ටයිටැනික් - ගිලී ගිය දැවැන්තයා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ටයිටැනික් - ගිලී ගිය දැවැන්තයා

    x2fAN8z.jpg

    ආර් එම් එස් ටයිටැනික් - RMS Titanic [RMS: Royal Mail Ship] යනු 1912 වසරේ අප්‍රේල් මස 15 දා උදෑසන උතුරු අත්ලන්තික් සයුරේ ගිලීගිය බ්‍රිතාන්‍යය මගී ප්‍රවාහන නෞකාවකි.බ්‍රිතාන්‍යයේ සවුත්ම්ටන් හි සිට එකසත් ජනපදයේ නිව්යෝර්ක් තෙක් තම කුළුදුල් ගමනේ යෙදෙන විට පාවෙන අයිස් කුට්ටියක ගැටී සිදුවූ අනතුරෙන් මෙම නෞකාව මුහුදු බත් විය.මෙය නුතන ඉතිහාසයේ සිදුවූ බරපතලම නාවික අනතුර වන්නේ ඉන් පුද්ගලයන් 1500කට වඩා මිය ගිය නිසාය.Titanic යනු එය සේවයට එක් වු සමයේ තිබූ විශාලතම මගී ප්‍රවාහන නෞකාවයි.මෙය අයත්ව තිබුණේ වයිට් ස්ටාර් ලයින්(White Star Line) නෞකා සමාගමටය.තෝමස් ඇන්ඩෲස් නම් නෞකා නිර්මාණ ශිල්පියා සමග එක්ව එය නිර්මාණය කලේ බෙල්ෆ්ස්ට් හි හර්ලෑන්ඩ් සහ වොල්ෆ්(Harland and Wolff) නෞකා නිර්මාණ සමාගමයි.තෝමස් ඇන්ඩෲස් ද ටයිටැනික් නැව සමග මුහුදුබත් විය.මෙම නෞකාව තම මංගල ගමනේදී මගීන් 2,224 ක් රැගෙන ගියේය.


    Ob86e4Q.jpg
    එඩ්වඩ් ස්මිත් සහ තෝමස් ඇන්ඩෲස්​


    VzSMG4o.jpg
    එඩ්වඩ් ස්මිත් ඇතුලු නාවිකයන්​


    නෞකාව භාරව සිටියේ එඩ්වඩ් ස්මිත් නම් කපිතාන්වරයාය.මෙම ගමනට ලොව ධනවත්ම පුද්ගලයන් කිහිපදෙනෙක්ම එක් විය.තවද සියගණනක් වූ බ්‍රිතාන්‍යය,අයර්ලන්තය සහ ස්කැන්ඩිනේවියානු රටවල ජනයා නව ජීවිතයක් ඇරඹීමේ අදහසින් යුතුව උතුරු ඇමෙරිකාවට යෑම සඳහා නෞකාවට ගොඩ වී සිටියහ.රැහැන් රහිත විදුලිපණිවුඩ යැවීමේ පහසුකමද නෞකාවේ මගීන්ට සහ කාර්‍ය මණ්ඩලයට සපයා තිබිණි.ටයිටැනික් නැව සතුව දියුණු ආරක්ෂක විධිවිධාන කිහිපයක්ද විය.ඒවා නම් ජලපරිරෝධක මැදිරි සහ දුර සිට ක්‍රියාත්මක කල හැකි ජලපරිරෝධක දොරවල්ය.නමුත් යල පැන ගිය නාවික ආරක්ෂක රෙගුලාසි නිසා ඔවුන් ප්‍රමාණවත් ජීවිතාරක්ෂක බෝට්ටු රැගෙන ගියේ නැත.ටයිටැනික් නැවේ ගෙන ගොස් තිබෙන්නේ මගීන් 1178කට ප්‍රමාණවත් එනම් එහි ගමන් කල මගීන්ගෙන් අඩකට පමණ සෑහෙන බෝට්ටු සංඛ්‍යාවක් පමණි.



    rJWcjFw.jpg
    ටයිටැනික් නෞකාවේ ගමන් මග​


    Vx32AHL.jpg
    ටයිටැනික් නැව අනතුරට පත්වීම ගැන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සඳහන් වූ අයුරු​


    1912 අප්‍රේල් 10 දා ස්වුත්හැම්ප්ටන් නගරයෙන් පිටත්වන ටයිටැනික් නැව ප්‍රංශයේ ශර්බර්ග් වෙත ලගාවේ.ඉන්පසු අයර්ලන්තයේ ක්වීන්ස්ටන්(වර්තමානයේ කෝබ්)වෙත පිටත් වේ.එහි සිට අප්‍රේල් මස 11 දා නිව්යෝර්ක් බලා ගමන් අරඹයි.සවුත්හැම්ප්ටන් නගරයෙන් පිටත් වූ දින සිට කිලෝමීටර් 600ක් දුර ගමන් කර අප්‍රේල් මස 14 දා නිව්පවුන්ඩ්ලන්තයේ දකුණේ වූ පාවෙන අයිස් කුට්ටියක නෞකාව ගැටෙන්නේ නැවේ වේලාවෙන් පස්වරු 11.40 පමණය.එම ගට්ටනය නිසා නැවේ ජලපරිරෝධක මැදිරි 16න් 5ක්ම මුහුදට විවෘත විය.ඒවා ඔස්සේ ජලය නෞකාව තුලට ගලා ඒම ඇරඹිණි.ඒ අතරතුර මගීන් සහ සමහරක් කාර්‍ය මණ්ඩල සමාජිකයින් ජීවිතාරක්ෂක බෝට්ටුවලින් නැවෙන් ඉවතට යෑම ඇරඹූහ.නමුත් ඒවායින් වැඩි ප්‍රමාණයක් ප්‍රමාණවත් පිරිසක් ගෙන ගියේ නැත.පිරිමින් විශාල සංඛ්‍යාවක් නැව තුල ඉතිරි වුනේ ජීවිතාරක්ෂක බෝට්ටුවලට මගීන් නග්ගවා ගනිද්දී සමහර නිලධාරීන් "කාන්තාවන් සහ ළමුන් පළමුව" යන්න අනුගමනය කල නිසාය.නැව කැබලි දෙකකට වෙන්ව එක් කොටස බැගින් ගිලී යාම සිදුවන්නේ දහසකට වැඩි පිරිසක් නැව තුල සිටියදීය.ඒ පෙරවරු 2.20 පමණය.නැව සම්පුර්ණයෙන්ම ගිලී ගොස් පැය 2කට පමණ පසු Cunard liner සමාගමේ ආර් එම් එස් කාර්පාතියා නෞකාව(Cunard යනු White Star Line හි තරඟකාරයාය.ටයිටැනික් නිර්මාණය වන්නේ RMS Carpathia නෞකාවට අභියෝගයක් වනු පිණිස යැයි කියවේ.)එම ස්ථානයට ලගාවේ.RMS Carpathia නෞකාව විසින් ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සිට දිවිගලවා ගත් මගීන් 705ක් පමණ බේරාගනියි.



    ZbLMqOe.jpg
    ටයිටැනික් නෞකාවේ අවසන් වරට ලබාගත් ඡායාරූපය?​


    qb1Yczl.jpg
    නෞකාව අනතුරට ලක්වූයේ මෙම අයිස් කුට්ටියේ වැදීමෙන්ද​


    bCKQEjX.jpg
    RMS Carpathia නෞකාව​


    WMfKjzx.jpg

    නෞකාව අසල වූ ටයිටැනික් නැවේ ජීවිතාරක්ෂක බෝට්ටුවක්


    GvN07qZ.jpg
    අනතුරින් මිය ගිය පිරිස මුහුදේ මිහිදන් කිරීමට පෙර යාච්ඥා කරන අයුරු​


    75GMWI5.jpg
    ටයිටැනික් නෞකාවේ සිට දිවිගලවාගත් නාවිකයන්ගෙන් පිරිසක්​


    mJizi4T.jpg
    Southamptonහි ජනයා ටයිටැනික් ඛේදවාචකයෙන් දිවිගලවා ගත් පිරිසගේ නම් පරීක්ෂා කරන අයුරු​


    Wthb4UA.jpg
    ප්‍රමාණවත් ජීවිතාකරක්ෂක බෝට්ටු ගණනක් නොතිබීම ජීවිත හානිය වැඩි කරන්නට හේතුවිය​


    මෙම විනාශය ලොව පුරා කම්පනයක් ඇති කල අතර සිදුවූ විශාල ජීවිත හානිය සහ මෙහෙයුම්වල සිදුවූ වැරදීම් දැඩි කතාබහට ලක්විය.මෙම අනතුර නෞකාවල මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධව බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය යන රටවල අවධානය වැඩි කරන්නට හේතුවිය.1914 වසරේදී පැවැත්වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී මගී නෞකාවල ආරක්ෂාව සම්බන්ධව රෙගුලාසි රැසක් නියම කරන ලදි.ඒවා අදටත් ක්‍රියාත්මක වේ.ඊට අමතරව සන්නිවේදනය සඳහා රැහැන් රහිත ක්‍රමවේද පාවිච්චි කිරීමට නව ක්‍රමවේදයන් භාවිතා කිරීම ගැනත් එහිදි සාකච්ඡා විය.



    520xH4W.jpg

    අත්ලාන්තික් සාගරයේ ගිලී තිබෙන ටයිටැනික් නෞකාවේ කොටසක්


    4ueL1qj.jpg

    නැවේ ඉදිරිපස කොටස


    GWwCSeF.jpg
    නෞකාවේ තිබී ගොඩ ගත් පිඟන් භාණ්ඩ කිහිපයක්​


    මේවන විට ටයිටැනික් නැව අත්ලාන්තික් සයුරේ කිලෝ මීටර් 3ක් පමණ ගැඹුරේ(මීටර් 3,784ක්)කැබලි දෙකකට කැඩී තැන්පත්ව තිබේ.1985 වසරේදී එය සොයාගන්නා ලද අතර එහි තිබී ගොඩ ගත් දහස්ගණනක් වු භාණ්ඩ ලොව පුරා කෞතුකාගාරවල ප්‍රදර්ශනය කරනු ලැබේ.ලොව වඩාත් ප්‍රසිද්ධම නෞකාව වන්නේ ටයිටැනික්ය.එහි මතකයන් චිත්‍රපට,පොත්,ගීත ,ප්‍රදර්ශන ලෙස තවමත් පවතියි.


    2CUWs3r.jpg


    69vg3r4.gif


    tsCX6F5.jpg
    ටයිටැනික් නැවේ සැලැස්ම​


    ටයිටැනික් නැව අඩි 882 අඟල් 9ක්(මීටර් 269.06) දිගය.උපරිම පළල අඩි 92 අඟල් 6(මීටර් 28.19)කි.නැවේ සම්පුර්ණ උස අඩි 104කි(මීටර් 32).එහි ඉපිලිම් ගැඹුර අඩි 34කි.නැවේ සාමාන්‍ය වේගය පැ.කි.39කි.උපරිම වේගය පැ.කි.44කි.නැවේ මගීන් 2435ක්ද කාර්‍ය මණ්ඩලය 892ක්ද සහිතව 3327ක් ගමන් කල හැකිවිය.නමුත් එහි තිබුණේ ජිවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණි.



    8JJk8RO.jpg
    ටයිටැනික් නෞකාව ගැන එසමයේ පුවත්පතක පළවූ වාර්තාවක්​


    ටයිටැනික් යන නම නිර්මාණය වන්නේ ග්‍රීක මිත්‍යා කතාවලිනි.එහි අරුත අතිවිශාල යන්නයි.එය නිර්මාණය කරන්නෙ අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හිය.Titanic යනු Olympic-class හි දෙවන නෞකාවයි.පලමුවැන්න වූයේ ඔලිම්පික් නම් ටයිටැනික් නැවට බොහෝ සෙයින් සමාන තවත් මගී ප්‍රවාහන නෞකාවකි.තුන්වැන්න එච් එම් එච් එස් බ්‍රිතැනිකා නෞකාවයි.ඒවා බ්‍රිතාන්‍යය නෞකා සමාගමක් වූ White Star Line හි විශාලතම නෞකා 3කි.මෙම නෞකා තුන නිර්මාණය කිරීම සම්බන්ධව පළමුවරට සාකච්ඡා වන්නේ 1907 වසරේ මැද කාලයේදීය.ඒ White Star Line හි සභාපති J. Bruce Ismay සහ White Star Line සමාගම භාර මවු සමාගම වූ International Mercantile Marine Co. (IMM) හි මූල්‍ය සම්පාදක J. P. Morgan විසිනි.


    IZchUlP.jpg

    නෞකාව තුල වූ ව්‍යායාම කිරීමට වෙන් කල කොටසක්


    dbkgBUw.jpg
    ආහාර ගැනීමට වෙන් කර තිබූ ශාලාවක්​


    tqc7g6F.jpg


    White Star Lineහි ප්‍රධාන තරඟකරුවා වූයේ Cunard සමාගමයි.එම කාලයේදී Cunard සමාගම වේගවත්ම මගී ප්‍රවාහන නෞකා 2ක් වූ Lusitania සහ Mauretania දියත් කරයි.වේගයට වඩා ප්‍රමාණයෙන් විශාල මෙන්ම මෙතෙක් නිර්මාණය නොකල අතිවිශාල දෙයක් සහ සුවපහසු සහ සුඛෝපභෝගී බවෙන් ඉහල නෞකාවක් නිපදවන්නට White Star Line හි සභාපතිවරයාට අවශ්‍ය වේ.White Star Line සමාගම Cunardහි දැවැන්ත නෞකාවන්ට අභියෝගයක් වන සහ තම පැරණි නෞකා 2ක් වන තවමත් සේවයේ යොදවා ඇති SS Teutonic (1889 සිට) සහ SS Majestic(1890 සිට) වෙනුවට භාවිතා කල හැකි නෞකා කිහිපයක අවශ්‍යතාවය දකියි.SS Teutonic වෙනුවට ඔවුන් ඔලිම්පික් නෞකාවද, SS Majestic වෙනුවට ටයිටැනික් නෞකාවද ඔවුන් සේවයේ යොදවයි.ටයිටැනික් නැව ගිලී යාමෙන් පසුව මැජෙස්ටික් නෞකාව් යළි සේවයට යොදවා ගැනීමට සිදුවේ.



    wTJkoSz.jpg


    මෙම නවතම නෞකා 3 නිපදවන්නේ බෙල්ෆස්ට් හි හර්ලෑන්ඩ් සහ වොල්ෆ්(Harland and Wolff) නෞකා නිෂ්පාදන සමාගම විසිනි.එම සමාගම White Star Line සමාගම සමග 1867 වසරේ සිට සම්බන්ධකම් සහිත එකකි.පලමු නෞකා තුන වෙනුවෙන් ඔවුන් ඩො.මි. 3ක් ගෙවයි.



    SnWbD6P.jpg


    Ql83ouJ.jpg


    bZfAyNz.jpg


    qWVK3Sg.jpg


    fwVL2qP.jpg
    ටයිටැනික් නෞකාව ඉදිවන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්​


    Harland and Wolff සමාගම මෙම දුම් නැව් නිර්මාණය කරන්නට ඔවුන්ගේ ප්‍රමුඛතම සැලසුම්කරුවන්ව යොදවයි.මෙම සැලසුම සම්බන්ධව වගබලා ගැනීම Harland and Wolff සහ White Star Line සමාගම්වල අධ්‍යක්ෂක Lord Pirrie ,නෞකාවේ ගෘහනිර්මාණ ශිල්පියා Thomas Andrews, Harland and Wolff සමාගමේ සැලසුම් අංශයේ කලමනාකරණ අධ්‍යක්ෂක සහ Thomas Andrews ගේ උප ප්‍රධානියා මෙන්ම නැවේ සැලැස්ම ගණනය කිරීම සම්බන්ධ වගකීම ,එහි ස්ථායිතාවය සහ පිළිවෙල සම්බන්ධව ක්‍රියා කල Edward Wilding,නෞකා තටාකයේ ප්‍රධානී සහ ප්‍රධාන කලමනාකාරවරයා වූ Alexander Carlisle ආදීන්ට පැවරී තිබිණි.තවද නෞකාවල සැරසිලි,උපාංග සහ අනෙකුත් විධිවිධාන විශේෂයෙන් කාර්යක්ෂම ජීවිතාරක්ෂක බෝට්ටු උස් පහත් කරන දොඹකරයක් නිර්මාණය ආදිය Carlisle හට පැවරී තිබිණි.


    CsZViUq.jpg
    ඔලිම්පික් නෞකාව(වම්පස) සහ ටයිටැනික් නෞකාව (දකුණුපස)​


    1908 ජූලි මස 29 දා සමාගම එම සැලැස්ම Bruce Ismay සහ අනෙකුත් විධායක මණ්ඩල සභිකයන්ට ප්‍රදර්ශනය කරන ලදි.එම Bruce Ismay සැලැස්ම අනුමත කල අතර ඉදිකිරීම් කටයුතු වලට අවසර දී දින 2කට පසුව ගිවිසුම් පත්‍ර 3කට අත්සන් තබන ලදි.පළමු නෞකාව එනම් පසුකාලයේ ඔලිම්පික් ලෙස හැඳින්වූවට මුලදී නමක් නොතිබුණේය.Harland and Wolff සමාගමේ 400 වන නෞකාව එය වූ බැවින් 400 ලෙස නම් කරන ලදි.ටයිටැනික් නැව ඔලිම්පික් නෞකාවේ සැලැස්මේ සංශෝධිත එකක් වූ අතර එය 401 නමින් නම් කරන ලදි.



    Source:Reckontalk.com

    -HarshaLulzSec-