ජාතිවාදීන් ගිනි තැබූ ශ්‍රී පතුල

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    ශ්‍රී ලාංකික අප පසුකර ආ අදුරු යුග එමටයි. 1983 අවුරුද්දේ කළු ජූලිය් සමග ගෙවුණු අඳුරු අතීතය මෙය කියවන ඔයාලට මතකද දන්නේ නැහැ. මිනීමරු කොටි ත්‍රස්තවාදීන් විසින් හමුදා සෙබළුන් දොළොස් දෙනකු එකවර ඝාතනය කොට තිබූ සහගහන අපරාධයට වන්දි ගෙවන්න වුණේ ලංකාවේ සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ට. කොළඹ පැත්තේ ඒ එක දවසක දෙමළ කඩසාප්පු පුච්චමින් ගිනි ඇවිළෙනකොට ‘බාල්දිය’ කියන වචනය පැහැදිලිව උච්චාරණය කරන්න බැරි මිනිස්සුන්ව තෝරාගෙන දාමරිකයන් විසින් කපා කොටා දැම්මා.

    t1w7q6m.jpeg

    කේ.වෙන්කට් කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාවට විශාල මෙහෙවරක් කරපු කලාකාමී දමිළයෙක්. දමිළ වුණාට වෙන්කට් හැදුවෙම සිංහල චිත්‍රපට. ඒකට විශේෂ හේතුවක් තිබුණේ නැහැ. බොහෝ විට හොඳ මිනිස්සු යමක් කරන්නේ හේතු හොය හොයා නෙවෙයි. වෙන්කටුත් එහෙම කෙනෙක්. ඔහුට තිබුණා හරි මනරම් කලාත්මක ඇහැක්. ඒ ඇහැට පෙනුණු හිතට දැනුණු අලංකාරය කියන හැම සිතුවිල්ලක්ම දර්ශනයක්ම ඔහු සිනමාවට නැගුවා.

    fyXNuTC.jpeg

    දමිළයෙක් වූ කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කරපු ශ්‍රී පතුල බෞද්ධ සිනමා පටයේ අතිදක්ෂ සිංහල නළු නිළියන් වූ ජෝ අබේවික්‍රම, විජය නන්දසිරි සහ සුවිනීතා වීරසිංහ රංගනයෙන් දායක වෙනකොට එහි බොදු ගීත සිය ගැඹුරු හඬින් කන්කලු ආකාරයට ගායනා කෙරුවේ ඉස්ලාම් ලබ්ධිකයෙක් වූ මොහිදීන් බෙග්. ඒ ගීත එකතුව මොන තරම් මනලෝලීද කියනවා නම් අදටත් තවමත් වෙසක් එකට දන්සල්වල, සල්පිල්වල මහ සද්දෙට ඇහෙන්නේ ඒ ගීත. ‘සකල සතම බොදු බැතියෙන්’, ‘මිනිසාමයි ලොව දෙවියන් වන්නේ’ කියන ඒ අර්ථවත් ගීත අපි හැමෝටම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට අතර ‘ගොපළු හඬක්’ හුඟාක් ජනප්‍රිය වුණා. ‘මගෙ නාමලී බැඳි ආදරේ’ ගීතය අදටත් රේඩියෝ චැනල්වල නිතර ඇහෙනවා.

    BCjfcoQ.jpeg

    ශ්‍රී පතුල චිත්‍රපටයේ දර්ශනයක්

    එහෙත් 1983 ජූලි ජාතිවාදී කලබලයේදී ගාලු පාරේ දෙහිවල හන්දිය ආසන්නයේදී මෙතුමා වාහනයෙන් ගමන් ගනිද්දී ජාත්‍යාල මැරයින්ට අසු විය .මෙතුමා වාහනයෙන් බැස්සවූ මැරයින් ඔහුට පහර දුන්හ."බාල්දිය" කියපන් කියමින් පහර දුන්හ .මම සිංහල චිත්‍රපටි අධ්‍යක්ෂ කවරයකු බවත් සිරි පතුල චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේත් තමන් බවත් කියමින් ජීවිතය අයැද සිටියත් "බාල්දිය" කීමට අපොහොසත් වීම නිසා මැරයින් ඔහුව කාරය තුලට තල්ලු කොට පෙට්‍රල් දමා ගිනි තබා අමු අමුවේ මරා දැමීය.

    lUfX5tp.jpeg

    කේ. වෙන්කට් මහත්තයට තිබුනේ Nissan B310 ක්‍රීම් පාට මෝටර් රථයක්. ගිනිතබා විනාශ කළ එම කාරය මාස ගණනක් තිස්සේ බෙල්ලන්තර අත්තිඩිය පැත්තට වෙන්න තිබූ පාළු ඉඩමක දමා තිබුනි.

    UZ7CTpp.jpeg

    දේශපාලකයන්ගේ දුර දිග නොබලනා තීන්දු තීරණ නිසා කාටවත් කිසිදු හිරිහැරයක් නොකර අහිංසක මිනිස්සුන් රාශියක් මෙම කණගාටුදායක් සිදුවීම නිසා නිකරුනේ මැරුම් කෑහ. නැතිනම් ඔවුන්ගේ සියලුම දේපල විනාශවී අනාත විය. ජාතියක් වශයෙන් අප අදටත් කනගාටු වියයුතු තවත් විස්තරයක් මෙසේ ලියා තබමු.

    පණපිටින් අමු අමුවේ පුළුස්සා මරා දැමූ සිංහල සිනමාවට ඉමහත් සේවයක් කළ කේ.වෙන්කට් මහතාගේ චිත්‍රපට කිහිපයක්
    1.මහ රෑ හමුවූ ස්ත්‍රිය-1966
    2.උතුම් ස්ත්‍රිය-1969
    3.අද මෙහෙමයි-1972
    4.ගොපලු හඬ-1973
    5.දමයන්ති -1975
    6.නිලූකා-1977
    7.සිරිපතුල -1978
    8.මගේ අම්මා -1980

    NRTG ගේ සටහනක්
    චායරුප සහ තොරතුරු අන්තර්ජාලයෙනි
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    නිවැරැදි කල නොහැකි වැරදි
    ඒක ඇත්ත. අපි මේ කථා කරන්නේ ප්‍රසිද්ද චරිත ගැන. අපි නොදන්න අහිංසක මිනිස්සු කී දෙනෙකුට මේ ඉරණම සිද්ද වෙන්න ඇත්ද. අපේ තාත්තා කිව්වා කොල්ලුපිටියේ හන්දියේ කුඩ මහලා ජිවත් වෙච්ච අහිංසක මිනිහෙකුත් ගිනි තයලා මරලා තිබුනලු......:(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    bump
    ඒක ඇත්ත. අපි මේ කථා කරන්නේ ප්‍රසිද්ද චරිත ගැන. අපි නොදන්න අහිංසක මිනිස්සු කී දෙනෙකුට මේ ඉරණම සිද්ද වෙන්න ඇත්ද. අපේ තාත්තා කිව්වා කොල්ලුපිටියේ හන්දියේ කුඩ මහලා ජිවත් වෙච්ච අහිංසක මිනිහෙකුත් ගිනි තයලා මරලා තිබුනලු......:(

    මිනිස්සු චාන්ස් එක ආවම තමන්ගෙ ඔක්කොම තරහ මරහ පිරිමහගන්නවා ඔය වගේ දේකට මුවා වෙලා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    මෝඩ සිංහළු
    උබලාගේ ජේ ආර් උතුමාණන් ගේ වැඩ තමා. රණසිංහ ප්‍රේමදාස උතුමාණන් ගේ මුඩුක්කු කට්ටිය තමා මීනි මැරුවේ. තනිකර යූඇන්පි මැරයින් ගේ වැඩක්.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,342
    1,179
    113
    ශ්‍රී ලාංකික අප පසුකර ආ අදුරු යුග එමටයි. 1983 අවුරුද්දේ කළු ජූලිය් සමග ගෙවුණු අඳුරු අතීතය මෙය කියවන ඔයාලට මතකද දන්නේ නැහැ. මිනීමරු කොටි ත්‍රස්තවාදීන් විසින් හමුදා සෙබළුන් දොළොස් දෙනකු එකවර ඝාතනය කොට තිබූ සහගහන අපරාධයට වන්දි ගෙවන්න වුණේ ලංකාවේ සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ට. කොළඹ පැත්තේ ඒ එක දවසක දෙමළ කඩසාප්පු පුච්චමින් ගිනි ඇවිළෙනකොට ‘බාල්දිය’ කියන වචනය පැහැදිලිව උච්චාරණය කරන්න බැරි මිනිස්සුන්ව තෝරාගෙන දාමරිකයන් විසින් කපා කොටා දැම්මා.

    t1w7q6m.jpeg

    කේ.වෙන්කට් කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාවට විශාල මෙහෙවරක් කරපු කලාකාමී දමිළයෙක්. දමිළ වුණාට වෙන්කට් හැදුවෙම සිංහල චිත්‍රපට. ඒකට විශේෂ හේතුවක් තිබුණේ නැහැ. බොහෝ විට හොඳ මිනිස්සු යමක් කරන්නේ හේතු හොය හොයා නෙවෙයි. වෙන්කටුත් එහෙම කෙනෙක්. ඔහුට තිබුණා හරි මනරම් කලාත්මක ඇහැක්. ඒ ඇහැට පෙනුණු හිතට දැනුණු අලංකාරය කියන හැම සිතුවිල්ලක්ම දර්ශනයක්ම ඔහු සිනමාවට නැගුවා.

    fyXNuTC.jpeg

    දමිළයෙක් වූ කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කරපු ශ්‍රී පතුල බෞද්ධ සිනමා පටයේ අතිදක්ෂ සිංහල නළු නිළියන් වූ ජෝ අබේවික්‍රම, විජය නන්දසිරි සහ සුවිනීතා වීරසිංහ රංගනයෙන් දායක වෙනකොට එහි බොදු ගීත සිය ගැඹුරු හඬින් කන්කලු ආකාරයට ගායනා කෙරුවේ ඉස්ලාම් ලබ්ධිකයෙක් වූ මොහිදීන් බෙග්. ඒ ගීත එකතුව මොන තරම් මනලෝලීද කියනවා නම් අදටත් තවමත් වෙසක් එකට දන්සල්වල, සල්පිල්වල මහ සද්දෙට ඇහෙන්නේ ඒ ගීත. ‘සකල සතම බොදු බැතියෙන්’, ‘මිනිසාමයි ලොව දෙවියන් වන්නේ’ කියන ඒ අර්ථවත් ගීත අපි හැමෝටම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට අතර ‘ගොපළු හඬක්’ හුඟාක් ජනප්‍රිය වුණා. ‘මගෙ නාමලී බැඳි ආදරේ’ ගීතය අදටත් රේඩියෝ චැනල්වල නිතර ඇහෙනවා.

    BCjfcoQ.jpeg

    ශ්‍රී පතුල චිත්‍රපටයේ දර්ශනයක්

    එහෙත් 1983 ජූලි ජාතිවාදී කලබලයේදී ගාලු පාරේ දෙහිවල හන්දිය ආසන්නයේදී මෙතුමා වාහනයෙන් ගමන් ගනිද්දී ජාත්‍යාල මැරයින්ට අසු විය .මෙතුමා වාහනයෙන් බැස්සවූ මැරයින් ඔහුට පහර දුන්හ."බාල්දිය" කියපන් කියමින් පහර දුන්හ .මම සිංහල චිත්‍රපටි අධ්‍යක්ෂ කවරයකු බවත් සිරි පතුල චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේත් තමන් බවත් කියමින් ජීවිතය අයැද සිටියත් "බාල්දිය" කීමට අපොහොසත් වීම නිසා මැරයින් ඔහුව කාරය තුලට තල්ලු කොට පෙට්‍රල් දමා ගිනි තබා අමු අමුවේ මරා දැමීය.

    lUfX5tp.jpeg

    කේ. වෙන්කට් මහත්තයට තිබුනේ Nissan B310 ක්‍රීම් පාට මෝටර් රථයක්. ගිනිතබා විනාශ කළ එම කාරය මාස ගණනක් තිස්සේ බෙල්ලන්තර අත්තිඩිය පැත්තට වෙන්න තිබූ පාළු ඉඩමක දමා තිබුනි.

    UZ7CTpp.jpeg

    දේශපාලකයන්ගේ දුර දිග නොබලනා තීන්දු තීරණ නිසා කාටවත් කිසිදු හිරිහැරයක් නොකර අහිංසක මිනිස්සුන් රාශියක් මෙම කණගාටුදායක් සිදුවීම නිසා නිකරුනේ මැරුම් කෑහ. නැතිනම් ඔවුන්ගේ සියලුම දේපල විනාශවී අනාත විය. ජාතියක් වශයෙන් අප අදටත් කනගාටු වියයුතු තවත් විස්තරයක් මෙසේ ලියා තබමු.

    පණපිටින් අමු අමුවේ පුළුස්සා මරා දැමූ සිංහල සිනමාවට ඉමහත් සේවයක් කළ කේ.වෙන්කට් මහතාගේ චිත්‍රපට කිහිපයක්
    1.මහ රෑ හමුවූ ස්ත්‍රිය-1966
    2.උතුම් ස්ත්‍රිය-1969
    3.අද මෙහෙමයි-1972
    4.ගොපලු හඬ-1973
    5.දමයන්ති -1975
    6.නිලූකා-1977
    7.සිරිපතුල -1978
    8.මගේ අම්මා -1980

    NRTG ගේ සටහනක්
    චායරුප සහ තොරතුරු අන්තර්ජාලයෙනි
    ලාවට සීයාට කඩේ යනවද කියලත් හිතෙනවා.... මේ චන්දයක් අස්සේ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    ලාවට සීයාට කඩේ යනවද කියලත් හිතෙනවා.... මේ චන්දයක් අස්සේ...
    අනේ නැහැ මචන්. අද මගේ අතට අහුවෙච්ච පත්තර කෑල්ලක තිබුණු පොඩි විස්තරයක් දැකලා තමයි මට මේ ගැන හොයන්න හිතුනේ ....
    අනික පත්වෙලා හිටපු පත්වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කිසිම දේශපාලකයෙකුට මම ජීවිතේට කඩේ යන්නේ නැහැ ප්‍රතිපත්තියක් විදිහට....
    මේ රට, අපිව මෙච්චර පල්ලෙහාට තල්ලු කරපු මුන්ට කඩේ යන්න තරම් ප්‍රාථමික අදහස් මගේ නැහැ මචෝ...... :yes:

    ත්‍රෙඩ් එක බලලා කොමෙට් කෙරුවට තැන්ක්ස් බ්‍රෝ ..... :love2:(y)
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    It happened a few years before my birth, but my father talked about that darkest day, saying that it tarnished the name of Sri Lanka and it could have been avoided if the leaders had brains. But with that massive executive power, JRJ was a different man than he used to be. This changed my father's views regarding the executive presidency, and he always opposed it, saying it was never intended to upkeep the democracy. Lots of Tamils, especially top intellectuals, migrated to western countries. Do you know that some of those people never believed about a separate Tamil country but always supported the unity of Sri Lanka? With that disgraceful day, everything changed overnight.