අභ්‍යන්තර අර්බුදයේ සංකීර්ණත්වය හේතුකොටගෙන පසුගිය බ්‍රහස්පතින්දාවට යෙදී තිබුණු එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය පැවැත්වීමට නොහැකි විය. ඒ අනුව එ.ජා.ප.යට සිය සංවත්සරය මගහැරෙන්නේ ඉතිහාසයේ පළමුවතාවට වන අතර මීට පෙර ඔවුන් විපක්ෂයේ සිටියදී පවා වසරක් පාසා ම සිය පක්ෂ සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ බව ද අමතක කළ නොහැකි ය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ, පසුගිය සතිය අවසන් වන විටත්, ජනාධිපතිවරණ පිටිය තුළ ‘තනි අශ්වයා’ වූ අතර ‘නීතීඥවරුන්ගේ සංගමයේ’ සිට ‘පෙරපාසල් ගුරුවරියන්ගේ සංගමය’ දක්වා වූ ‘සංගම’ ගණනාවක් විසින් පවත්වන ලද සමුළු කිහිපයක් ම ආමන්ත්‍රණය කළේ ය.