි

    - කෙනෙක් ජනපතිගෙන් කෙටි පණිවිඩය ලද පසු එහි ගුණ දොස් විචාරමින් අඩුම තරමේ විනාඩි 5ක්වත් වැය කරන අතර සමස්ථ ජනයාගෙන් මිලියන 4ක් පමණ මෙසේ කෙටි පණිවිඩය කියවයි. ඒ අනුව අහිමි වන මිනිස් පැය ලක්ෂ පහේ වටිනාකම ( මි. 4*(5/60) *රු200) රු. මිලියන 67කි

    - ඒ අතරින් උග්‍ර ගෝඨා විරෝධී ~3%ක් පමණ, එනම් 120,000ක් දෙනා, "අයියෝ මේ අළුත් අවුරුද්දෙ මේ යකා සුභ පතල, මගෙ අවුරුද්දම ඉවරයි." යනුවෙන් බෑඟිරි තලමින් දුරකථන පොළොවේ ගැසීම නිසා වන හානි පිළිසකර කිරීමට යන වියදම (120,000* 1,000) රු. මිලියන 120 කි

    - වාහන පදවමින් මැසේජ් බලන උග්‍ර ගෝඨා හිතවාදීන් පනීවිඩය දැකීමෙන් " අඩේ අපේ ස' මටත් විශ් කරල ඩෝ" යැයි පවසමින් දුරකථනය සිපගනිද්දී සිදුවන වාහන අනතුරු වලින් වන හානිය (4,000*14,000) රු. මිලියන 56 කි

    - පණිවිඩය ලබන මද උග්‍ර ගෝඨා හිතවාදී පිරිස (15%ක් දෙනා) "අවුරුදු හතරකට පස්සෙ වාසනාවන්ත මැසේජ් එකක් ලැබුණෙ. අද ඉඳල සුපිරියට වැඩ කරන්න ඕනෙ " යනුවෙන් උද්‍යෝගිමත්ව පැයක් පමණ වැඩ කිරීම (ඉන් පසු යථා තත්වයට පත් වේ) නිසා වැඩි වන ජාතික ආදායම (සෘණ වියදම) රු. මිලියන - 60 කි

    - ලැබෙන කෙටි පණිවිඩයේ අක්ෂර වින්‍යාසය, දන්තජ තාලුජ මහප්‍රාණ ගැටළු නිසා කාර්‍යාල වල ඇතිවන බහින් බස් විම් සහ ගැටුම් වලදී සිදුවන අනතුරු නිසා වන හානිය රු. මිලියන 11.6 කි

    මේ සියළු හානි වල එකතුව මිලියන 220 කි. එනම් මෙවර ජනපතිගේ කෙටි පණිවිඩය නොමැති නිසා සෘජුව රටට ඉතුරු වූ මුළු මුදල රු. කෝටි 22 කි. තවත් වක්‍ර ඉතුරුම් තිබේනම් කමෙන්ටු කරන්න.

    - රුවන් විජේමාන්න
     

    Tomcat Kolla

    Member
    Mar 18, 2019
    149
    21
    0
    ඝෝටාභය ජනපති තුමනි, ලෝකේ වැඩියෙන්ම පුද්ගල නිදහස අගයන රටක පුරවැසියෙක් විදියට කාලයක් ජීවත් උන, තොරතුරු තාක්ෂනය ගැන අධ්‍යාපනයක් සහ වුර්තිම පළපුරුද්දක් තියෙන කෙනෙක් විදියට....., මේ රටේ හිටිය ගෝත්‍රික ජනාධිපතිලා දශක ගණනක් තිස්සේ කරගෙන එන පොදු පණිවිඩයක් තනි තනිව SPAM SMS විදියට අවුරුද්දකට දෙපාරක් මිනිස්සුන්ට යවන එක හැකිනම් නවත්තල තමන්ගේ සමාජ ජාල පිටුවේ ඒ සුභ පැතුම පලකරන්න, නැත්නම් ඒ හරක් ගේ ගොඩටම එකතු වෙන්න.
    Nalaka Gamage
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ow api janadipathi kenek path karanne awuruddata sms genna ganna neweine,, Oka JAN 1st uth ewanwa,, aye April 14th ewanwa,,, awuruddata wiyadam dekak,, wikara weda,,