//මනුස්ස ලෝකෙන් යොදුන් 84000 ඉහලට චාතුර් මහා රාජිකය නම් දෙව්ලොවක් පිහිටා ඇත.(යොදුනක් යනු හැතැක්ම 16 එතකොට හැතැක්ම වලින් ගත්තොත් 84000x 16.= 1344000 miles = 2150400 km) එය රාජ්යන් 4 කින් යුක්ත වේ .එම රාජ්ය 4 දතරාෂ්ට ,විරුඩ ,විරුපාක්ෂ ,වෙසමුණි යන රජවරුන් 4 විසින් පාලනය කරනු ලබයි , එහි වෙසෙන දෙවිවරුන් එක එක විෂයන් සම්බන්ද තනතුරු පාලන තන්ත්රය තුල දරනු ලබයි .එම පාලන තන්ත්රයේ පහලම තනතුර වන්නේ ගම්බාර දෙවියන්ය ., එම රාජ්යේ උතුරුකුරු දිවයින නමින් ලස්සන ප්රදේශයක් ඇත , එහි අනෝතප්ත විල නම් ලස්සන ජලාශයක් පිහිටා ඇත , මේවා මනුස්ස ඇස් වලට පෙන්නේ නැත ..ඉර්දිය 4 වෙනි මට්ටමට දියුණු කල අයට එයට ගොස් පැමිණිය හැක .. මනුස්ස ලෝකෙන් අවුරුදු 50 ක් එම ලෝකෙට 1 දවසකි ..
ඊලග දිවිය ලෝකේ තව්තිසා දිවියලෝකේ රාජ්යන් 31 පවතී ,එහි රජවරුන් 31 කි , තව්තිසා දෙව්ලොවෙහි අධිපති නම් ශක්රයාය . ඔහුට තට්ටු 100 පමණ උස මැණික් මාලිගාවක් ඇත , එමෙන්ම ඔහුට භාර්යාවෝ ලක්ෂ 8 පමණ ඇත , ඔහු පාවිච්චි කරන රථය වයිජන්ති රථය වේ , එය මැණික් වලින් නිර්මාණය කල රෝද 1000 ඇති කරත්තයකි . එහි දවසක් මනුස්ස ලෝකෙන් අවුරුදු 100 කි //
දැන් මචන් ඔය මැණික් ,ජලය කියන්නේ එක එක කම්පවුන්ඩ් නේ , එතකොට අපිට ඔය මැණික් විල් පෙන්නේ නැත්තේ දිවිමාන හෝ වෙන මාන වල පවතින ඔක්සිජන් හයිඩ්රජන් එහෙමත් තියන නිසාද ? ... එක්සොටික් මැටර්ස් කියල අනිත් පැත්තට කැරකුණු පරමානුත් අපි අද්යනය කරනවනේ මේ ගැලැක්සි එකේ නැති උනත් ...හැබැයි දිවිමාන හෝ ඔය මොකක් හරි මානයක තියන ජල අනු එහෙම බැහැ
අනික දෙවියෝ තාම රාජාණ්ඩු ක්රමද පාවිච්චි කරන්නේ ? දෙවියෝන්ට වැඩිය නොදියුණු අපි මනුස්සායෝම ප්රජාතන්ත්ර වාදී දර්ශන එහෙම පාවිච්චි කරනකොට ..අනික වාහනේ ෆෙරරියක්වත් අඩුම ගානේ .අනික බුදු හාමුදුරුවෝ ඔය ලෝක වලට සාපේක්ෂව දවසයි දෙකයි ජිවත් වෙලා තියෙන්නේ , දවසක් ජිවත් වෙච්ච කෙනෙක් කොහොමද අභිධර්මය දෙවියන්ටත් දේශනා කරලා දෙවි වරුනුත් බුදු සරණ යන්නේ ?.. තව කියන්න කතානම් අපමණයි ... මහා බබා පර්වතයක් මිරිකලා හදේ හාවා ඇදපු කතාව දන්නවද ?...ඉරෂනල් තමයි බ්රෝ