ජවිපෙ-පෙරටුගාමී ගැටුමෙන් ජ’පුර සරසවිය වසා දමයි

monson

Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113

    ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (11) රාත්‍රියේ හටගත් ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
    කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසුන් පිරිසක් සහ කලා පීඨයේ පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ සිසුන් පිරිසක් අතර පෙරේදා (11) සවස් කාලයේ ඇති වූ යම් මතගැටුමක් දුරදිග යෑමෙන් මේ ගැටුම හටගෙන ඇතැයි වාර්තා වේ.
    විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට තිබූ කලා උලෙළක් මුල් කරගෙන මේ මත ගැටුම හටගෙන ඇති අතර එම උලෙළ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මේ පහරදීම සිදු කර ඇතැයි වාර්තා වේ. සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය ඊයේ (12) තීරණය කළැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පත්මලාල් එම්. මානගේ මහතා ‘දිනමිණට’ ඊයේ (12) පැවසීය. ඒ අනුව සියලු සිසුන්ට ඊයේ (12) සවස 6 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව යන ලෙස දැනුම් දුන් බව ද හෙතෙම කීවේය. එම ගැටුම්කාරී තත්ත්වය දුරදිග යෑම වැළැක්වීමත් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් හේතුවෙන් පාලනාධිකාරිය මෙසේ විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ බවත් ලබන සතියේ සිසුන්ට ලබාදීමට නියමිතව තිබූ නිවාඩුව ඒ අනුව ඊයේ (12) සිට ලබා දුන් බවත් හෙතෙම පැවසුවේය.
    මේ තත්ත්වය සමනය වීමෙන් හා ජනාධිපතිවරණයෙන් පසුව නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කරන දිනය දැනුම් දෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

    - https://www.dinamina.lk/2024/09/13/breaking-news/124457/ජවිපෙ-පෙරටුගාමී-ගැටුමෙන්/

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,479
    113
    Gampaha
    පෙරටුගාමියෝ කියන්නේ රතු අලි රනිල්ගේ..ඕකුන්ව තියන්න වටින්නේ නෑ.. මර්ධනය කරන්න ඔනේ... ලංකාවේ කැම්පස් විනාශ කරන්නේ පෙරටුගාමියෝ.. ඒ සෙල්ලම් අනුර එක්ක බෑ...කැම්පස් එන්නේ ඉගෙනගන්න මිසක් වෙන ලබ්බවල් කරන්න නෙමේ..
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614

    අනේ තව කතාවක් කියන්නකෝ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113

    Rate wena okkoma kalabala NPP ekata harawanna hadanne. Owata minissu ahu wenne na dan :rolleyes:

    0A043571-609C-49FE-B102-AFE7D7C47F54.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,861
    113
    එකමත් එක රටක
    ඊලගට npp එක ඇතුලේ පරන සමාජිකයෝ , අලුතෙන් ආපු උන් වලි යනවා .

    පෙරටුගාමියෝ කියන්නේ රතු අලි රනිල්ගේ..ඕකුන්ව තියන්න වටින්නේ නෑ.. මර්ධනය කරන්න ඔනේ... ලංකාවේ කැම්පස් විනාශ කරන්නේ පෙරටුගාමියෝ.. ඒ සෙල්ලම් අනුර එක්ක බෑ...කැම්පස් එන්නේ ඉගෙනගන්න මිසක් වෙන ලබ්බවල් කරන්න නෙමේ..
    පෙරටුගාමී උන් තමයි බන් විජේවීර ගේ මතේ අරන් ඉස්සරහට යන සෙට් එක . උනුත් හිටපු ජෙප්පෝ තමයි .

    කැම්පස් එන්නේ වෙන ලබ්බවල් කරන්න නෙවෙයි කියලා ජෙප්පෝ 88 89 කාලේ දන්නේ නැද්ද ? :lol:
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඊලගට npp එක ඇතුලේ පරන සමාජිකයෝ , අලුතෙන් ආපු උන් වලි යනවා .

    පෙරටුගාමී උන් තමයි බන් විජේවීර ගේ මතේ අරන් ඉස්සරහට යන සෙට් එක . උනුත් හිටපු ජෙප්පෝ තමයි .

    කැම්පස් එන්නේ වෙන ලබ්බවල් කරන්න නෙවෙයි කියලා ජෙප්පෝ 88 89 කාලේ දන්නේ නැද්ද ? :lol:
    හා හා, 88 89 අමතක කරලා තියෙන්නේ අපි හැමෝම.. ගහනවා ඔයාට හරිද? හ්මම්ම්ම්ම්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,158
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට අරගලේ දෙවෙනි දවසෙන් විතර පස්සෙ හිටියෙ ජෙප්පො නෙවෙයි පෙ‍රැට්ටොද (ඊට පස්සෙ ඒක අස්සට රිංගපු එවුන් ගැන නම් කතා වැඩක් නෑ)
     
    • Like
    Reactions: War Fighter