ජ්‍යෝතිශ ෆැක්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    සොයන්නාට සම්බ වේ :yes: :yes:

    මේකට නම් මට තාම සාර්ථක උත්තරයක් ලැබිලා නෑ

    එකම රෝහලේ එකම වෙලාවේ ඉපදෙන දරුවන් දෙදෙනාටම තිබිය යුත්තේ එකම කේන්දරය වුවත් ඒ දෙදෙනාගේම දෛවය වෙනස් වෙන්නේ ඇයි?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජ්‍යෝතිශයෙ කියන්නෙ ග්‍රහයො අපිට බලපෑම් කරනව කියල නෙමේ ග්‍රහ පිහිටීම් වලිං අපේ ජීවිතේට වෙන බලපෑම් ගැන පෙරයීම් කරන්න පුලුවන් කියල.

    නමුත් ඒ පස් ගොඩවල් වල සංකීර්ණ චලිතය ඇසුරෙන් අනාගතේ කියන්න පුලුවන් ක්‍රමයක් මනස දියුණු කල අයට ගෝචර

    ගගක වතුර පාර දිහා බලල වැස්සද පෑව්වද කියන්න පුළුවන්..
    හැමදාම දකින, ගොඩවෙන, නාන ගගෙ වතුර මට්ටම ඇහැට හුරු කෙනෙකුට ඕව කියන එක අන්තිම සරල දේවල්.. ඒවා අනාවැකි නෙමෙයි... නමුත් ජෝතිශ්‍ය යෙදී කියන්නෙ අනාවකි...

    මෙන්න මේ උඹ කියල දේ තව පොඩ්ඩක් පැහැදිලි කරපන්...

    ආලෝක වර්ෂ ගානක් දුරින් තියෙන පස් ගොඩවල් ටිකක් දිහා බලල කොහොමද පෘථවියේ හිටන් ඉන්න මිනිස්සුන්ගේ අනාගතය ගැන පෙරයීම් කරන්නෙ, අනාවැකි කියන්නෙ කියල...

    ඔව් අනාවැකි නෙමේ ඒ උදාහරණෙ ගත්තෙ සෘජු නිරීක්ශණයක් නැතුව වෙනත් දේවල් නිරීක්ශණය කල්ල ඊට අදාල දේවල් කියන්න පුලුවන් කියන්න. ජ්‍යෝතිශයෙදි ආලෝක වර්ශ ගානක් ඈත තියෙන දේවල් සලකනව කියල නං අහලා නැත. තරු බලල කියන වෙනම ශාස්ත්‍රත් තිබිල තියෙනව ඒත් දැන් ලංකාවෙ තියෙන්නෙ ඒ ශාස්ත්‍රය නෙමේ. දැන් තියෙන එකේ තියෙන්නෙ ලඟ තියෙන ග්‍රහයො ටිකක් විතරයි.
    මනස දියුණු කලාම මණස දියුණු නොකල කෙනෙකුට ගෝචර නොවෙන දේවල් ගොඩක් ගෝචර වෙනව. දැන් අපිට තව කෙනෙක් හිතන දෙයක් කියන්න බෑනෙ. ගස් වැල් වුනත් ජීවීන් කියල සලකනව. ඒ වුනාට ඒව මැරුණට පස්සෙ ආයෙ උපතක් තියෙනවද නැද්ද කියල කියන්න බෑනෙ. මනස දියුණු කල කෙනාට සිත් ඇතිවීම කර්මය බලපෑම මේ සේරම දියුණු කල මනසට පේනව. අපි පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් නිරීක්ශණය කල්ල ගසුයි වැලුයි සත්තුයි මිනිස්සුයි ඔක්කොම පණ තියෙන එක සෙට් එකකට දැම්මට අපිට නොපෙනෙන හිත් ඇතිවීම සසර ගමන කර්මය වගේ දේවල් සත්තුන්ට මිනිස්සුන්ට විතරක් බලපාල ගස්වැල් වලට ඒ කිසිවක් බල නොපාන විදිහ දියුණු කල මනසක් තියෙන කෙනාට පේනව. ඒ වගේ තමා අවුරුදු සියගනං දහස් ගනං කල්ප ගනං අනාගතේ, අනාගතේ ඉපදෙන්න ඉන්න අය, ඒ අයගෙ ජීවිත වල මුහුණ දෙන අත්දැකිම් වගේ දේවල් අඩු වැඩි වශයෙන් මනස දියුණු කරපු අයට අපිට පුටුවක් මේසයක් පේනව වගේ දකින්න පුලුවන්. ඒ මිනිස්සු ලබන අත්දැකීම් ඒ අයගෙ උපන් වෙලාවල් එක්ක සම්බන්ධ කලාම එක රටාවක් එනව මනසට ගෝචර වෙනව. ඒ මනසට ගෝචර වුන ශාස්ත්‍රය තමා ඒව මනසට ගෝචර කරගන්න මනස දියුණු නොකරපු අයගේ යහපත තකා ග්‍රහ පිහිටීම් ගණනය කල්ල කියන්න පුලුවන් ක්‍රමයක් හැදුවෙ. :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකට නම් මට තාම සාර්ථක උත්තරයක් ලැබිලා නෑ

    එකම රෝහලේ එකම වෙලාවේ ඉපදෙන දරුවන් දෙදෙනාටම තිබිය යුත්තේ එකම කේන්දරය වුවත් ඒ දෙදෙනාගේම දෛවය වෙනස් වෙන්නේ ඇයි?

    පවුලේ අයගෙ කේන්දර වෙනස් නිසා :yes: :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජ්‍යෝතිශය කර්මය සංසාරය මේ හැම එකකම ඉතිහාසය බුදුදහමට වඩා දිගයි. මේ හැම එකක්ම ඒ කාලෙ මිනිස්සු දියුණු කල මනසින් අඩු වැඩි වශයෙන් දැකපුව. :yes: :yes:

    මචන් උබ පිලිගන්නවා නේද ජෝතිෂ්‍ය කියන එක බුදුදහමට වැඩිය පරණයි කියල ..ඒ වගේම උබ ඔය ජෝතිෂ්‍ය කියන එකෙන් චීන/අරාබි ඉස්ලාම්/ඊජිප්තු /ඉන්දියන් වේදික /යුරෝපියානු /බැබිලෝනියානු /ජුවිෂ් /මායන් ඔය ඒවගේ හරිම එක මොකක් කියලද හිතන්නේ ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් උබ පිලිගන්නවා නේද ජෝතිෂ්‍ය කියන එක බුදුදහමට වැඩිය පරණයි කියල ..ඒ වගේම උබ ඔය ජෝතිෂ්‍ය කියන එකෙන් චීන/අරාබි ඉස්ලාම්/ඊජිප්තු /ඉන්දියන් වේදික /යුරෝපියානු /බැබිලෝනියානු /ජුවිෂ් /මායන් ඔය ඒවගේ හරිම එක මොකක් කියලද හිතන්නේ ?

    ඒ ඒ අය දැනුම ලබාගන්න පාවිච්චි කරපු ක්‍රම අනුව දැනුම නිර්මාණය කරපු අය මනස දියුණු කරල දැකපු ප්‍රමාණය අනුව ඒක තීරණය වෙන්නෙ. ඔතනිං සමහරක් ගඟවල් ආශ්‍රය කරගෙන ඇතිවුන ශිෂ්ඨාචාර වල තරු බලල ගඟ උතුරනව වගේ දේවල් කියපු ශිෂ්ඨාචාරත් තියේ. අහවල් තරුව හෝ තරු රටාව අහවල් හරියෙ පේනව නං කද බැඳං ගඟෙන් ඈත් වුනා. ඒ වගේ දේවල් නං දේශගුණ රටා අවුරුදු ගානක් අත්දැකල ඒ කාලෙ ඒ ඒ තරු හෝ රටා පේන තැන් අනුව හදාගත්ත කැලැන්ඩර් ක්‍රමයක් විතරයි. ඒ අතරෙ රේඛා ශාස්ත්‍රය උපන් වෙලාවෙන් දැන් අපි භාවිතා කරන කේන්දර හදල අනාවැකි කියන ශාස්ත්‍රය වගේ ඒවත් තියෙනව. අරාබි චීන ඊජිප්තු හැම එකක් ගැනම හොයල නෑනෙ. ඉතිං කොහොමද වඩාත්ම නිවැරදි එක කියන්නෙ ? :no: :no:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මම මේ ප්‍රශ්නෙ අහන්නේ බුදුදහම හා ජෝතිෂ්‍ය දෙකම සත්‍ය යයි උපකල්පනය කරමින්. දැන් බුද්ද ධර්මයේ විශ්වයේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් නියාම දර්ම පහකින් පහද්ලා දීලා තියනවනෙ.ඉතින් ජෝතිෂ්‍යට මේ නියාම දර්ම 5
    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය
    නිසාම සිදුවන දේවල් කලින් පෙරයීම කල හැකිද (5හේම ටෝටල් අවුට්පුට් එක ) ...නැත්නම් කර්මය විතරද
     
    thanujaka

    Well-known member
  • ඔව් අනාවැකි නෙමේ ඒ උදාහරණෙ ගත්තෙ සෘජු නිරීක්ශණයක් නැතුව වෙනත් දේවල් නිරීක්ශණය කල්ල ඊට අදාල දේවල් කියන්න පුලුවන් කියන්න. ජ්‍යෝතිශයෙදි ආලෝක වර්ශ ගානක් ඈත තියෙන දේවල් සලකනව කියල නං අහලා නැත. තරු බලල කියන වෙනම ශාස්ත්‍රත් තිබිල තියෙනව ඒත් දැන් ලංකාවෙ තියෙන්නෙ ඒ ශාස්ත්‍රය නෙමේ. දැන් තියෙන එකේ තියෙන්නෙ ලඟ තියෙන ග්‍රහයො ටිකක් විතරයි.
    මනස දියුණු කලාම මණස දියුණු නොකල කෙනෙකුට ගෝචර නොවෙන දේවල් ගොඩක් ගෝචර වෙනව. දැන් අපිට තව කෙනෙක් හිතන දෙයක් කියන්න බෑනෙ. ගස් වැල් වුනත් ජීවීන් කියල සලකනව. ඒ වුනාට ඒව මැරුණට පස්සෙ ආයෙ උපතක් තියෙනවද නැද්ද කියල කියන්න බෑනෙ. මනස දියුණු කල කෙනාට සිත් ඇතිවීම කර්මය බලපෑම මේ සේරම දියුණු කල මනසට පේනව. අපි පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් නිරීක්ශණය කල්ල ගසුයි වැලුයි සත්තුයි මිනිස්සුයි ඔක්කොම පණ තියෙන එක සෙට් එකකට දැම්මට අපිට නොපෙනෙන හිත් ඇතිවීම සසර ගමන කර්මය වගේ දේවල් සත්තුන්ට මිනිස්සුන්ට විතරක් බලපාල ගස්වැල් වලට ඒ කිසිවක් බල නොපාන විදිහ දියුණු කල මනසක් තියෙන කෙනාට පේනව. ඒ වගේ තමා අවුරුදු සියගනං දහස් ගනං කල්ප ගනං අනාගතේ, අනාගතේ ඉපදෙන්න ඉන්න අය, ඒ අයගෙ ජීවිත වල මුහුණ දෙන අත්දැකිම් වගේ දේවල් අඩු වැඩි වශයෙන් මනස දියුණු කරපු අයට අපිට පුටුවක් මේසයක් පේනව වගේ දකින්න පුලුවන්. ඒ මිනිස්සු ලබන අත්දැකීම් ඒ අයගෙ උපන් වෙලාවල් එක්ක සම්බන්ධ කලාම එක රටාවක් එනව මනසට ගෝචර වෙනව. ඒ මනසට ගෝචර වුන ශාස්ත්‍රය තමා ඒව මනසට ගෝචර කරගන්න මනස දියුණු නොකරපු අයගේ යහපත තකා ග්‍රහ පිහිටීම් ගණනය කල්ල කියන්න පුලුවන් ක්‍රමයක් හැදුවෙ. :yes: :yes:

    සිත දියුණු කරපු කෙනෙකුට ආනාගතය දකින්න පුළුවන්... ඒක හරි... නැත්තන් බුදු බණත් බොරු වෙනවනේ...

    අහසේ කොහෙවත් පස් බෝල ටිකක් කැරකි කැරකි යනව... ඒක දිහා බලල ගණන් හදලා මගේ කසාදේ ගැන කියන්න මනුස්සයෙකුගෙයි මෙ පස්බෝල අතරෙයි තියෙන අන්තර් සම්බන්ධතාවය මොකද්ද කියල බන් මම අහන්නේ...

    අහසේ කොහෙවත් පස්බෝල වගයක් කැරකෙනව.. අපි ඒක දිහා බලාගෙන ගණන් හදල කොහොමද අපේ අනාගතේ ගැන කියන්නෙ කියලයි මම අහන්නෙ.. හිත දියුණු කරලා කාලය හරහා හිත ගමන් කරවලා අනාවකි කියන එක හරි...

    නමුත් බන් මෙ පස්බෝල.. ඒවල චලිතය කොහොමද මගේ කර්මය විස්තර කරන්නෙ..

    සරලව මම අහන්නේ මැටි ගොඩවල් ටිකක් කොහොමද මගේ කර්ම පලදීම විස්තර කරන්නේ කියල...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම මේ ප්‍රශ්නෙ අහන්නේ බුදුදහම හා ජෝතිෂ්‍ය දෙකම සත්‍ය යයි උපකල්පනය කරමින්. දැන් බුද්ද ධර්මයේ විශ්වයේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් නියාම දර්ම පහකින් පහද්ලා දීලා තියනවනෙ.ඉතින් ජෝතිෂ්‍යට මේ නියාම දර්ම 5
    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය
    නිසාම සිදුවන දේවල් කලින් පෙරයීම කල හැකිද (5හේම ටෝටල් අවුට්පුට් එක ) ...නැත්නම් කර්මය විතරද

    මට වැටහෙන තරමින් කම්ම නියාමය විතරයි ජ්‍යෝතිශයෙන් කියන්න පුලුවන්. අනික් නියාම ධර්ම පහ ඕනෙම කෙනෙක්ට ගෝචර වෙනව. ඒ නියාම ධර්ම වල ඵලයන් නිරීක්ශණය කරන්න දියුණු කල මනසක් ඕන්නෑ. :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සිත දියුණු කරපු කෙනෙකුට ආනාගතය දකින්න පුළුවන්... ඒක හරි... නැත්තන් බුදු බණත් බොරු වෙනවනේ...

    අහසේ කොහෙවත් පස් බෝල ටිකක් කැරකි කැරකි යනව... ඒක දිහා බලල ගණන් හදලා මගේ කසාදේ ගැන කියන්න මනුස්සයෙකුගෙයි මෙ පස්බෝල අතරෙයි තියෙන අන්තර් සම්බන්ධතාවය මොකද්ද කියල බන් මම අහන්නේ...

    අහසේ කොහෙවත් පස්බෝල වගයක් කැරකෙනව.. අපි ඒක දිහා බලාගෙන ගණන් හදල කොහොමද අපේ අනාගතේ ගැන කියන්නෙ කියලයි මම අහන්නෙ.. හිත දියුණු කරලා කාලය හරහා හිත ගමන් කරවලා අනාවකි කියන එක හරි...

    නමුත් බන් මෙ පස්බෝල.. ඒවල චලිතය කොහොමද මගේ කර්මය විස්තර කරන්නෙ..

    සරලව මම අහන්නේ මැටි ගොඩවල් ටිකක් කොහොමද මගේ කර්ම පලදීම විස්තර කරන්නේ කියල...

    මෙහෙම හිතන්නකො. ඔයාට එක්කෙනෙක්ගෙ අනාගතේ පේනව. එයා අනාගතේ
    1) වහලෙන් වැටිල කකුලක් කඩා ගන්නව
    2) පාරෙ යද්දි වාහනේකට හැප්පිලා තුවාල වෙනව
    3) ඩෙංගු හැදිල මැරෙන්න ගිහිං ගොඩ එනව
    4) රස්සාව නැති වෙනව
    5) ගෑණි මැරෙනව

    ඔයා ඔය එක්කම දකිනව
    1) වහලෙන් වැටෙන්න සතියකට කලිං වික්ටෝරියා ජලාශෙ වාන් දානව
    2) වාහනේ හැප්පෙන්න කලිං ටෝකියෝ වලට භූමිකම්පාවක් වෙනව
    3) ඩෙංගු හැදෙන්න කලිං ප්ලේන් එකක් අතුරුදහන් වෙනව
    4) රස්සාව නැතිවෙන්න කලිං වැහැල කොලඹ යටවෙනව
    5) ගෑණි මැරෙන්න කලිං න්‍යශ්ටික බලාගාරයක් පුපුරනව

    දැන් ඔයා ඒ දැකපු ටික දකින්න හැකියාවක් නැති කෙනෙක්ට මේ මනුස්සයගෙ අනාගතේ ඔය වෙන සිදුවීම් ටික කියන්න පුලුවන් වෙන්න ඔයාට මොකක්ද කරන්න පුලුවන්. අර ජලාශ වාන් දාපු එකයි ප්ලේන් අතුරුදහන් වුන ටිකයි ඒ මනුස්සයට සිද්ධ වෙන කරදර ටිකයි සම්බන්ධ කල්ල කිව්වෑකි වික්ටෝරියා ජලාශෙ වාන් දැම්ම කියන්නෙ වැටීමකිං අතක් පයක් කඩාගන්නව කියල. ඒත් ඒ මනුස්සය වහලෙන් වැටුනෙ ජලාශෙ වාන් දැමීම නිසාද ? නෑ ඔයාට අනාගතේ දකින්න පුලුවන් වුන නිසා සිදුවීම් ටිකක් සහ ඊට පස්සෙ වෙන තවත් සිදුවීම් පෙලක් අතරෙ සම්බන්ධයක් දැකල ඒ සම්බන්ධ කම් ටික අනුව අනාගතේ කියන්න පුලුවන් වෙන්න ඔයා හැදුව වගුව. ඒක බලල ඕනෙ කෙනෙක්ට ඒ මනුස්සයගෙ අනාගතේ කිව්වෑකි. ජ්‍යෝතිශය කියන්නෙත් මේ වගේ දෙයක්. මනස දියුණු කරපු අය රාහුයි කේතුයි කියල මනඃකල්පිත ග්‍රහයො දෙන්නෙකුත් දාල පොලොව වටේ ඉර හඳ අනික් භෞතික ග්‍රහයො ටික යනව කියල අරගෙන බැලුවාම ඒ වෙනකොට හිටපු අනාගතේ ඉපදෙන්න ඉන්න අයගෙ ජීවිත වල මුහුණ දෙන අත්දැකීම් සහ ග්‍රහ පිහිටීම් අතරෙ රටාවක් දැක්ක. ඒ රටාව එහෙම දකින්න බැරි අයට තේරුම් ගන්න හදපු ශාස්ත්‍රය තමා ජ්‍යෝතිශය.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~

    මට වැටහෙන තරමින් කම්ම නියාමය විතරයි ජ්‍යෝතිශයෙන් කියන්න පුලුවන්. අනික් නියාම ධර්ම පහ ඕනෙම කෙනෙක්ට ගෝචර වෙනව. ඒ නියාම ධර්ම වල ඵලයන් නිරීක්ශණය කරන්න දියුණු කල මනසක් ඕන්නෑ. :yes: :yes:

    මේ ප්‍රශ්නයේම තව දිගුවක් තියනවා බුදුදහම සම්බන්දව...දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තර දෙන්න. දැන් යම් කිසි දෙයක් මේ විශ්වයේ සිදුවීම පැහැදිලි කරීමට නියාම දර්ම 5 ම ඕනෙද...උදාහරනයක් ගත්තොත් නියාම දර්ම 3 කින් පැහැදිලි කල හැකි සිදුවීමක් විශ්වගේ කොහේ හෝ තැනක සිදුවීමට බැරිද?:nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ප්‍රශ්නයේම තව දිගුවක් තියනවා බුදුදහම සම්බන්දව...දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තර දෙන්න. දැන් යම් කිසි දෙයක් මේ විශ්වයේ සිදුවීම පැහැදිලි කරීමට නියාම දර්ම 5 ම ඕනෙද...උදාහරනයක් ගත්තොත් නියාම දර්ම 3 කින් පැහැදිලි කල හැකි සිදුවීමක් විශ්වගේ කොහේ හෝ තැනක සිදුවීමට බැරිද?:nerd:

    වෙනව හැම එකටම නියාම ධර්ම පහම බලපානව කියල නීතියක් නෑ. 3ක් නෙමේ එක නියාම ධර්මෙන් විතරක්ම පැහැදිලි වෙන දේවල් වුනත් තියෙනව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු හාමුදුරුවො කොසොල් රජතුමාගෙ හීන වලිං අනාගතේ වෙන දේවල් ගැන කිව්ව හිස් කබලට තට්ටු කල්ල ඒක අයිති පුද්ගලය දැන් ඉපදිලා ඉන්නෙ කොහෙද කියල කියන කෙනෙක් ආවාම ඔහු කියන ඒව නිවැරදියි කියල පිලිගත්ත :yes: :yes:

    ඕනෙ බුද්ධිමත් දාර්ශනිකයෙක් ඔය සිද්ධි දෙක ගැන කියන්නෙ ඔය වගේ දේවල්ම තමයි.

    කොසොල් රජතුමාගෙ හීන ගැන: හීන වලින් වර්තමානය වත් අනාගතයවත් කියන්න බෑ. ඒත් ඉතින් මෝඩ රජා බයවෙලා ඉන්න නිසා මොලේ ඇති කෙනෙක් කියන්නෙ ඔය හීනවල දේවල් ඔබතුමාට බලපාන්නෙ නෑ කියල.

    හිස් කබලට තට්ටු කරපු කතාව:
    හිස් කබලට තට්ටු කරල මැරිච්ච එකා කොහෙ ඉපදුනාද කියන්න බෑ. ඒත් ඒක ඔප්පු කරන්නත් බෑ. ඉතින් මොලේ තියෙන කෙනෙක් කියන්නෙ ඔයදේම තමයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    වෙනව හැම එකටම නියාම ධර්ම පහම බලපානව කියල නීතියක් නෑ. 3ක් නෙමේ එක නියාම ධර්මෙන් විතරක්ම පැහැදිලි වෙන දේවල් වුනත් තියෙනව.

    1 please:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕනෙ බුද්ධිමත් දාර්ශනිකයෙක් ඔය සිද්ධි දෙක ගැන කියන්නෙ ඔය වගේ දේවල්ම තමයි.

    කොසොල් රජතුමාගෙ හීන ගැන: හීන වලින් වර්තමානය වත් අනාගතයවත් කියන්න බෑ. ඒත් ඉතින් මෝඩ රජා බයවෙලා ඉන්න නිසා මොලේ ඇති කෙනෙක් කියන්නෙ ඔය හීනවල දේවල් ඔබතුමාට බලපාන්නෙ නෑ කියල.

    හිස් කබලට තට්ටු කරපු කතාව:
    හිස් කබලට තට්ටු කරල මැරිච්ච එකා කොහෙ ඉපදුනාද කියන්න බෑ. ඒත් ඒක ඔප්පු කරන්නත් බෑ. ඉතින් මොලේ තියෙන කෙනෙක් කියන්නෙ ඔයදේම තමයි.

    ඔයා ඔය වක්‍රකාරයෙන් කියන්නෙ බුදුහාමුදුරුවො බොරු කිව්ව කියලනෙ ? :dull: :dull:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඕනෙ බුද්ධිමත් දාර්ශනිකයෙක් ඔය සිද්ධි දෙක ගැන කියන්නෙ ඔය වගේ දේවල්ම තමයි.

    කොසොල් රජතුමාගෙ හීන ගැන: හීන වලින් වර්තමානය වත් අනාගතයවත් කියන්න බෑ. ඒත් ඉතින් මෝඩ රජා බයවෙලා ඉන්න නිසා මොලේ ඇති කෙනෙක් කියන්නෙ ඔය හීනවල දේවල් ඔබතුමාට බලපාන්නෙ නෑ කියල.

    හිස් කබලට තට්ටු කරපු කතාව:
    හිස් කබලට තට්ටු කරල මැරිච්ච එකා කොහෙ ඉපදුනාද කියන්න බෑ. ඒත් ඒක ඔප්පු කරන්නත් බෑ. ඉතින් මොලේ තියෙන කෙනෙක් කියන්නෙ ඔයදේම තමයි.

    වරදියි බ්‍රෝ:no:. ඕක ඇත්ත කතාවක්. කතන්දරයක් නෙමෙයි. ඒ සාස්තරේට කියන්නෙ මතක හැටියට "ජවසීහ".
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔයා වීදුරුවක් උස්සල අතාරිනව ඒක බිඳෙනව
    වීදුරුව වැටීම ගත්තොත් එතන ධම්ම නියාමය හැර කර්ම නියාමය බීජ නියාමය අනික් නියාම ධර්ම ටික නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වරදියි බ්‍රෝ:no:. ඕක ඇත්ත කතාවක්. කතන්දරයක් නෙමෙයි. ඒ සාස්තරේට කියන්නෙ මතක හැටියට "ජවසීහ".

    ඔය බුදුදහමෙ අලුත් වර්ශන් එක බටහිර බුදුදහම. මාටින් වික්‍රමසිංහල කාලෝ ෆොන්සේකල ආතර් සී ක්ලාක්ල ඔක්කොම පිලිගත්තෙ ඕක. කර්මය නෑ සංසාරෙ නෑ නිවන නෑ බුදු හාමුදුරුවො කියන්නෙ නිකංම නිකං දාර්ශනිකයෙක් විතරයි. අනික්ව ඔක්කොම පස්සෙ කාලෙ එකතු කරපුව කියල කියන්නෙ.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    වරදියි බ්‍රෝ:no:. ඕක ඇත්ත කතාවක්. කතන්දරයක් නෙමෙයි. ඒ සාස්තරේට කියන්නෙ මතක හැටියට "ජවසීහ".

    "සැවැත් නුවර ධනවත් බමුණෙකුගේ පුත‍්‍රයා විදියට උපන්න මොහුගේ නම වංගීස. හරී ම ඥනවන්තයි. යාන්තම් තරුණ වයසට එනකොට බමුණන්ගේ වේද තුන ම හදාරලා අවසන් කළා. ඔය බමුණන්ගේ පරම්පරාවෙන් එන ප‍්‍රගුණ කරන්නට අමාරු ශාස්ත‍්‍රයක් තිබ්බා ජවසීස මන්තරේ කියලා. එ් මන්තරේ දන්න අයට මැරුණ කෙනෙකුගේ හිස් කබලට තට්ටු කරලා උපන්න තැන කියන්න පුළුවනි. හදාරන්ට අමාරු හින්දම බමුණන් අතරින් මඟහැරී යමින් තිබුණ මේ ජවසීස මන්තරේ නුවණැති වංගීස කුමාරයා අගේට ප‍්‍රගුණ කළා."
     
    • Like
    Reactions: WhiteWalker

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මගෙ මතයනම්, ඔය වේද ඉගැන්වීම් වලින් ඉස්සර මිනිස්සු පල ප්‍රයෝජන ගත්ත.(ශක රාජ කුමාරය රටක් ඇල්ලුවෙ මන්තර බලෙන් ) ඒත් දැන් ඉතුරු වෙලා තියෙන දැනුමෙන් හෝ බාගෙට ප්‍රගුණකරපු අයගෙන් ඒ සාස්ත්‍ර වලින් අපිට පලක් ප්‍රයෝ ජනයක් නෑ(ආයුර්වේදය හැර ). පුලුවන්නම් කියන්න අපිට ජ්යොතිශයෙන් ගන්න පුලුවන් ප්‍රායෝගික ප්‍රයෝජනයක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙ මතයනම්, ඔය වේද ඉගැන්වීම් වලින් ඉස්සර මිනිස්සු පල ප්‍රයෝජන ගත්ත.(ශක රාජ කුමාරය රටක් ඇල්ලුවෙ මන්තර බලෙන් ) ඒත් දැන් ඉතුරු වෙලා තියෙන දැනුමෙන් හෝ බාගෙට ප්‍රගුණකරපු අයගෙන් ඒ සාස්ත්‍ර වලින් අපිට පලක් ප්‍රයෝ ජනයක් නෑ(ආයුර්වේදය හැර ). පුලුවන්නම් කියන්න අපිට ජ්යොතිශයෙන් ගන්න පුලුවන් ප්‍රායෝගික ප්‍රයෝජනයක්.

    ඇතිවෙන්න තියෙන අනතුරු ගැන දැනගෙන ආරක්ශා වෙන්න පුලුවන් ඇතිවෙන්න තියෙන රෝගාබාධ දැනගෙන ඒවගෙන් වලකින්න අවශ්‍ය පියවර ගන්න පුලුවන්. බොරු කරන අය ඉන්නව කියල තියෙන ටිකත් වැඩක් නෑ කියල කුණු කූඩෙට විසික් කිරීමෙන් වෙන්නෙ පෙරදිග අපේ දැනුම තවත් අභාවයට ගිහිං ලෝකෙම බටහිර දැනුමේ වහලෙක් වෙන එක.