ගෙදරට වෙලා නිකම් හිටියේ ඉස්කෝල වහපු නිසානෙ.කම්මැලි කමට නෙවෙයි.ඉස්කෝල වැහුව කියල ගුරුවරුන්ට පඩි නොගෙව ඉන්නෙ ඇයි?ඒ ගුරුවරුන්ට,එයාලගෙ ලමයින්ට බඩගිනි එන්නෙ ඉස්කෝලෙ ඇරල තියෙද්දි විතරද?
නියෝගෙ ආපු විදියෙන් කොහොමද ජෙප්පො කියල දැනගත්තේ කියලයි මම ඇහුවේ.කියන්න අකමැති නම් කමක් නෑ.
කටයි පුකයි වහන් හිටියෙ නෑ.හැමදාම ඕක ඉල්ලලා පුලුවන් විදියට සටනක් කරා.සුබෝධනී කමිටුව නැතත් මේ ආණ්ඩුවෙන් පත් කරපු ඇමති අනු කමිටුවත් නිර්දේශ කරා ඕක දෙන්න ඕන කියලා.
2021 ජනවාරි වලත් කැබිනට් පේපර් එකක් දැම්මා ඕක දෙන්න කියලා.කැබිනට් පේපර් දාන්නෙ දෙන්න පුලුවන් නිසානෙ.ඒ කාලෙත් වසංගතේ තිබුනනෙ.දෙනව කියල කියන්න හොඳයි.දුන් නැත්තම් ඉල්ලන්න නරකයි.එහෙමද?
මම මේ ගැන උබ තරම් දන් නෑ... හැබැයි මට හිතෙන විදියට උත්තර දෙන්නම්..
ගෙදරට වෙලා නිකම් හිටියේ ඉස්කෝල වහපු නිසානෙ.කම්මැලි කමට නෙවෙයි- හැබැයි ස්ට්‍රයික් කරල වැඩ නෑවත්තුවානේ?
ඒ ගුරුවරුන්ට,එයාලගෙ ලමයින්ට බඩගිනි එන්නෙ ඉස්කෝලෙ ඇරල තියෙද්දි විතරද? - නෑ..හැබයි කුලී වැඩ කරල එදාවේල හොයාගන්න මනුස්සය පවා කිසිම ආදායමක් නැතුව ගෙදරට වෙලා මොකුත් කර කියාගන්න බරුව ඉන්න වෙලාවක ,පඩිය මදි කියල ලමයින්ට උගන්නන් නැතුව හිටිය එක අමානුශික නැදද?
නියෝගෙ ආපු විදියෙන් කොහොමද ජෙප්පො කියල දැනගත්තේ කියලයි මම ඇහුවේ - මම කිවුවනේ අපේ පොඩි එකාගේ ටීචර් අනිත් අය උගන්නන් නැතුව ඉන්න කාලෙත් ඉගන්නුව කියල.. එයාම තමා කිවුවේ සංගමේ කියන විදියට කරන්න වෙනව කියලා( සංගමේ ජේවීපීද කියල අහන්න එපා ..වෙන වෙලාවක ඒ ගැන තර්ක කරමු)
සුබෝධනී කමිටුව නැතත් මේ ආණ්ඩුවෙන් පත් කරපු ඇමති අනු කමිටුවත් නිර්දේශ කරා ඕක දෙන්න ඕන කියලා.- මේ ආන්ඩුව මොන්වද බන් නොකිවිවේ... කියපු දේවල් වලින් කරේ මොනවද අහනවට වඩා හොඳයි...ඇයි මෙහෙම කරේ කියල අහන එක(හිටියටත් වඩා මිනිස්සුන්ව පල්ලෙහාට ඇදල දැම්මා)
මම කතා කරන්නේ මගේ ලමයට පහුගිය මාස ගානේ උන අසාදාරනය ගැන..පඩි අරන් වැඩ නොකරපු ගුරුවරු ගැන.. ඒක කරේ එයාලගේ උවමනාවට නොවේ කියන එකත් මේ සිද්දිවලින් තවත් තහවුරු වෙනවා.. ලමයා ඇපයට අරන් උද්ගෝශනය කරන්න කියන එක මොන තරම් පහත් ද... අපි කැමැත්තෙන් කරනවා නම් කමක් නෑ...
------
Post added on Nov 2, 2021 at 8:57 PM