mama kalin thread eka nam dekke nea lede denagaththe kal gihillada




දුකයි මචං මටත් බල්ලෝ හැදිල්ල එපා වුනේ සත්තුන්ගේ ලෙඩ අපිට තේරෙන්නේ නැති නිසා. මොනව උනත් ඔයා කරේ පිං සිද්ද වෙන වැඩක්. ඔයා නැත්තං ඔය බලු පැටියා කලින්ම මැරිලා.ඒ වගේම එහෙනම් මැරෙන්නේ කන්න නැතුව දුක් විදලා. අඩුම තරමේ දැන් ටිකක් සතුටින් ජීවත් වෙලාවත්නෙ මැරුනේ.![]()

මටත් මේ දේම සිද්ධවුණා මචන්...මගේ ගාව එකම වයසේ බල්ලෝ දෙන්නෙක් හිටියා ...
හදිසියේම පිරිමි කෙනා උණ හැදිලා දවස් දෙකක් ඇතුලත නැතිවුණා ...දොස්තරලා කිව්වා බේරගන්න බෑ කියලත් ...
අන්තිම දවසේ රෑ මම පිරිත් කිව්වා කරන්නම දෙයක් නැතිකමට ...
පහුවදා උදේ දහයට එයා මම දීපු අන්තිම කිරි උගුරත් ඇස් වහගෙනම බීලා මගේ අත උඩ මූන තියාගෙනම තව ලෝකෙකට ගියා ....
ගැහැණු කෙනා තාමත් ඉන්නේ බලාගත්ත අත බලාගෙන ....තාමත් පොඩි අය ..වයස අවුරුදු 1 1/2...සෙල්ලම් වයසනේ ....
හරිම දුකයි ...පවුලේ කෙනෙක් නැති උනා වගේ මට තාමත් දැනෙන්නේ .....
ඌ හිටපු ටිකේ සතුටින් ඉන්න ඇති මචන් ...
