ආසියාවේ; කොරියාව, මැලේසියාව, වියට්නාමය, චීනය නැගී එන්න පටන්ගත්තේ 70 ගණන්වල. ඒ කාලෙම තමා ඇමරිකාව ගොඩක් manufacturing සහ IT services outsource කරන්න ගත්තේ. ඒ ආපූ opportunities උන් ගානට seize කරගෙන තව දියුණු කරා.
ඒ කාලේ අපි ත්‍රස්තවාදී යුද්ධ දෙහෙකට අහු උනා. උතුරේ කොටි සහ දකුණේ ජේ වී පී. එතකොට මොකෙක්වත් එන්නේ නෑනේ මෙහෙට.
ඊට අමතරව අපේ සමාජ්වාදී චින්තනය. මැතිණි කරේ සේරම රට වහගෙන රට ඇතුළෙ නිශ්පාදන ආර්ථිකයක් හදන්න. පට්ට ෆේල් වැඩක්. ඕක අවුරුදු ගාණක් කතාකරන්න පුලුවන්.
අනික් කතාව අපි අධ්‍යාපනිකව සංවෘතවීම ඔය කාලේ, තාමත් එහෙමයි. ඒ දවස්වල ලංකාවට education field එකේ මේ ආසියාව අවට reputation එකක් තිබ්බා. ගොඩක් ඔය උඩ කී රටවල්වලින් ලංකාවට ළමයි ඉගෙනගන්න එවන්න chance එකක් තිබ්බා, මෙහෙ private - foreign collaborations වලින් universities ආරම්භ කරන්න දුන්නානං. ඔය ඒ කාලේ Monash එකේ affiliated university එකක් open කරන්න ගිහිං තියෙන්නේ, ඒකට ඉතිං විරුද්ධ වෙලා කඩාකප්පල් කරලා කට්ටිය, ඒක දැන්
Malaysia වල. ඊගාවට අධ්‍යාපනය modernize කරලා රජයට තියෙන බර අඩු කරලා education field එක efficient කරන්න රනිල් ගෙනාපු
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (ධවල පත්‍රිකාව) කරන්නම දුන්නේ නෑ.
අපි පිටරට ශිෂ්‍යයන්ට මෙහෙ අධ්‍යාපන අවස්ථා ඒ කාලේ විවෘත කරානං රටට ලොකු ආදායමක් ඍජුව ලැබෙනවා වගේම,ඒ ළමයි එක්ක අදහස් බෙදාගෙන අපේ අධ්‍යාපනය කරමාන්ත පවා දියුණුවෙනවා. ඇමෙරිකාව හැදුණේ එහෙම. අපිට මේ කාලාපයේ සෑහෙන වැදගත් තැනක් ගන්න තිබ්බා.
දැන්නං මොනවා කරත් මේක ගොඩ ගන්න බෑ. පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඇයි බැරි කියලා හිතෙනවනං, මෙහෙම හිතන්න. ඔයාට USD මිලියන 100ක් තියෙන විදේශීය ආයෝජකයෙක් කියලා හිතන්න. ඒ මුදල ඔයා ලංකාවේ ආයෝජනය කරන්න වැදගත් හේතුවක් හිතලා බලන්න. මේ කාලාපයේ අනික් රටවල්වල නැති ලංකාවටම ආවේණික විශේෂත්වයක්. Sri Lanka is a beautiful country වගේ ගොන් ඒවා නෙමේ.