ස්ටුඩන්ට් වීසා අරන් ජපන් ගියොත් ඕනෑතරම් හම්බ කරන්න පුළුවන්!"
"මගේ අහවල් යාළුවා ජපන් ගිහින් මාස 3යි, ඉගෙන ගන්න ගමන් වැඩ කරලා ලක්ෂ 4 ක් හොයනවා ලොන් එකට ලක්ශයකුයි ගෙදර වියදමට ලක්ශයකුයි හැම මාසේම දානවා"
"ජපන් ගිහින් හම්බ කරන්න බෑ කියනේ ගිය උන්, වෙන උන් එනවාට ඊර්සීයාවට"
"ඊ ලඟ අවුරුද්දේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කලා, ගේ උකස් තියලා ලක්ෂ 18 ගන්න ඉන්නේ, මට මාසෙට 75,000 ගාණේ ලංකවට දාන්න පුළුවන් වෙයි නේද පාර්ට් ටයිම් කරලා?"
මේ පහුගිය කාලයේ රීපිට්ලී මගෙන් ඇහුව කතා...අඩුම දවසකට එක මැසෙජ් එකක්වත් ඔය ගැන අහලා මාගේ ඉන්බොක්ස් එකට එනවා!
ටෙක්නකලි ස්ටුඩන්ට් වීසා එකට වැඩ කරන්න තහනම්, හැබැයි ඉගෙන ගන්න කටයුත්තට බාධාවක් නොවන සීමාවක් තුළ වැඩ කරන්න අවසරය Part time work permit එකට ඇප්ලයි කරලා ලබා ගන්න පුළුවන්.
හැම ස්ටුඩන්ට් කෙන්ව්ක්ටම එක්කො එයාර්පොර්ට් එකෙන් ඇතුල් වෙද්දීම හෝ පසුව ඉමිග්‍රෙශන් කාර්යාලයකින් හෝ මේ අවසරය පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්.
මේ පර්මීට් එකට ජපන් වලින් 資格外活動許可 කියලත් ඉංග්‍රීසියෙන් permission to engage in activity other than thatpermitted Under the Status of residence previously granted හඳුන්නවා. සරළව කියුවොත් වීසා එකෙන් අවසර ලැබී තියෙන ක්‍රියාකාරකම් වලින් පරිභාහිර ක්‍රියාකාරකම් වල යෙදීම සඳහා ලබා ගන්නා අවසරය.
පාර්ට් ටයිම් වර්කීන් පර්මීට් යටතේ අනුගමනය කල යුතු කරුණු 4ක් දක්වලා තියෙනවා.
1.වීසා එක ලැබී ඇති ක්‍රියාකාරකම් වලට බාධා නොවිය යුතුයි.ස්ටුඩන්ට් කෙන්ව්ක් නම් ඉගෙන ගැනීමේ කටයුත්තට බාධාවක් නොවන සීමාවේ..
2.වීසා එකට අදාල ක්‍රියාකාරකම් එනම් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඉගනීමේ කටයුත්ත අඛණ්ඩව කරගෙන අදාළ වීසා එක පවත්වාගෙන යා යුතුයි.
3.පාර්ට් ටයිම් වර්කීන් පර්මීට් එක Manual labour ලෙස නොගත යුතුයි.
4.වැඩිහිටි පමණක් සීමා වු විනෝදාංශ සපයන ආයතන වල සෘජුව හෝ වක්‍රාකාරව රැකියා නොකල යුතුයි.
තව දුරටත් පාර්ට් ටයිම් වර්කීන් පර්මීට් එක යටතේ වැඩ කරන්න පුළුවන් කාලසීමාව නියාමනය කරලා තියෙනවා.
ස්ටුඩන්ට් වීසා නම්,
සතියකට පැය 28 ඇතුළත සහ අධ්‍යපන ආයතනයේ දිර්ඝ නිවාඩු කාල වල දවසකට පැය 8 ඇතුලත.
ඩිපෙන්ඩින් වීසා සහ 特定活動(Designated Activities- ජොබ් හන්ටින් කරන අය වෙනුවෙන් ලැබෙන වීසා එක)
සතියකට පැය 28 ඇතුලත
වැඩ කරන්න අවසර ලැබෙනවා.
බොහො දෙනෙක් අහන දෙයක් තමයි රැකියා 2 ක් පැය 28 ඉක්මවලා කරලා වෙන වෙනම බැංකු පොත් වලට හරි අතට සල්ලි ගත්තොත් ප්‍රශ්ණයක් නැද්ද කියලා? මේ ගැන කියන්න තියෙන්නේ වැඩිපුර වැඩ කරන එක හරියට හෙල්මට් නැතිව බයික් එකක් පදිනවා වාගේ වැඩක්. පොලිස් කාරයෙකුට අහු නොවනතාක් ගමන යන්න පුළුවන්.
ජපානේ ඉන්න හැම විදේශිකයෙක්ම අදහස තමයි ස්ටුඩන්ට්ලා හරියට ඉගෙන ගන්න වැඩ කටයුතු ටික කරනවානම්, වැඩිපුර වැඩ කරන එක පස්සෙ ඉමිග්‍රේශන් එලවන එක වැරැදියි කියලා..මොකද ජපන් සමාජේ වුනත් අම්මලා තාත්තලාගෙන් සල්ලි ඉල්ලන් ඩිග්රියක් ගන්නවාට වඩා තමන්ම මහන්සි වෙලා වැඩ කරලා ටියුශන් ෆ්‍රී ගෙවාගෙන ඩිග්රියක් ගන්න එක ලොකු දෙයක් විදිහට සලකන්නේ..මාත් කාලයක් හිටියේ ඒ මතේ..එක්තරා අවස්ථාවක මම මේ මතය ඉදිරිපත් කලා. හැබැයි ඒ වෙලේ අදාල අංශ ගැන වගකිවයුත්තෙක් මට කට උත්තර නැති වෙන්න උත්තරය දුන්නා.
ඉමිග්‍රේශන් වීසා අලුත් කරද්දී පාස් වෙලා තියෙන JLPT ලෙවල් එක අහනවා.ඔහු මට අන්තිම අවුරුද්දු 3 ක අවුරුද්දු 2 ගාණේ ලැංවේජ් ස්කුල් ගිහින් එන්2 හෝ එන්1 පාස් වුණ ලංකාවේ ස්ටුඩන්ට්ලා(ලැංවේජ් ස්කුල් එකක ඉන්න කාලසීමාව තුළ) ගණන පෙන්නලා, හරියට ඉගෙන ගන්නවා කියන්නේ මේකද කියලා ඇහුව්වා.
ඒක නිසා, සතියට දවස් 5 ගාණෙ අවුරුද්දු 2 ක් ඉස්කොලේ ගිහින් සාතිශය බහුතරයකට එන්1 පාස් කර ගන්න බැරි හේතුව විදිහට වගකිවයුත්තො පාර්ට් ටයිම් වැඩ කියලා කල්පනා කරන විත්තියත්,මේ තත්වය දිගටම ගියොත් ඉස්සරහට තව තවත් නීතී තද වෙන්න තියෙන ඉඩ වැඩියි කියන හිතට අරන් තමන් වෙනුවෙනුත්,අනාගතයේ එන්න ඉන්න අය වෙනුවෙන්ත් මහන්සි වෙලා ඉගෙන ගන්න එක දැන් ස්ටුඩන්ට් ඇවිත් ඉන්න අයගේ වගකීමක්