ජීවිතය, දුක, අනාගතය

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    ජීවිතය, දුක, අනාගතය

    මචන්ලා මම පොඩි කාලේ ඉදලම ගොඩක් දුක් වින්ද කෙනෙක්. මම සතුටින් හිටිය කාලයක් නැතිම තරම්. පස්සේ කෙල්ලක් එක්ක යාලු උනා, සන්තෝසෙන් හිටිය. පස්සේ කෙල්ල දාල ගියා.

    ඔය සැකෙවින් කිව්වොත් මගේ දැනට ගතකරපු ජිවිතේ. ඔගොල්ලෝ කියයි කෙල්ලෙක් දාල ගියා කියල ඔහොම අඩන්න එපා, ඊලග කෙල්ල තවත් රසවත්.etc වගේ ඒවා. එත් මම දන්නවා මට අයෙත් ඒ වගේ කෙනෙක් ලැබෙන්නේ නෑ කියල. දැන් වෙන වෙලා අවුරුද්දක් වෙනවා තාමත් එයාගේ දේවල් මතක් වෙදිදි ඇග පන නැති වෙලා යනවා මගේ.

    ඔය තත්වේ කොහොම උනත් මම ජිවිතේ ගැන තර්කනුකුලව හිතන කෙනෙක්. මට දැන් හිතෙන දෙයක් තමයි කොච්චර සාර්ථක ජිවිතයක් ගතකරත් වැඩක් නෑ කියන එක. මට තෙරපි වලට ගිහිල්ල , antidepressants අරගෙන කොහොම හරි පරණ දේවල් අමතක කරලා ඊනියා 'අලුත් ජිවිතයක්' පටන් ගන්න පුළුවන්. එත් මොකක්ද තේරුම? මැරුණම ඔක්කොම ඉවරයි.

    මම හිතන දෙයක් තමයි එක්කෝ මම suicide කරගන්න ඕනේ, නැත්තන් නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ මට බුදු දහම ගැන 100% විශ්වාසයක් නෑ. බුදු දහම බොරුවක් නම් මම වෙන මහන්සිය අපරාදයක්. මොකද spiritual ජිවිතයක් ගතකරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි නේ. මෙච්චර කාලයක් දුක් විදලා ඉස්සරහටත් දුක් විදිනවා කියන එක හිතන්න අමාරු දෙයක්.

    මම හිතන්නේ හැම දේටම වඩා ශිට්ටාචාරයක් විදියට අපි ජිවිතේ තේරුම මොකක්ද කියන එක හොයන්න මහන්සි වෙන්න ඕනේ. තමන්ගේ ආගම,දර්ශනය තමයි හරි කියන ප්‍රථමික සිතුවිල්ලේ ඉන්නේ නැතුව සත්‍ය මොකක්ද කියන එක හොයන්න ඕනේ.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹට රස්සාවක් කරගන්ඩ පුළුවන් තරමට හොඳ මානසික සුවයක් තියෙනව නේද..

    මට නෑ බං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අපි මැරුණට පස්සෙ ආයෙ හම්බවෙන්නෙ නැද්ද? මගේ පවුලෙ අය,
    ගෙදර ආදරයෙන් හදල මැරිල ගිය සත්තු
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    :) හා තාඩන පීඩන...:baffled::baffled:

    බුදු දහම විශ්වාස නැත්නම් උබට කැමති ආගමක් අදහපන්...

    මම ඌ නෙමෙයි බන්.

    මම කිසිම ආගමක් අදහන්නේ නෑ.

    දේව වාදය logical false එකෙක්, ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.

    බුදු දහම ගැන කිව්වේ එක ගොඩක් logical නිසා.

    උඹට රස්සාවක් කරගන්ඩ පුළුවන් තරමට හොඳ මානසික සුවයක් තියෙනව නේද..

    මට නෑ බං

    රස්සාවක් නම් කරන්න පුළුවන් බන්.
    එත් මොකටද කරන්නේ?
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    අපි මැරුණට පස්සෙ ආයෙ හම්බවෙන්නෙ නැද්ද? මගේ පවුලෙ අය,
    ගෙදර ආදරයෙන් හදල මැරිල ගිය සත්තු

    අපෝ!
    ඕනේ නෑ :නො:
    එහෙම වෙන්නේත් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹ විරහ වේදනාවෙන් හින්දයි ඔච්චර දුරට හිතන්නෙ

    ඔය කෙල්ල තාමත් උඹට හිටියනං ඔය විකාර උඹ හිතන්නෙ නෑ :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අනික බං අපේ අම්ම තාත්තට වඩා වැඩි ආදරයක් කවදාවත් කෙල්ලෙක්ගෙන් ලැබෙන්නෙ නෑ
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    උඹ විරහ වේදනාවෙන් හින්දයි ඔච්චර දුරට හිතන්නෙ

    තාමත් උඹට ඔය කෙල්ල හිටියනං ඔය විකාර උඹ හිතන්නෙ නෑ :yes:

    මම අදහස් කරපු දේ තේරුම් ගනින්.
    කෙල්ලත් එක්ක මම අතල් එකේ හිටියත් අන්තිමට මැරෙනවා.
    ඒ මැරෙනකන් සහෙනන කටු කන්න වෙනවා.
    මොකක්ද මේකේ තේරුම.
    ඊට වඩා හොද නැද්ද දැන්ම මැරිලා යන එක.
    එත් මට මැරෙන්න තියන බය බුදු දහම ඇත්ත නම් අපායේ යන්න වෙන එක
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    https://www.elakiri.com/forum/showthread.php?t=1865666

    මේ thread එක දාපු කෙනාමද මේ කතාකරන්නේ කියලා හිතුනා... :baffled:

    100% කිසිකෙනෙක් / කිසිදෙයක් විශ්වාස කරන්නේ නැති එක හරි.
    තමුන්ගේම මොළයෙන් විමසන්න ඕනේ ඒක හරිද වැරදිද කියලා.
    බුදු දහම විතරක් නෙවෙයි, වෙන ආගමක වුනත් හරි දෙයක් තියනවා නම් ජීවිතේට එකතු කරගත්තට කමක් නෑ.
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    අනික බං අපේ අම්ම තාත්තට වඩා වැඩි ආදරයක් කවදාවත් කෙල්ලෙක්ගෙන් ලැබෙන්නෙ නෑ

    මට කාත් කවුරුත් නෑ බන්
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    https://www.elakiri.com/forum/showthread.php?t=1865666

    මේ thread එක දාපු කෙනාමද මේ කතාකරන්නේ කියලා හිතුනා... :baffled:

    100% කිසිකෙනෙක් / කිසිදෙයක් විශ්වාස කරන්නේ නැති එක හරි.
    තමුන්ගේම මොළයෙන් විමසන්න ඕනේ ඒක හරිද වැරදිද කියලා.
    බුදු දහම විතරක් නෙවෙයි, වෙන ආගමක වුනත් හරි දෙයක් තියනවා නම් ජීවිතේට එකතු කරගත්තට කමක් නෑ.

    ඒ තෙඩ් එකේ කතාවටම අදාළ දෙයක් තමයි මං කියල තියන්නේ කියල තේරෙන්නේ නැද්ද? :sorry:

    මම කතා කරන්නේ ජිවිතේ සාර්ථක කරගන්න එක ගැන නෙමෙයි බන්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    මචන්ලා මම පොඩි කාලේ ඉදලම ගොඩක් දුක් වින්ද කෙනෙක්. මම සතුටින් හිටිය කාලයක් නැතිම තරම්. පස්සේ කෙල්ලක් එක්ක යාලු උනා, සන්තෝසෙන් හිටිය. පස්සේ කෙල්ල දාල ගියා.

    ඔය සැකෙවින් කිව්වොත් මගේ දැනට ගතකරපු ජිවිතේ. ඔගොල්ලෝ කියයි කෙල්ලෙක් දාල ගියා කියල ඔහොම අඩන්න එපා, ඊලග කෙල්ල තවත් රසවත්.etc වගේ ඒවා. එත් මම දන්නවා මට අයෙත් ඒ වගේ කෙනෙක් ලැබෙන්නේ නෑ කියල. දැන් වෙන වෙලා අවුරුද්දක් වෙනවා තාමත් එයාගේ දේවල් මතක් වෙදිදි ඇග පන නැති වෙලා යනවා මගේ.

    ඔය තත්වේ කොහොම උනත් මම ජිවිතේ ගැන තර්කනුකුලව හිතන කෙනෙක්. මට දැන් හිතෙන දෙයක් තමයි කොච්චර සාර්ථක ජිවිතයක් ගතකරත් වැඩක් නෑ කියන එක. මට තෙරපි වලට ගිහිල්ල , antidepressants අරගෙන කොහොම හරි පරණ දේවල් අමතක කරලා ඊනියා 'අලුත් ජිවිතයක්' පටන් ගන්න පුළුවන්. එත් මොකක්ද තේරුම? මැරුණම ඔක්කොම ඉවරයි.

    මම හිතන දෙයක් තමයි එක්කෝ මම suicide කරගන්න ඕනේ, නැත්තන් නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ මට බුදු දහම ගැන 100% විශ්වාසයක් නෑ. බුදු දහම බොරුවක් නම් මම වෙන මහන්සිය අපරාදයක්. මොකද spiritual ජිවිතයක් ගතකරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි නේ. මෙච්චර කාලයක් දුක් විදලා ඉස්සරහටත් දුක් විදිනවා කියන එක හිතන්න අමාරු දෙයක්.

    මම හිතන්නේ හැම දේටම වඩා ශිට්ටාචාරයක් විදියට අපි ජිවිතේ තේරුම මොකක්ද කියන එක හොයන්න මහන්සි වෙන්න ඕනේ. තමන්ගේ ආගම,දර්ශනය තමයි හරි කියන ප්‍රථමික සිතුවිල්ලේ ඉන්නේ නැතුව සත්‍ය මොකක්ද කියන එක හොයන්න ඕනේ.

    Poddak Mathanata Yanna :D:D

    ABMC Anuradhapura :yes::yes:

    Link
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම අදහස් කරපු දේ තේරුම් ගනින්.
    කෙල්ලත් එක්ක මම අතල් එකේ හිටියත් අන්තිමට මැරෙනවා.
    ඒ මැරෙනකන් සහෙනන කටු කන්න වෙනවා.
    මොකක්ද මේකේ තේරුම.
    ඊට වඩා හොද නැද්ද දැන්ම මැරිලා යන එක.
    එත් මට මැරෙන්න තියන බය බුදු දහම ඇත්ත නම් අපායේ යන්න වෙන එක

    ජීවිතේ දුකක්ද බං?
    මටනං එහෙම හිතෙන්නෙ නෑ? අසනීපකාරයෙක් වුණත් :yes:
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    ජීවිතේ දුකක්ද බං?
    මටනං එහෙම හිතෙන්නෙ නෑ? අසනීපකාරයෙක් වුණත් :yes:

    :baffled:මම උබ දාන ත්‍රෙඩ් දැකල තියනවා.

    කොහොමත් උබ කතෝලිකයක් නිසා ඔහොම හිතනවා ඇති, පල්ලියෙන් හුරු කරවනවනේ ජිවිතේ දෙවියන් වහන්සේගෙන් ලැබුන ලස්සන තෑග්ගක් කියල හිතන්න :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    :baffled:මම උබ දාන ත්‍රෙඩ් දැකල තියනවා.

    කොහොමත් උබ කතෝලිකයක් නිසා ඔහොම හිතනවා ඇති, පල්ලියෙන් හුරු කරවනවනේ ජිවිතේ දෙවියන් වහන්සේගෙන් ලැබුන ලස්සන තෑග්ගක් කියල හිතන්න :baffled:

    හිතනව නෙමේ. ඒක මට දැනෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පොඩි කාලේ ඉදන් brain wash උනාම එහෙම තමයි.:sorry:

    උඹල ඉපදෙන්නෙත් දුකයි කියාගෙන, ජීවත් වෙන්නෙත් දුකයි කියාගෙන, මැරෙන්ණෙත් දුකයි කියාගෙන :lol:

    ජීවිතේ විඳින්ඩ පුරුදු වෙයං