දැවැන්ත වාහන නිෂ්පාදන සන්නාමයක බිඳවැටීම ගැන ජාත්‍යන්තර පුවත් වාර්තා කර තිබේ. ඒ ශ්‍රී ලංකාවේද වැඩිදෙනෙකු දන්නා 'නිසාන්' මෝටර් රථ සමාගම ගැනයි. එය එක් කාලයක Fast and Furious චිත්‍රපටවල, කොන්සෝල් ක්‍රීඩාවල, සඟරාවල සහ සෙල්ලම් බඩු කට්ටලවල සෑම තැනකම තිබුණි. නමුත් දැන් නිසාන් සමාගම ජීවිත සහාය මත පවතී. සමාගම 2025න් ඔබ්බට නොපැවතිය හැකි බව පැවසෙයි.
මෙම කඩාවැටීමට හේතුවී ඇත්තේ නිසාන් මෝටර් රථ සමාගම දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටීමය. ජපානයේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන නිසාන් සමාගම ඉදිරි මාස දොළහක් තුළ බංකොලොත් වීමේ අවදානමක පසුවන බව වාර්තා වේ.
මෙම අර්බුදයට මුහුණ දීම සඳහා සමාගම සේවකයින් 9,000ක් දේශීය හා විදේශීය ශාඛාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, නිෂ්පාදන ධාරිතාව 25%කින් පමණ අඩු කිරීමටද පියවර ගෙන තිබේ. මේ අතර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මකොටෝ උචිදා මහතා තම වැටුපෙන් සියයට පනහක් අත්හැරීමට එකඟ වී ඇත.
නිසාන් සමාගමේ මෙම පසුබෑමට ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇත. සමාගමේ හිටපු සභාපති කාලෝස් ගෝන් මහතා මූල්‍ය වංචා චෝදනා මත 2018 දී අත්අඩංගුවට ගැනීමත් සමඟ සමාගමේ නායකත්වයේ අර්බුදයක් ඇති විය. මීට අමතරව විදුලි වාහන වෙළඳපොළේ දැඩි තරඟකාරිත්වය හමුවේ සමාගමේ වෙළඳපොළ කොටස සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.
පසුගිය වසර පහ තුළ සමාගමේ කොටස් මිල සියයට 47කින් පමණ පහත වැටී ඇති අතර, දශකයකට ආසන්න කාලයක් තුළ සමාගමේ වෙළඳපොළ වටිනාකමින් ඩොලර් බිලියන 30ක් අහිමි වී තිබේ. තවද, දිගු කලක් තිස්සේ සමාගමේ ප්‍රධාන ආයෝජකයකු වූ ප්‍රංශයේ රෙනෝ සමාගම සිය කොටස් විකිණීමට තීරණය කිරීම නිසාන් සමාගමේ අනාගතය තවදුරටත් අවිනිශ්චිත කර ඇත.
මෙම තත්ත්වය යටතේ නිසාන් සමාගම හොන්ඩා වැනි තවත් මෝටර් රථ සමාගම් සමඟ හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින් සිටී. කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ නව ආයෝජකයෙකු සොයා ගැනීමට නොහැකි වුවහොත් මෙම ඓතිහාසික මෝටර් රථ සමාගම වසා දැමීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ජාත්‍යන්තර මාධ්‍ය තුළ මෙම කඩාවැටීමේ ආරංචිය දැන් රහසක් නොවේ.
මෙය පවසන්නේ කවුද? නිසාන් හි ජ්‍යෙෂ්ඨ විධායකයින්මය. ඔවුන් පවසන්නේ සමාගමට මාස 12ක් හෝ 14ක් දක්වා පැවැත්විය හැකි බවයි. එතෙක් ප්‍රධාන ආයෝජකයෙකු සොයා ගත යුතුය. එසේ නොවුවහොත් නිසාන් බංකොලොත් විය හැකිය. ප්‍රධාන විධායක නිලධාරී ද දුෂ්කර කාලයක් ඉදිරියේ ඇති බව පිළිගෙන ඇත.
ප්‍රධාන විධායක නිලධාරියා තම වැටුපෙන් අඩක් අත්හැරීම හා තවත් වියදම් ඉතිරිකිරීම් වැඩ සියල්ලෙන් ඩොලර් බිලියන 2.6ක පිරිවැයක් ඉතිරි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය විශාල සංඛ්‍යාවක් වුවත් එය ප්‍රමාණවත් නොවනු ඇතැයිද කියැවේ.
https://asia.nikkei.com/Business/Au...issan-plans-executive-reshuffle-including-CFO
https://www.motor1.com/news/742467/nissan-12-to-14-months-left-to-survive/
