මම මේ කතාවට 50%ක් වගේ එකඟ. ලංකාවෙ මිනිස්සු එදා ඉඳලම කරන්නෙ හැමදේම 225ට තල්ලු කරල දාල නිකං ඉන්න එක. උඹ ඒක පිළිගන්නවද නැද්ද දන්නෙ නෑ. මම කියන්නෙ 225 රට ගොඩ දාන්න ඕන, කන්න බොන්න දෙන්න ඕන ඒ වගේ මතයක ඉන්නෙ. ඒකෙ අන්තෙටම ගියාම තමයි සහනාධාර මානසිකත්වය එන්නෙ. මෙහේ ජොබ් කරන එවුන් බලන්න තනිකර අයිස් කෙලින්නෙ, මනුස්සයෙක් හරියට පාරක යන්න දන්නෙ නෑ. Attitude 0යි. හැබැයි මෙහේ එහෙම ඉන්න එකා පිටරටකට ගිය ගමන් හොඳට ඇඟ මහන්සි කරල වැඩ කරනව, හරිම Discipline, පට්ට Effort එකක් දානව එහේ ගියාම ගොඩ යන්න හැබැයි මේක ඇතුලෙදි කම්මැලියි එහෙම මුකුත් කරන්නෙ නෑ බලාගෙන ඉන්නව.උබලට නොතේරුනාට දේශපාලනේ හැමදේටම බලපානවා බන්. රටේ ඉන්න උන් වගේම නූපන් උන්ගෙ ජීවිතවලටත්. . ඒක නොතේරුන බහුතරයක් එවුන් කොල්ලො ෆුට්බෝල් මැච් බලනවා වගේ එක එකාගෙ කතා අහලා හුරේ දදා චන්දෙ දුන්න හින්දා තමයි රට මේ තැනට වැටිලා තියෙන්නෙ.
මට හිතෙන්නෙ මිනිස්සුන්ගෙන් වෙන්න ඕන හරිය වෙන්නෙ නෑ රටට ඒ වෙනුවට ඒ නොහැකියාව යවන්න 225 තියාගෙන ඉන්නව හැමදේටම එතැනට ඔක්කොම තල්ලු කරන්න. උන් වැරදියි හැබැයි මෙහෙම මිනිස්සු ටිකක් ඉන්න රටක මෙයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ මොකද රටේ මිනිස්සුම නේ ඔය තැන් වලට යන්නෙ නැතුව පිටසක්වලින් එන්නෙ නෑ නේ පොලිටික්ස් කරන්න. මගේ පොයින්ට් එක තේරුනාද මංද?

