ජපන් යන්න උදව්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ජපන් යන්න උදව්

    අපේ එකෙක්ට ‍ජපන් යන්න තද වෙලා
    ඌට ජපානේ ගිහින් ඉගෙන ගන්න ඕනිලු..
    මචං ඒ ගැන විස්තර දැන ගන්නේ කොහොමද බන්
    ඒව සම්බන්ධ ලංකාවේ තියෙන ආයතන මොනවද

    පොඩ්ඩක් උඹලා දන්න විස්තර කියපන්
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අපේ එකෙක්ට ‍ජපන් යන්න තද වෙලා
    ඌට ජපානේ ගිහින් ඉගෙන ගන්න ඕනිලු..
    මචං ඒ ගැන විස්තර දැන ගන්නේ කොහොමද බන්
    ඒව සම්බන්ධ ලංකාවේ තියෙන ආයතන මොනවද

    පොඩ්ඩක් උඹලා දන්න විස්තර කියපන්

    Godak than thiyanawa bro...me welawe mathak wenne na...ahe inna knk kiyai
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ස්පුට්නික් එකට යමන්. උන් ඉඩකඩම් හිටං ලියාගන්නවා හැබැයි. මොකද යන උන් යන්නේ ඉගෙනගන්න කියලා. පස්සෙ දවසට කොලයක් දෙකක් අතගෑවෙනකොට ඉගෙනගන්න එක අතෑරලා පැනලා වෙන වැඩ.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    hodata hoyala balanna. godak agency wala ewn hora wada karanawa.
    lagadi set ekak gihin course fee eka gewala naa agency eken , japan giyata passe course fee eka illala thibuna uni eken , agency ewnta katha kalama un wena eawa tikak kiyawala aga beragena. eaka nisa hodata hoyala balala agency ekak thoraganna. Japan study giyapu kenekgen ahann hoda agency ekak gana. japan giyama part time job hoyaganna udaw karana agency ekak hoyaganna.
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ජපන් කියන්නෙ හරිම සුන්දර රටක් වුනාට ජපානෙ ජීවත් වෙන එක සුන්දර නෑ....ජපන් භාශාව දන්නෙ නැතුව එයාර්පෝට් එකෙන් එලියට විතරයි යන්න පුළුවන්....ඒක නිසා මුලින්ම ජපන් බාශාව ඉගෙන ගන්න..ඊට පස්සෙ එක්සෑම් එක කරන්න...ඊට පස්සෙ යන්න ප්ලෑන් කරන්න....ජපන් බාශාව නැතුව ජොබ් කරන්න බෑ එහේ,,,
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ස්ටුඩන්ට් වීසා අරන් ජපන් ගියොත් ඕනෑතරම් හම්බ කරන්න පුළුවන්!"

    "මගේ අහවල් යාළුවා ජපන් ගිහින් මාස 3යි, ඉගෙන ගන්න ගමන් වැඩ කරලා ලක්ෂ 4 ක් හොයනවා ලොන් එකට ලක්ශයකුයි ගෙදර වියදමට ලක්ශයකුයි හැම මාසේම දානවා"

    "ජපන් ගිහින් හම්බ කරන්න බෑ කියනේ ගිය උන්, වෙන උන් එනවාට ඊර්සීයාවට"

    "ඊ ලඟ අවුරුද්දේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කලා, ගේ උකස් තියලා ලක්ෂ 18 ගන්න ඉන්නේ, මට මාසෙට 75,000 ගාණේ ලංකවට දාන්න පුළුවන් වෙයි නේද පාර්ට් ටයිම් කරලා?"

    මේ පහුගිය කාලයේ රීපිට්ලී මගෙන් ඇහුව කතා...අඩුම දවසකට එක මැසෙජ් එකක්වත් ඔය ගැන අහලා මාගේ ඉන්බොක්ස් එකට එනවා!

    ටෙක්නකලි ස්ටුඩන්ට් වීසා එකට වැඩ කරන්න තහනම්, හැබැයි ඉගෙන ගන්න කටයුත්තට බාධාවක් නොවන සීමාවක් තුළ වැඩ කරන්න අවසරය Part time work permit එකට ඇප්ලයි කරලා ලබා ගන්න පුළුවන්.

    හැම ස්ටුඩන්ට් කෙන්ව්ක්ටම එක්කො එයාර්පොර්ට් එකෙන් ඇතුල් වෙද්දීම හෝ පසුව ඉමිග්‍රෙශන් කාර්‍යාලයකින් හෝ මේ අවසරය පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්.

    මේ පර්මීට් එකට ජපන් වලින් 資格外活動許可 කියලත් ඉංග්‍රීසියෙන් permission to engage in activity other than thatpermitted Under the Status of residence previously granted හඳුන්නවා. සරළව කියුවොත් වීසා එකෙන් අවසර ලැබී තියෙන ක්‍රියාකාරකම් වලින් පරිභාහිර ක්‍රියාකාරකම් වල යෙදීම සඳහා ලබා ගන්නා අවසරය.

    පාර්ට් ටයිම් වර්කීන් පර්මීට් යටතේ අනුගමනය කල යුතු කරුණු 4ක් දක්වලා තියෙනවා.

    1.වීසා එක ලැබී ඇති ක්‍රියාකාරකම් වලට බාධා නොවිය යුතුයි.ස්ටුඩන්ට් කෙන්ව්ක් නම් ඉගෙන ගැනීමේ කටයුත්තට බාධාවක් නොවන සීමාවේ..
    2.වීසා එකට අදාල ක්‍රියාකාරකම් එනම් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඉගනීමේ කටයුත්ත අඛණ්ඩව කරගෙන අදාළ වීසා එක පවත්වාගෙන යා යුතුයි.
    3.පාර්ට් ටයිම් වර්කීන් පර්මීට් එක Manual labour ලෙස නොගත යුතුයි.
    4.වැඩිහිටි පමණක් සීමා වු විනෝදාංශ සපයන ආයතන වල සෘජුව හෝ වක්‍රාකාරව රැකියා නොකල යුතුයි.

    තව දුරටත් පාර්ට් ටයිම් වර්කීන් පර්මීට් එක යටතේ වැඩ කරන්න පුළුවන් කාලසීමාව නියාමනය කරලා තියෙනවා.

    ස්ටුඩන්ට් වීසා නම්,
    සතියකට පැය 28 ඇතුළත සහ අධ්‍යපන ආයතනයේ දිර්ඝ නිවාඩු කාල වල දවසකට පැය 8 ඇතුලත.

    ඩිපෙන්ඩින් වීසා සහ 特定活動(Designated Activities- ජොබ් හන්ටින් කරන අය වෙනුවෙන් ලැබෙන වීසා එක)
    සතියකට පැය 28 ඇතුලත
    වැඩ කරන්න අවසර ලැබෙනවා.

    බොහො දෙනෙක් අහන දෙයක් තමයි රැකියා 2 ක් පැය 28 ඉක්මවලා කරලා වෙන වෙනම බැංකු පොත් වලට හරි අතට සල්ලි ගත්තොත් ප්‍රශ්ණයක් නැද්ද කියලා? මේ ගැන කියන්න තියෙන්නේ වැඩිපුර වැඩ කරන එක හරියට හෙල්මට් නැතිව බයික් එකක් පදිනවා වාගේ වැඩක්. පොලිස් කාරයෙකුට අහු නොවනතාක් ගමන යන්න පුළුවන්.

    ජපානේ ඉන්න හැම විදේශිකයෙක්ම අදහස තමයි ස්ටුඩන්ට්ලා හරියට ඉගෙන ගන්න වැඩ කටයුතු ටික කරනවානම්, වැඩිපුර වැඩ කරන එක පස්සෙ ඉමිග්‍රේශන් එලවන එක වැරැදියි කියලා..මොකද ජපන් සමාජේ වුනත් අම්මලා තාත්තලාගෙන් සල්ලි ඉල්ලන් ඩිග්‍රියක් ගන්නවාට වඩා තමන්ම මහන්සි වෙලා වැඩ කරලා ටියුශන් ෆ්‍රී ගෙවාගෙන ඩිග්‍රියක් ගන්න එක ලොකු දෙයක් විදිහට සලකන්නේ..මාත් කාලයක් හිටියේ ඒ මතේ..එක්තරා අවස්ථාවක මම මේ මතය ඉදිරිපත් කලා. හැබැයි ඒ වෙලේ අදාල අංශ ගැන වගකිවයුත්තෙක් මට කට උත්තර නැති වෙන්න උත්තරය දුන්නා.
    ඉමිග්‍රේශන් වීසා අලුත් කරද්දී පාස් වෙලා තියෙන JLPT ලෙවල් එක අහනවා.ඔහු මට අන්තිම අවුරුද්දු 3 ක අවුරුද්දු 2 ගාණේ ලැංවේජ් ස්කුල් ගිහින් එන්2 හෝ එන්1 පාස් වුණ ලංකාවේ ස්ටුඩන්ට්ලා(ලැංවේජ් ස්කුල් එකක ඉන්න කාලසීමාව තුළ) ගණන පෙන්නලා, හරියට ඉගෙන ගන්නවා කියන්නේ මේකද කියලා ඇහුව්වා.
    ඒක නිසා, සතියට දවස් 5 ගාණෙ අවුරුද්දු 2 ක් ඉස්කොලේ ගිහින් සාතිශය බහුතරයකට එන්1 පාස් කර ගන්න බැරි හේතුව විදිහට වගකිවයුත්තො පාර්ට් ටයිම් වැඩ කියලා කල්පනා කරන විත්තියත්,මේ තත්වය දිගටම ගියොත් ඉස්සරහට තව තවත් නීතී තද වෙන්න තියෙන ඉඩ වැඩියි කියන හිතට අරන් තමන් වෙනුවෙනුත්,අනාගතයේ එන්න ඉන්න අය වෙනුවෙන්ත් මහන්සි වෙලා ඉගෙන ගන්න එක දැන් ස්ටුඩන්ට් ඇවිත් ඉන්න අයගේ වගකීමක්
     
    • Like
    Reactions: Prime HD

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ජපානය කියන්නෙ ලංකාවෙ ගොඩක් දෙනෙක්ගෙ හීනයක් .සියයට අනුපහක්ම 95% යන්නේ සල්ලි හම්බකරන්න.
    ඒකෙ වැරැද්දක් නෑ. මොකද ලන්කාවෙ තියෙන part time jobs සංස්කෘතිය එක්ක ( ඇත්තටම ලන්කාවෙ part time සංස්කෘතියක් නෑ කිව්වොත් ඒක නිවැරැදි යි) කෙනෙක්ට ඉගෙනගන්න ගමන් හොඳ පඩියක් ගන්න අමාරුයි . සමාන්‍යයෙන් ගොඩක් රට වලට වඩා
    ජපානෙ හොදයි ඉගෙන ගන්න ගමන් job එකක් කරල කියක් හරි හොයා ගන්න
    ඒත් ජපානය කියන්නෙ සුරංගනා ලොකයක් කියලා හිතන් ඉන්න නංගිලා මල්ලිලාට කියන්න ඕන ලන්කාවෙ දි අම්මා බත් එක බෙදලා ලඟට ගෙනත් දුන්නට ජපානෙදි ඔයාලට හරියකට කන්නවත් හම්බවෙයිද කියලා කියන්න පුලුවන් වෙන්නේ ඔයාලා මහන්සි වෙන තරමට තමයි .
    ඒත් එහෙම කියලා ජපානෙට එන හීනෙ අතාරින්න එපා.ජපන්නු මහන්සි වෙලා වැඩ කරන නිසයි හපන්නු වෙලා තියෙන්නේ .ඔයාලා ටත් හරියට උත්සාහ කලොත් පුලුවන් ජපානෙදි ජීවිතය දිනන්න. ලංකාවෙ වගේ 7,8 ගුනයක් මහන්සි වෙන්න වෙනවා....!
    මේ ලිපිය කියවන අය අතරෙ ඉන්නවා ඇති ජපානෙට යන්න apply කරලා තමන්ගේ eligibility report එක එනකල් බලන් ඉන්න අය ,
    තව සමහරු apply කරනවද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඇති ,
    තවත් සමහරු මුලු process එකම ඉවර කරලා පියාඹන්න බලාගෙන ඇති .
    ජපානෙට එන එකේ process එක ඔයාලා සින්ගප්පුරුවට, මැලේසියාවට යනවා වගෙ ලේසි පහසු එකක් නෙවෙයි.ජපානෙ කියන්නෙ නිකන් ද ඉතින්.... මේ වැඩේට ඔයාලට මාස හයක් වගේ ඉවසල බලං ඉන්න වෙනවා . ජපානෙට යන්න තීරණය කලාට පස්සේ ටක් ගාලා තමං දැනට කරන ජොබ් එකෙන් අයින් වෙන්න වත් දැනට කරන වැඩ නවත්තන්න වත් එපා .ඕන කරන ලියකියවිලි හදාගන්න..ඔයාලා ඉදිරිපත් කරන්න ඕන ලියකියවිලි ඔක්කොම පැහැදිලිව ඔයාලා apply කරන තැනින් අහගන්න.
    ගොඩාක් ආයතන documents submit කරද්දි ගානක් අය කරගන්නවා.මොකද ඉතිං අපේ ලමයින්ගෙ උනන්දුව සෝඩා බෝතලේ ඇරිය වගෙනෙ. ඒ මිනිස්සු මහන්සි වෙලා documents ටික college එකට යැව්වට පස්සෙ මාස දෙක තුනකින් ලමයා කියයි අක්කා බඳිනවා,අයියා බඳිනවා,රස්සාවක් හම්බඋනා ,ඒ නිසා යන්න වෙන්නෙ නෑ කියලා. අර මිනිස්සුන්ගෙ මහන්සිය වතුරෙ යනවා. ඒ නිසා ඔයාලා ජපානේ යන්න තීරණය කරනවනම් ඒ ගැන දෙතුන් පාරක් නෙමේ හතර පස් පාරක් හොඳට හිතලා ගෙදර අය එක්ක කතා කරලා තීරණය කරන්න.ඊට පස්සෙ documents ටික හදාගන්න.. මේ වැඩේ තමයි වැදගත්ම.. මෙතෙන්දි ඔයාලා සැලකිල්ලට ගන්න ඕන කරුණු කීපයක්ම තියෙනවා..
    අංක එක තමයි ඔයාලගෙ sponsor letter එක. එක ඔයාලා පිට කෙනෙක්ට සල්ලි දීලා නම් හදවගන්නෙ ඒකෙ දින වකවානු දාන විදිය ගැන ගොඩාක් සැලකිල්ලට ගන්න.මොකද ඔයාලට visa එක එනකල් එක expire නොවී තියෙන එක වැදගත්.හොඳම විදිය තමයි ඔයාලා apply කරන කෙනාගෙන් පැහැදිලිව අහගන්න කොහොමද දවස දාන්න ඕන කියලා .මොකද ඒක දවස පැනල තිබ්බොත් ඔයාලට ආයෙත් ගානක් දීලා තමයි ඒක දික් කරගන්න සිද්ධවෙන්නෙ..douments submit කලාට පස්සෙ ඔයාලට පුලුවන් කරපු රැකියාව දිගටම කරන්න ඔයාලගෙ eligibility report එක එනකම් .. ER එක ආවා කියන්නෙ ඉතින් visa එක තමයි .හැබැයි ඔයාලා documents submit කරන එකයි ER එක එන එකයි අතරෙ තව දෙයක් තියෙනවා .ඒ තමයි ඔයාලගෙ skype interview එක. ඒක ගොඩාක් වෙලාවට කරන්නෙ ජපන් භාෂාවෙන්..ඒත් ඉතින් ඕක fail වෙන්නෙ නම් නෑ කට්ටිය. මොකද අහන්නෙ ගොඩාක් සරල දේවල්....
    එත් ජපානෙට එන්න කලින් ...N5 Level එකවත් පාස්වෙලා එන්න...හරි නම් පැය 200 වත් ඉගෙන ගෙන එන්න ඔනෙ අඩූම 120 ක්වත්
    එවගෙම එන ආයතනයේන් ...
    කලින් ගිය ලමයින්ගෙන් තත්වය අසා දැනගන්න...
    ලංකාවෙ ජපානයේ දෙකෙහිම ලියාපදින්චි ආයතනයක් ද කියල බලන්න..
    ජපානයෙ එජන්ත වරයාත් ජපානෙට ඇවිත් කොච්චර කල්ද, දැන් මොනව කරන කෙනෙක්ද කියල බලන්න....
    මුදල් බාරදිමෙදි රිසිට් පත් ඉල්ලා ගන්න... ගිවිසුමක් අත්සන් කරන්න
    Company Account ආයතන ගිනුමකට මුදල් දාන්න..
    පාසලට ගෙවන මුදල් අවුරුදු 1 කටද මාස6 කටද කියලා බලන්න...
    උපුටා ගත් කරුනුද ...සණ්කරනය කරනලදි
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තමන්ටම කියලා ජපානෙ නෑදෑයෙක් හෝ හිතවතෙක් නෑතිනම්/ ජපන් භාශාවත් බෑරිනම් (JLPT/NAT N3 නෑත්තම් )/ උබලා ල0කාවේ මද්යම හෝ දිලිදු පන්තියේ නම් / කිසිම හෙතුවක් නිසාවත් කවුරු කිව්වත් ඉගෙනගන්න සල්ලි ගෙවලා ජපන්නම් යන්න එපා මචන්..:no::no::no:මෙහෙ ඉන්න බිස්නස් කාරයින්ට රෑවටෙන්න එපා:no:මෙහෙ ඉන්න එජන්සී කාරයින්ට හෙන ගහනවා මේ කොල්ලන්ට දෙන දුක් වලට.. :angry::angry::angry: ඒජන්සිකාරයින්ට කොල්ලො ජපන් යෑවුවම ලෑබෙන profit එක ගොඩක් වෑඩියි.එ නිසා ජපන් බස බෑරි උන්වත් යවනවා..ගියොත් දහදුක් විදින්න වෙනව සත්තයි.(දහදුක් විදින්න කෑමතිනම් පල..:sorry: )ඉගනගන්න කියලා සල්ලි දීලා ජපානේ එලිමහන් සිරකරුවෙක් වෙන්න එපා.. ජපන් භාෂාව බෑරුව ගියොත් වෙන්නෙ අවුරුද්දක් යනකන්වත් ගෙදරින් සල්ලි ගෙන්නගන්න වෙනවා ජපානෙ ජීවත් වෙන්න..ජපානේ ගිහින් මුල ඉදන් ජපන් ඉගෙන ගන්න හිතන්න එපා..එතකොට පීඩනය වෑඩි නිසා හරියට පාඩම් කරගන්න බෑ. මම දන්න පොරක් එහෙ මාර කට්ටක් කනවා...එහෙ ඉන්න ලන්කාවේ උන් හරිම කුහකයි.. කිසිම උදව්වක් කරන්නෑ.. උදව්වක් කලොත් ඉතින් බොදිසත්වයෙක් තමා ..
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    උඹල දන්න හොඳ ජපන් භාෂා පන්තියක් කියපන්කො... කොළඹ අවටින්. N4 වගේ කරගන්න තිබ්බනම් ඇති.