ජාතිය වෙනුවෙන් දිවිදුන් වඩමාරච්චි වීරයා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ජාතිය වෙනුවෙන් දිවිදුන් වඩමාරච්චි වීරයා

    ඒ 1992 අගෝස්තු 8 වෙනිදායි , හරියටම අදට 18 වසරකට පෙරය. "ෆයිනල් කවුන්ට් ඩවුන්" නම් වූ මෙහෙයුම ඇරඹීමට සියල්ල සූදානම් වී පැවැතිණි. දවස් දෙක තුනකින් ඇරඹීමට නියමිත මෙම මෙහෙයුම අප මාතෘ භූමිය ත්‍රස්තයන්ගෙන් ගලවාගැනීමේ මෙහෙයුම බවට මෙම නිළදාරියාට විශ්වාසය තිබුණි.

    විශේෂ රැස්වීමකට යාම සදහා ඩිපෙන්ඩර් රථය සූදානම් වෙමින් පැවිතිණි.සිය ශේෂ්ඨ නිළදාරියා කී රැස්වීමට යාමට රියදුරු අසුනට නැගී බි‍්‍රගේඩියර් විමලරත්න මහතා වාහනය ධාවනය කරන්නට විය.කෙටි මගක් ඔස්සේ රථය දූවිලි වලාවන් නන්වමින් ඉදිරියට ඇදෙන්නට විය.

    නොසිතූ නිමේශයකි, දූවිලි වලාවන් අතරින් විශාල ගිණි ජාලාවක් නම්වමින් රථය පුපුරා ගියේය. ඒ වන විට ජෙනරාල් වරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් තවත් වාහන දෙකක සෙබළුන් පිරිසක් සිටියේය. පිපුරුම දෙසට වහාම ගිය ඔවුනට දැක ගතහැකිවූයේ විනාශ වී ගිය වාහනය අසල වැටී සිටි මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ සිරුරයි.

    "ජනරාල් ගේ හුස්ම වැටෙනවා යැයි" සෙබලෙක් කෑගසා ප‍්‍රකාශ කෙළේය.

    වහාම ළං වූ අන් සෙබලුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාවත් තවමත් ජීවතුන් අතර සිටි රියර් අද්මිරාල් මොහාන් ජයමහවත් කෝප‍්‍රල් උපාලිවත් පලාලි රෝහලට ගෙන යන ලදී.

    පසුව ජෙනරාල්වරයා කොළඹට ගෙන ආ අතර එහිදී වෛද්‍යවරුන් විස්සක් පමණ දෙනා පැය එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය සටන පරාජය කරමින් කොබ්බෑකඩුව මහතා දැයෙන් සමුගත්තේය.

    මොහාන් ජයමහ මහතා ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය අතර, කෝප‍්‍රල් උපාලි පමණක් ජීවිතය බේරාගත්තේය. එහෙත් ඔහුගේ දෙපා අහිමි වී තිබුණි.

    මෙලෙස 1992 අගෝස්තු මස 8 වෙනි සෙනසුරාදා යාපනයේ කයිට්ස් හි අරියාලේ හන්දියේදී පුපුරා ගිය අධි බලැති පීඩන බෝම්බයෙන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බි‍්‍රගේඩියර් විජය විමලරත්න, නාවික හමුදා කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් ජී. එච්. ආරියරත්න, කර්නල් එම්. ආර්. ස්ටීවන්, කර්නල් වයි. එන්. පලිපාන, මේජර් නලීන් අල්විස්, ලුතිනන් අසංග ලංකාතිලක, ලුතිනන් චන්දිම විජයපුර, සෙබල ඩබ්ලිව්. ජී. වික‍්‍රමරත්න යන පිරිස මියගියහ.

    විජයග්‍රහණය පෙනී නොපෙනී ජාතියෙන් සමුගත් මේ වීරයා ජාතිය වෙනුවෙන්ම ඉපිද ජාතිය වෙනුවෙන්ම ජීවිතය කැපකල ශේෂ්ඨයෙකු ලෙස ඉතිහාස පොතට එක්විය.


    f0906182-2.jpg


    ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව

    f0906182-3.jpg


    බි‍්‍රගේඩියර් විජය විමලරත්න


    f0906182-4.jpg

    මේජර් නලීන් අල්විස්

    f0906182-5.jpg

    කොමදෝරු මොහාන් ජයමහ


    Code:
     http://asipiya.blogspot.com/
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    සැබැ විරුවෙක් වෙනුවෙන් අපගෙ උත්තමාචරය:)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    His death was very unfortunate. :(

    The rumor among the medical professionals is that the first surgeon who examined him should have performed the surgery that would have saved his life. Unfortunately, the General Surgeon was too scared touch the 'VIP'. Finally, when the Vascular Surgeon (Prof. Shrieffdeen) received the patient at Colombo, it was too late.

    Ethumata Niwan Sepa Labewa!
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    අපි අපේ වීරයන් වෙනුවෙන් නෑගී සිටිමු.
    දේවාල ගානෙ ගිහින් අමුතුවෙන් දෙව්යන් අදහන්න ඔනෙ නෑහෑ.
    රනවිරුවො තමයි අපෙ දෙයියො..
    :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අපි අපේ වීරයන් වෙනුවෙන් නෑගී සිටිමු.
    දේවාල ගානෙ ගිහින් අමුතුවෙන් දෙව්යන් අදහන්න ඔනෙ නෑහෑ.
    රනවිරුවො තමයි අපෙ දෙයියො..
    :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    His death was very unfortunate. :(

    The rumor among the medical professionals is that the first surgeon who examined him should have performed the surgery that would have saved his life. Unfortunately, the General Surgeon was too scared touch the 'VIP'. Finally, when the Vascular Surgeon (Prof. Shrieffdeen) received the patient at Colombo, it was too late.

    Ethumata Niwan Sepa Labewa!

    Hmm Nice INFO