ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අනුර දිසානායකගේ යටත්විජිතවාදය

    ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ.වි.පෙරමුණ එ.ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත්වෙමින් ඇත. එ.ජා.ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.

    1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්‍ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්‍ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය.

    ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්‍ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.

    අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?

    මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්‍රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.

    ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

    නලින් ද සිල්වා

    2015 අගෝස්තු 01

    නලින් ද සිල්වාට රූපවාහිණියක වැඩසටහනක් කරන්න කියපංකො පොරගෙ මහාලොකු චින්තනය පෙනන්න . දොරමඬලාවටවත් එන්නෙ නෑනෙ මූ. ඉඳල හිටල ඇවිල්ල ලොකූ දෙයක් වගේ මොකක් හරි ක්ෂේත්‍රයක් විවේචනය කරල යනව.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Thamnge mattam thammettam kiyanawa ne.ehanan 3wheel ekatath kathira gahala balamu.

    JVP poster dekala nethida.:(:(:(:(:(
    Poddak warna andathawaya ehema thiyenawad kiyala poddak check karaganna.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Thamnge mattam thammettam kiyanawa ne.ehanan 3wheel ekatath kathira gahala balamu.

    JVP poster dekala nethida.:(:(:(:(:(
    Poddak warna andathawaya ehema thiyenawad kiyala poddak check karaganna.
    :sorry::sorry::sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol:

    නලින් ද සිල්වාට රූපවාහිණියක වැඩසටහනක් කරන්න කියපංකො පොරගෙ මහාලොකු චින්තනය පෙනන්න . දොරමඬලාවටවත් එන්නෙ නෑනෙ මූ. ඉඳල හිටල ඇවිල්ල ලොකූ දෙයක් වගේ මොකක් හරි ක්ෂේත්‍රයක් විවේචනය කරල යනව.

    :lol::lol: උබට පිස්සුද බන් මෙ නලියට බනින්න. මට නම් හිනා මුව දැක්කම. මු ඔබාමට තනියෙන් ගෙම් දෙන්න ටොක් කරන්න කැම්‍රන් හම්බුනොත් තනි අගිල්ලෙන් මරනව කියල කියන්නෙ. ලමයි ඉගගත්තෙ එන්ගලන්තෙ හරි ප්‍රන්ශෙ හරි.

    එත් නාමල් වගෙ හුජ්ජ කොල්ලෙක්ට වදිනව. මහින්දට වදිනවා. මහින්දට කමක් නහැ කියමු. නාම්ල් වගෙ ගු හෙරෙක්ට වදිනවද බන් තම්න්ගෙ උගත්කම ගැන හරි පොඩ්ඩක් හිතුව නම්. ඉගනගත් පමනින් වහල් බවින් මිදෙන්න් බහෙ.

    මුට වඩා හොදයි අර ජෙ අර් පි සුරියපෙරුම උගෙ කතා අහලා කොල්ලො මස් ගොබෙ වත් හදාගන්නව:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    චම්පක රණවකගේ photoshop අදහන තවත් වහලෙක්... ඌ පච වෙලා ඉවරයි... මෙන්න උගේ පච වීමේ තරම... උයාට තාම අර ෆොටෝ එක ඇත්ත වගේ වගේ ද?

    10676246_1522554468026066_5001193653395728494_n.jpg

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    චම්පක රණවකගේ photoshop අදහන තවත් වහලෙක්... ඌ පච වෙලා ඉවරයි... මෙන්න උගේ පච වීමේ තරම... උයාට තාම අර ෆොටෝ එක ඇත්ත වගේ වගේ ද?

    http://www.asianmirror.lk/images/10676246_1522554468026066_5001193653395728494_n.jpg

    වහල් සේවයේ යෙදෙන්නෙ සන්ධානෙ බයියො ටික, සන්ධානයක් ඕනෙද මහින්ද පොරක්නන්? මහින්දගෙ සන්ධානෙ නිකන් කක්කා ගොඩක් වටේ වහල ඉන්න නිල මැස්සො ටිකක් වගේ(ඇයි පාටත් නිල්නෙ :shocked:)
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වහල් සේවයේ යෙදෙන්නෙ සන්ධානෙ බයියො ටික, සන්ධානයක් ඕනෙද මහින්ද පොරක්නන්? මහින්දගෙ සන්ධානෙ නිකන් කක්කා ගොඩක් වටේ වහල ඉන්න නිල මැස්සො ටිකක් වගේ(ඇයි පාටත් නිල්නෙ :shocked:)

    :baffled::baffled::baffled::baffled::baffled::baffled: උබ කියන්න හදන දේ සිංහලෙන් බැරිනම් English වලින් හරි දාපන්...
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    ටයර් සෑය වගේද තාජුඩීන් ක්‍රමය. දත් කඩලා කකුල් කපලා කඩපු වීදුරුවලින් ඇනලා වාහනේ හප්පලා ගිනිතියලා මරන්නේ. :no::no::no:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ටයර් සෑය වගේද තාජුඩීන් ක්‍රමය. දත් කඩලා කකුල් කපලා කඩපු වීදුරුවලින් ඇනලා වාහනේ හප්පලා ගිනිතියලා මරන්නේ. :no::no::no:

    :(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට ඉතින් අවුල ගොඩක්ම හදිස්සියට හුලන් ගියොත් හරි ටයර් ගෙවුනහම හරි ටයර් එකක් නැතිව යයිද හොයා ගන්න :( අනික් කාරනේ පොල් පරාල නැතිව යයිද කියල :( මේ ටිකේ ගෙදර වහලෙ ගහනව :)
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ගනන් කරන්න බැරි තරම් ටයර් සෑයවල් දැකල තියෙනව
    බුත්තල, වගුරුවෙල, ගෝගංආර කියන්නේ වැඩිම ටයර් සෑයවල් තිබුන ප්‍රදේශ වලින් එකක්
    රෑට මර ලතෝනි දෙන සද්දෙ ඇහෙනවා.. උදේට ආරන්චි වෙනව ඊයේ රෑ අහවල් කෙනා මරල පුච්චල කියල
    ටයර් පටවපු ලොරි වල මූන රෙදි වලින් වහල, අතපය ගැට ගහල දවල් වරුවේ ටවුමේ, පාරවල් වල මින්ස්සුන්ට පේන්න අරගෙන යනව. රෑට පුච්චල මරනව
    අපි හවස 6 වෙනකොට දොරවල් වහගන්නව.
    ගෙදර බාත්රූම් තිබුනෙ නෑ, අපිට චූ බර හැදුනම බේසමකට චූ කරන්නේ. තාත්ත ඒව උදේට අස් කරනව
    කොයි වෙලාවෙ හරි කවුරු හරි ඇවිල්ල තාත්තව අරගෙන යයි කියල පුදුම බයකින් හිටියේ
    මගේ යාළුවෝ 4 දෙනෙකුගේ තාත්තල මැරුව.
    JVP එකෙන් මැරුවම වල උඩට පිරෙන්න පස් දාන්න බෑ... දනිස්සෙන් උඩට පෙට්ටිය උස්සන්න බෑ... එක සැරේකට වැඩිය මළ ගෙදරට යන්න බෑ...
    හැබැයි රජයට හිතවත් වෙලා ජේ වී පී එකෙන් මැරුණම රජයෙන් වන්දි, පැන්ෂන් එක ලැබුන
    UNP එකෙන් මැරුවම අළු වත් හොයන්න නෑ... වන්දි නෑ... පැන්ෂන් නෑ...
    මේව වෙනකොට මම 5 වසරේ...
    අද වගේ මතකයි 1990.01.01 දා JVP එකෙන් අපේ ගේ මංකොල්ල කන්න ආව. අපි ලයිට් ඕෆ් කරගෙන පුළුවන් තරම් කෑ ගැහුව. STF එකෙන් එනකොට උන පැනල ගියා...
    ඒත්.. 1990.01.07 ආයෙත් ආව. එදා කෑගහන්න උනේ නෑ. තාත්තගේ යාළුවෙක් පාරෙදි අල්ලගෙන මිනිහ එකක් ආවේ. අපිට දොර අරින්න උනා. තාත්තගේ බෙල්ලට කඩුව තියාගෙන අම්මට කිවුව තියෙන ඔක්කොම දීපන් කියල. හැම දේම අරගෙන ගියා. ජීවිත වලට හානියක් කලේ නෑ.
    එදායින් පස්සේ මම මගේ පංචායුදේ දැක්කෙ නෑ.... කමක් නෑ... සහෝදරයෙක් ආදරෙන් එයාගෙ දරුවෙකුට ඒක දාන්න ඇති.....

    අපේ ගෙවලුත් (තාත්තගේ මහ ගෙදරත්) විදිහටම මංකොල්ල කෑව මචං.. මමනං එතකොට ගොඩක් පොඩීයි.. ලොකු තේරුමක් නෑ මට.. උන් හැසිරුණේ ජවිපෙ අය විදිහටමයි කියලා කට්ටිය තාම කියනවා.. කතාබහ ඇතුළු හැමදේම.. නමුත් ඒ ආපු කෙනෙක්ට සදු වෙච්ච අත්වැරදීමකින් සීයාට සහ තාත්තාට තේරුම් ගියා ඒ ජවිපෙ නෙමෙයි කියලා.. ගමේ අපි හොඳටම දන්න කියන මනුස්සයෙක්.. ඒ එවකට එජාපෙ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක් සහ මහුගේ අධාර කරුවෝ පිරිසක්.. හුඟක් අය ජවිපෙ නම භාවිතා කරමින් ඒ කාලේ හුඟක් අපරාධ සහ පෞද්ගලික පළි ගැනීම් කර කියලා අපේ තාත්තා එහෙම අදටත් කියනවා.. අපිට පරම්පරාවෙන් යමක් කමක් තිබ්බා.. වතුපිටි යානවාහන එහෙමත්.. අපේ සීයා එහෙම පරම්පරාවෙන් ශ්‍රී ලංකා කාරයෝ.. තාත්තත් තරුණ කාලේ ශ්‍රී ලංකා එකට වැඩ කරා.. ඒවයේ පළිගැනීමක් තමයි කෙරුවේ..
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    දේශපාලකයා දනගස්වන හැටි අපිට කියල දීපු උඹලගේ මතවාදී විප්ලවය තවදුරත් උඹලගේ විතරක් නෙමෙයි.. ඒක දැන් අපෙත් විප්ලවය වෙලා...
     
    :):lol: