ඔන්න රිප්ලයි කරනෝ...
ඉස්සෙල්ලම මෙන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න.
https://elakiri.com/threads/japan-work-visa.1944502/
මේකෙන් දල අදහසක් ගන්න පුළුවන් ජපානේ තියන Working වීසා ගැන.
දැන් ඔතනින් ඔයාට ජපන් යන්න ක්‍රම දෙකක් තියනවා, එකක් Training වීසා අනිත් එක SPECIFIED SKILLED WORKER වීසා එක. මේකේ දෙවෙනි එක වාසිදායකයි මොකද අවුරුදු 5කට වීසා වදිනවා, අර කොරියාවට දෙන එක වගේ. හැබැයි වැඩේ කියන්නේ තවම මේක ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. Training වීසා වලට තමයි දැනට බොහෝ තැන් වලින් යවන්නේ.
දැන් බලමු ඔය කියන විදියේ ගේමක් ගහන හැටි.
Training වීසා කියන්නේ Working visa එකක් නෙවෙයි. මේක දෙන්නේ ජපානෙට ඇවිත් යමක් ඉගෙනගෙන නැවත මව්රටට ගිහින් ඒ ඉගෙනගත්ත දෙයින් රස්සාව කරන්න ඉන්න අයට. මේකෙදි ඔයා ජපානෙට එන්නේ මොන වැඩේ කරන්නද, ඒක විතරයි කරන්න පුළුවන්. මේකේ කාලසීමාව ඉවර උනාම TECHNICAL INTERNSHIP කියන වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ජොබ් එක වෙනස් කරන්න අනම් මනම් බෑ. Trainee එකේදී ඉගෙනගත්ත දේට අදාලව රැකියා පළපුරුද්ද ගන්න තමයි මේ වීසා එක සකස් කරලා තියෙන්නේ. මේකේ කාලය ඉවර උනාම ජපානයෙන් පිටවෙන්න ඕන Training වීසා එන කෙනෙක් ගේ සාමාන්‍ය පඩිය කොල 18ක් විතර (ඒ කියන්නේ යෙන් 180,000, රුපියල් 330,000). මේ පඩිය මෙහෙම කිව්වට මේකෙන් ටැක්ස්, නවාතැන් (හැමවිටම නෙවෙයි, මොකද බොහෝ විට සමගම මගින් නවාතැන් පහසුකම් දෙනවා), අහාර පාන, ෆෝන් බිල, අනෙකුත් වියදම් අඩු කරන්න ඕන.
මෙතැනදී බලන්න ඕන ඔයා කීයක් වියදම් කරලද, කොපමණ කාලයක් මේ සඳහා ආයෝජනය කරලද ජපන් එන්නේ කියල. මොකද ඔයාට ඒ වියදම් කරපු මුදල් නැවත උපයගන්න එපැයි. ඔයාට පවුලක් ඉන්නවා නම් තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි, ඔයා ජපන් ඇවිත් ලංකාවට සල්ලි යැව්වම ඔයාලගේ පවුලේ වියදම සහ ජිවන තත්වය අන්න ඒ මුදල මත වෙනස් වෙනවා. උදාහරණයකට කිව්වොත්, ඔයා මාසෙකට ලක්ෂ එකහමාරක් ගෙදරට යැව්වොත්, ඇඳුම් පැළඳුම්, කෑමබීම, සියල්ලම ඒ මුදල මත වෙනස් වෙනවා. එතකොට ඔයා ජපන් එන්න කලින් හිතන "මාසෙකට ලක්ෂ දෙකක් තිබ්බොත් හොඳටම ඇති, ලක්ෂ එකහමාරක් ගේමක් නැතුව ඉතුරු කරන්න පුළුවන්" කියන එක කණපිට හැරෙනවා.
මෙහෙම training වීසා ඇවිත් හොඳට ඉන්න අය ඕන තරම් ඉන්නවා, සමහර අයට අදාළ අවුරුදු ගාන ඉවර උනාට පස්සේ, කොම්පැනියේ අයිතිකාරයා විසින් වෙනම වීසා හදවල පවුල් පිටින් ආපු අයත් ඉන්නවා. මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා ටිකක් දුෂ්කර පැත්තක මිදී වත්තක වැඩ කරන කෙනෙක්. එයා මුලින් training විදියට ඇවිත් හොඳට වැඩ කරලා, වීසා ඉවර උනාට පස්සේ, අයිතිකාරයා වෙනම මෙයාව ගෙන්නවල දැන් ඒ මිදී වත්තම තනියෙන් බලාගන්නේ එයා. පවුලත් එක්කරගෙන ඇවිත් ඉන්නේ. අයිතිකාරයා ගෙදරකුත් නිකන් දීල තියෙන්නේ. තවත් සමහරු ඉන්නවා, මෙහෙට ඇවිත් අර මම කලින් කිව්වා වගේ වියදම් කරපු ගානවත් ඉතුරු කරගන්න බැරුව අන්තිමට එක්කෝ හොරෙන් පැනල හෝ මොකුත් නැතුව ලංකාවට ගිහිපු අය. මේක තීරණය වෙන්නේ ඔයාගේ වාසනාව මත.