ජ.වි.පෙ. ආගම් විරෝධී ද?
වාමාංශික දේශපාලනය ගත් කල ආගම විග්‍රහ කරන්නේ ධනපති පන්තියේ පැවැත්ම තහවුරු කරන තවත් එක් ප්‍රධාන සාධකයක් ලෙසය. කාල් මාක්ස් පවසා ඇත්තේ "ගතානුගතික ආගම පීඩිතයාගේ සුසුම" කියාය. ඔව් එය සත්‍යක්ය. ධනපති පාලකයන් ආගම අතීතයේදීත්,වර්තාමනයේදීත් තම පැවැත්ම තහවුරු කරගැනීමට යොදාගෙන ඇත.අනාගතයේදීත් එය බොහෝවිට එසේම වනු ඇත.
සරලව කිවහොත් ආගමේ සමහරක් (විකෘති කල) ඉගැන්වීම් තුලින්, අපට හැගෙන්නේ, මේ හිමිවී ඇති සමාජ තත්ත්වය,අපිට ලැබී ඇති,නොලැබී ඇති සියලුම දෑ සර්වබලධාරි දෙවි කෙනෙක්කුගේ කැමැත්ත මත හෝ කර්මය යන අස්පර්ශ විශ්වාසය මත තීරනය කරනවා යැයි කියාය. ඉතින් ජනයා එකී කීම් වලට අවනත වූ කල ඔවුන් තුල යමක් උත්සාහයෙන් දිනාගැනීමට ඇති කැමැත්ත,විශ්වාසය පලුදු වී යයි. මක්නිසාද එම ආගම් තුල ඉගැන්වීම් වල කර්මය හෝ දේව කැමැත්තෙන් පිට කිසිවක් සිදු නොවන බව උගන්වන නිසාය.
නමුත් වාමාංශික ව්‍යාපාරය තුල ඉතිහාසයේ කිසිම දිනක ජයග්‍රහණය බන්දේසියක තබා ලබාදුන්නේ නැත.වම තුල ඇත්තේ උත්සාහයෙන් ලබාගත් ජයග්‍රහණයන් ය.ඉතින් ඔය ස්ථානයේදී ආගම් සමග යම් මතවාදී ඝට්ඨනයක් ඇතිවීම ස්වාභාවිකය. නමුත් කිසි දිනක වාමාංශික දේශපාලනය අන්තවාදී නැත.අපි කිසිම දිනක ආගම් අතුගා දමන්නවත්,පන්සල් පල්ලි කඩන්නවත් අනුබල දෙන්නේ නැත. අපි සලකන ආකාරයට ඒවා සංස්කෘතික වටිනාකමක් දක්වන ලංකාවට අභිමානයක් ගෙන දෙන අතීත මුතුන් මිත්තන්ගේ නිර්මානයන් ය.
නමුත් අපි පැහැදිලිව කිව යුත්තේ ආගම් වල පවතින සමහර අන්තවාදී හා ප්‍රතිගාමී ලක්ෂණ වලට අපි එක හෙලාම විරුද්ධ බවය. පසුගිය කාලයේදී ලංකාවේ නොසන්සුන් තත්ත්ව ඇති වූයේ මූලික වශයෙන් ආගම මූලික කොටගත් ජාතිවාදීන් දෙපිරිසක් නිසාය.අපි ඒ අන්තවාදයට තදින්ම විරුද්ධ වෙමු,ආගම් මූලික කොට ගනිමින් සමාජය තුල ඇතිකර තිබෙන මිත්‍යාවන්ටද,ධනපති හොර පාලකයන් ආගම බාවිතා මිනිස්සුන් රැවටීම සදහා සමාජය තුල ගොඩනගා ගන්නා පුහු සීලවන්තබාවයටද අපි විරුද්ධ වෙමු. එපමනක් නොව මුදල් නිසා ආගමික මූලධර්මයන් ධනපති පාලකයන්ගේ පටු දේශපාලනමය අවශ්‍යතා සදහා වෙනස් කරන ඒ ඒ ආගම්වල පූජකයන්ටද අපි එක හෙලාම විරුද්ධ වෙමු. දැන් ඔබට පැහැදිලි ඇති ජ.වි.පෙ විරුද්ධ වන්නේ ආගමටද එහෙමත් නැතිනම් ආගම තුලින් ගොඩනගාගත් පුහු,විනාශ කාරී තත්ත්වයන් වලටද කියා.
දැන් සමහරුන් ජ.වි.පෙ ට චෝදනාවක් එල්ල කිරීමට බැරි තැන කරන්නේ "ජ.වි.පෙ ආගම් විරෝධී" කියා කීමය. අවාසනාවන්තකම යනු ඒ අයගේ නායකයන් කෙතරම් ආගමික මූලධර්මයන් කෙලෙසනවාද.. ඔවුන් සොයා නොබලයි. ඉතින් මට කියන්නට ඇත්තේ...."අනේ මෙහෙමත් වහල්ලු" කියාය. ස්තූතියි