අඩෝ මේ ත්‍රෙඩ් එකේ රිසාල්ට් එක මම නම් කිසිම විදිහකින් බලාපොරොත්තු උන එකක් නෙමේ. තාම මට නම් හිතා ගන්න බැ මේක. මාව මුලින් වකුගඩු කෙස් එක අහු වෙලා ඩොක්ටර් ලගට ගිහින් පොර දුන්න ටෝක් එකට මට ලෝකෙම කඩා වැටුනා වගේ උනා. මම ඒ වෙනකොට අලුතෙන් සොෆ්ට්වෙයා කම්පැනි එකක් දාන්න ඔක්කොම සෙට් කරගෙන හිටියේ. මම මගේ හොදම යාලුවා එක්ක ගියේ. මම එදා නම් ඇත්තටම මැරෙන්න හිතුනා. මැරෙන පාරේ පොඩ්ඩක් දුර ගියත් එක්ක. ඒ උනාට යාලුවා මාව ඇදගෙන බාර් එකකට ගිහින් මට හොදට බොන්න දුන්නා. එතනින් එහා මතක පහුවදා හවස ඇහැරෙන එක විතරයි. අඩෝ ඇයි බන් උබලට සියදිවි නහගන්න තරම් මොකක්ද? ඇත්ත කියපල්ලා සීරියස් අහන්නේ?
