
Q) දැන් එතකොට ඔය ජ්‍යෝතිශ්‍යය නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැයිද ?


ඒ ඒ අය දැනුම ලබාගන්න පාවිච්චි කරපු ක්‍රම අනුව දැනුම නිර්මාණය කරපු අය මනස දියුණු කරල දැකපු ප්‍රමාණය අනුව ඒක තීරණය වෙන්නෙ. ඔතනිං සමහරක් ගඟවල් ආශ්‍රය කරගෙන ඇතිවුන ශිෂ්ඨාචාර වල තරු බලල ගඟ උතුරනව වගේ දේවල් කියපු ශිෂ්ඨාචාරත් තියේ. අහවල් තරුව හෝ තරු රටාව අහවල් හරියෙ පේනව නං කද බැඳං ගඟෙන් ඈත් වුනා. ඒ වගේ දේවල් නං දේශගුණ රටා අවුරුදු ගානක් අත්දැකල ඒ කාලෙ ඒ ඒ තරු හෝ රටා පේන තැන් අනුව හදාගත්ත කැලැන්ඩර් ක්‍රමයක් විතරයි. ඒ අතරෙ රේඛා ශාස්ත්‍රය උපන් වෙලාවෙන් දැන් අපි භාවිතා කරන කේන්දර හදල අනාවැකි කියන ශාස්ත්‍රය වගේ ඒවත් තියෙනව. අරාබි චීන ඊජිප්තු හැම එකක් ගැනම හොයල නෑනෙ. ඉතිං කොහොමද වඩාත්ම නිවැරදි එක කියන්නෙ ?![]()
![]()
එහෙම වෙන්න ඇති මචන් ..මට කියන්න ඕනි උනේ ඔය ජෝතිෂ්‍ය කියන එක ලෝකේ වටේ එක එක මුහුණුවරින් තිබුණාය කියන එකත් ඒවා මේ වෙනකොට අභාවයට යන්නේ පෙරදිග දැනුම බටහිර දැනුම අතික්‍රමණය කරන සින් එකක් නිසා නොවෙන බව කියන්නටයි ..යුරෝපේ ග්‍රීසියේ ක්‍රම තිබුණ නමුත් දැන් ඒවා භාවිතා නොකරන ගානටම වගේ වැටිලා ..හේතුව විදිහට ඔයා හිතන්නේ මොකක්ද ? මම කියනවා ඒ ඔය ක්‍රම වල ප්‍රයෝගික කම බොහෝ අඩු නිසා කියල
ඔයා මේ කතා කරන්නේ වේදික ජෝතිෂ්‍ය ක්‍රමය හරි අනිත් ක්‍රම වැරදි කියල හිතලනම් එතකොට අපිට කියන්න පුළුවන් පෙරදිග දැනුම බටහිර දැනුම විසින් මොකක්හරි සින් එකක් කියල ...
අර අල්ලා ලෝකේ මැවුව කියල හදාගත්ත කතන්දරෙයි මේකෙයි කිසිම වෙනසක් මටනං පේන්නේ නං නෑ. තමන් අදහන දේ සාධාරණියකරණය කරන්න අදහන මිනිහට ඕනෙම කතාවක් හදාගන්න පුළුවන්. මේකත් ඒ වගේ තමා
ඔව් අතේ රේඛා බලල සාස්තර කියන එක ග්‍රහයො නමේම ගන්නැතුව තරුත් බලල සාස්තර කියන එක වගේ ගොඩක් ඒව තිබ්බ. හරියට භෞතික විද්‍යාවයි රසායන විද්‍යාවයි ජීව විද්‍යාවයි වගේ විද්‍යා ගොඩක් තියෙනව වගේ තමා. යුරෝපෙ ග්‍රීසියෙ ක්‍රම ගොඩක් අභාවයට ගියෙ යුද්ධ ඇවිලුණ නිසා. ග්‍රීක ශිෂ්ඨාචාරය කියන්නෙත් පෙරදිග තරම්ම සංයුක්ත (concrete) දැනුම් පද්දතියක් නොවුනට දැන් තියෙන යුදෙව් ක්‍රිස්තියානි දැනුම තරං වියුක්ත (abstract) නෑ. ග්‍රීසියෙ සමහර විට තියෙන්න ඇති. ඒ ගැන හරියටම දන්නෑ. ග්‍රීසියෙ කෙසේ වෙතත් ලංකාවෙ නං මේ දැනුම අභාවයට යන්න ප්‍රධානම හේතුව බටහිර දැනුම තමා. මේ ත්‍රෙඩ් එකේම කී දෙනෙක් හිනාවෙලා තියෙනවද බලපං ? තව කීදෙනෙක් comment නොකර හිනා වෙනව ඇද්ද ? එහෙම හිනා වෙන්න කලිං කේන්දරයක් බලන්නවත් ගිහිංද හිනාවෙන්නෙ ? පොඩි කාලෙ ඉඳන්ම බටහිර දැනුමට අනුව හිතන්න හුරු කල්ල දැන් මනස දියුණු කල්ල ලබාගන්න දැනුම බහුතරේට විහිලුවක් වෙලා. බටහිර විද්‍යාඥයෙක්ට වැරදුනොත් ඒක පර්යේශණයෙදි හරි ගණනය කිරීමකදි හරි වෙච්ච දෝශයක් ඒ වුනාට කේන්දර බලන මනුස්සයෙක්ට වැරදුනොත් ඌ හොරෙක් බොරු කාරයෙක් මෝඩයෙක්. ඒ වුනාට කියන්නෙ අපි හරි මධ්‍යස්ථයි කිසිම දේක අන්තෙකට ගිහිං නෑ අපක්ශපාතීව හිතල හරි වැරැද්ද තෝරල ගන්නව කියල. ඕව තමන්වම රවට්ටගන්න තමන්ටම කියන බොරුවක් විතරයි. බටහිර විද්‍යාවට ගෝචර වෙන්නැත්තං ඒ හැම දෙයක්ම බොරුවක් කියන පූර්ව නිගමනේ ඉඳගෙනම තමා හැම දේම දිහා බලන්නෙ. මේවගෙ ප්‍රායෝගික කම බොහෝම අඩුවෙන්නත් හේතුව බටහිරම තමා. බටහිර කරනයත් එක්ක මිනිස්සු ලෞකික සැප සම්පත් පස්සෙ ගියා මනස දියුණු කරන එක අතෑරල. අද වුනත් ලංකාවෙ කීයෙන් කී දෙනෙක් විනාඩි 5ක්වත් භාවනාවක යෙදෙනවද ? ඒ යෙදුනත් යෙදෙන්නෙ බටහිර මනෝ වෛද්‍යවරුන්ගෙ උපදෙස් අනුව යමිං stress එක අඩු කරන්න මිසක් මනසේ දියුණුවක් බලාපොරෙත්තුව නෙමේ. ඉස්සර අනාවැකි කිව්වෙ වැව් දාගැබ් හැදුවෙ පෙරදිග ප්‍රතිකාර ක්‍රම හොයාගත්තෙ මනස දියුණු කිරීමෙන්. නැතුව සත්තු දහස් ගානක් අල්ලගෙන එක එක බෙහෙත් වලිං එක එක මාත්‍රා දීල උන් මැරෙන විදිහ බලල නෙමේ. දැන් අපිට වෙලා තියෙන්නෙ මනසේ දියුණුවක් නෑ ඒ කලිං මනස දියුණු කල අය හොයාගත්තු දේවල් කටපාඩං කල්ල ඒව මතම යැපෙන්න වෙලා. මම කොහෙවත් කියල නෑ දැන් ලංකාවෙ තියෙන ජ්‍යෝතිශය විතරයි හරි කියල. එක එක සංස්කෘතීන් වල එක එක ක්‍රම මගින් දැනුම ගොඩනැගුනෙ. මං පොඩ්ඩක් හරි දන්නෙ දැන් ලංකාවෙ කේන්දර බලන්න භාවිතා කරන ජ්‍යෝතිශය ගැන විතරයි. මං කියන්නෙ ඒක හරියි කියලයි. කොහෙවත් කියල නෑ මේක විතරමයි හරි කියල.
ඉතිං එතකොට බටහිර විද්‍යාඥයො කරන්නෙත් ඒක නෙමේද ? big bang එක දැක්ක කෙනෙක් ඉන්නවද ? ඒක එහෙම වුනා කියල සාධාරණිකරනය කරගන්න අරව ඈත් වෙනව මේව ඈත් වෙනව ඒ කියන්නෙ පිපිරීමක් වෙලාමයි කියල කියනව. හරි දේ සාධාරණිකරනය කරන්නැතුව මොකක්ද කරන්න කියන්නෙ එතකොට ?
ජ්‍යෝතිෂ්‍ය තියරියට හේතු වෙන උපන් වෙලාව අනුව ග්‍රහ පිහිටීමෙන් අපේ ජිවිතේ ගැන කියන්න පුළුවන් කියන එක එහෙම අපි හොයල තහවුරු කරගත්ත දෙයක් නෙවේ නෙ. ඉස්සර හිටපු අමුතු හැකියාවක් තිබ්බ අය එහෙම වෙනව කියල කියල තියෙනව ලු, ඇත්ත නැත්ත නං අපිට පේන්නේ නෑ එහෙම තමා කියල හිතාගන්න ලු, ඔක්කොම ලු ලු ලු ගොඩක් හේතුවක් නැතුව ආගම වගේ අදහන්නනෙ තියෙන්න. ඉතිං දෙයියෝ ලෝකේ මැවුව කියල අදහනව වගේ මේකත් අදහන්නයි තියෙන්නෙ. හේතුවත් මවාගත්ත එකක්, හේතුව පැහැදිලි කරන තියරියත් මවාගත්ත එකක්. විද්‍යාවේ අඩුගානේ හේතුව අපිට පේන දැනෙන දෙයක්, තියරියත් මවාගත්තට හරි කියල ඔප්පුවෙනකන් පිළිගන්නේ නෑ පැත්තකට කරලා බලන් ඉන්නව. ජ්‍යෝතිෂ්‍ය තියරියයි හෙතුවයි දෙකම මවාගත්ත මදිවට හරිද නැද්ද දන්නෙත් නැතුව මිනිස්සුන්ගේ ජිවිතේ වැදගත් දේවල් තීරණය කරන්න පාවිච්චියට අරන් නෙ.බටහිර විද්‍යාඥයෙක්ට වැරදුනොත් ඒක පර්යේශණයෙදි හරි ගණනය කිරීමකදි හරි වෙච්ච දෝශයක් ඒ වුනාට කේන්දර බලන මනුස්සයෙක්ට වැරදුනොත් ඌ හොරෙක් බොරු කාරයෙක් මෝඩයෙක්. ඒ වුනාට කියන්නෙ අපි හරි මධ්‍යස්ථයි කිසිම දේක අන්තෙකට ගිහිං නෑ අපක්ශපාතීව හිතල හරි වැරැද්ද තෝරල ගන්නව කියල. ඕව තමන්වම රවට්ටගන්න තමන්ටම කියන බොරුවක් විතරයි.
ලංකාවේ මේ තිබ්බ දැනුම නිවැරදියි කියල උපකල්පනය කරන්න හේතු මොනවද ? මමනම් එදිනෙදා රුපවාහිනී වාල මාද්‍ය වල ඔය ජෝතිෂ්‍ය අනාවැකි කරුවන් දෙන අනාවැකි දිහා බැලුවම මේ ශාස්ත්රයේ ප්‍රයෝගික බව ගැන ඇත්තටම සැක හිතන්න හේතු ඔනිතරම් තියනවා ..පව්ද්ගලික ඇදකිමුත් තියනවා .. ඒ වගේම මේ ක්‍රමය අත්භූත / විමසිය නොහැකි /විස්වාස පමණක් කලයුතු ක්‍රමයක් ..
බටහිරද දෙශියද කියන දේ නෙවෙයි ඔතන ප්‍රශ්නේ බටහිර විදිහට අපිට ඇහින් දකින්න බැරි අල්ට්රා වයලට් කිරණයක් මිනිස් සිරුරට අහිතකර වෙන්නේ කොහොමද එක එන්නේ කොහොමද කියන එක විස්වාස කලයුතු ක්‍රමයක් විතරක් නෙවෙයි අවශ්‍යනම් කෙනෙක්ට පරික්ෂ කරන්නත් පුළුවන්
දේශීය බෙහෙත් බිල රෝගයක් සුව වෙන එක විස්වාස කරන්න විතරක් ඕනි දෙයක් නෙවෙයි පරික්ෂා කරලා බලන්නත් පුළුවන්
එත් මේ අත්බුත / විස්වාස පමණක් කරන්න වෙලා තියන ක්‍රම ගැන තර්ක කරන එක ලෝකේ පෙරදිග අපරදිග බේදයක් නැ මචන් එකත් හරියට අල්ලා ලෝකේ මැව්වද නැද්ද කියල තර්ක කරනවා වගේම තමයි ,
.ඒ වගේම විද්‍යාවට ගෝචර නොවන දේ තිබිය හැකි පලියට ඉස්සර තමුන්ගේ ආගමේ /විස්වාස කරගෙන ඉන්න දේ ඇත්ත වෙන්නේ නැහැ .. විද්‍යාවට ගෝචර නොවන නිසා ඇත්ත වෙන්න පුළුවන් දේවල් ඕව විතරක් නෙවෙයි තව ගොඩක් තියනවා . එත් ඉස්සර විස්වාස කරගෙන හිටපු ගොඩක් දේවල් අද වෙනකොට බොරු වෙලා තියනවා මිසක් කිසිම අත්භූත මායාකාර සුරංගනා ඉතිහාස කතා විද්‍යාවට හොයාගන්න බැරි වෙලා ගෝචර නැති වෙලා ඇත්ත උනේ නැහැ ..අපිට ගෝචර නොවන කියල සම්බවිතාවය අතින් බැලුවම සිනි වලින් හැදිච්ච ග්‍රහලෝකෙක කුබි චොකලට් හදාගෙන කෑමේ සම්බවිතවයකුත් තියනවා ..හරි ඔයාට නැහැ කියන්න පුලුවන්ද ?
ලෝකේ මැව්වේ දෙවිකෙනෙක් කියන එකත් ඒවගේ විද්‍යාවට ගෝචර නැහැ ..ඔයාට කියන්න පුලුවන්ද ෂුවර් එකටම එහෙම නෙවෙයි කියල ? එහෙනම් ඔයා ඇයි දේවවාදය ප්‍රතික්ෂේප කරන්නේ ?
බටහිර හරි නැගෙනහිර හරි "විද්‍යාවට ගෝචර නොවන නොවන දේවල් පැවතිය හැකි" කියන එක එකම තර්කයක්... ක්‍රිස්තියානි ආගමේ දෙවියොත් ලෝකේ මවපු දෙවියෝනේ ඉතින් ...ඉතින් පොර බටහිර දෙයියෙක් උනා කියල එක විද්‍යාවට අදාලද ? බටහිර දෙය්යා කියල පිළිගත්තද... නැ
මේ "දේශීයත්වය" කියන ලේබල් එක මිත්‍යාව පතුරණ ඒවගෙන් යැපෙන මිනිස්සු තමාගේ පැවැත්මට යොදා ගන්නවා එකයි මෙතන ප්‍රශ්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1715706
ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

Sharma vs ඉදිරියේ රාළ,එහෙනං වෙන දෙන්නෙක්ට අවස්තාව දෙමු.![]()
ජ්‍යෝතිශයෙ කියන්නෙ ග්‍රහයො අපිට බලපෑම් කරනව කියල නෙමේ ග්‍රහ පිහිටීම් වලිං අපේ ජීවිතේට වෙන බලපෑම් ගැන පෙරයීම් කරන්න පුලුවන් කියල.
නමුත් ඒ පස් ගොඩවල් වල සංකීර්ණ චලිතය ඇසුරෙන් අනාගතේ කියන්න පුලුවන් ක්‍රමයක් මනස දියුණු කල අයට ගෝචර
ගගක වතුර පාර දිහා බලල වැස්සද පෑව්වද කියන්න පුළුවන්..
හැමදාම දකින, ගොඩවෙන, නාන ගගෙ වතුර මට්ටම ඇහැට හුරු කෙනෙකුට ඕව කියන එක අන්තිම සරල දේවල්.. ඒවා අනාවැකි නෙමෙයි... නමුත් ජෝතිශ්‍ය යෙදී කියන්නෙ අනාවකි...
මෙන්න මේ උඹ කියල දේ තව පොඩ්ඩක් පැහැදිලි කරපන්...
ආලෝක වර්ෂ ගානක් දුරින් තියෙන පස් ගොඩවල් ටිකක් දිහා බලල කොහොමද පෘථවියේ හිටන් ඉන්න මිනිස්සුන්ගේ අනාගතය ගැන පෙරයීම් කරන්නෙ, අනාවැකි කියන්නෙ කියල...
All religious buggers think their own religion is true but all the other religions are myths. But we Atheists know all the religions are myths.I see no difference between you people and the Muslims who live according to a retarded stone age ideology
All religious buggers think their own religion is true but all the other religions are myths. But we Atheists know all the religions are myths.


