ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපත
දන්නවද 1877 අද වගේ දවසක තමයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපත සිදුවුණේ. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී. හැබැයි ඔය තරගයට ටෙස්ට් තරගයක් කියන පිළිගැනීම ලබා දුන්නෙ පස්සෙ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ මේ තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර කියල වුණත් ඇත්තටම මේ කණ්ඩායම් නිල වශයෙන් ඒ රටවල් නියෝජනය කළ ඒවා නොවෙයි. ඒ වෙනකොට දොස්තර ඩබ්.ජී.ග්‍රේස් ගෙ (ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස පසුකාලීනව විරුදාවලිය ලත්) නායකත්වයෙන් යුත් වෘත්තීය නොවන ක්‍රීඩකයින්ගේ (amateurs) කණ්ඩායමක් සහ ජේම්ස් ලිලිවයිට් ගේ නායකත්වයෙන් යුත් වෘත්තීය ක්‍රීඩකයින්ගේ (professionals) කණ්ඩායමක් වෙන් වෙන් වශයෙන් ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සූදානම්ව සිටියා. කොහොම වුණත් ග්‍රේස් ඇතුළු කණ්ඩායමට තම සංචාරය සිදුකිරීමට හැකිවුණේ නැහැ.
පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම
ලිලිවයිට් ඇතුළු කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණියේ නවසීලන්තයේ සංචාරයකින් අනතුරුවයි. එංගලන්තයේ සිටි හොඳම පිතිකරුවන් නියෝජනය කළේ ග්‍රේස් ගේ කණ්ඩායම නිසා ලිලිවයිට්ගේ කණ්ඩායම පිතිකරණයෙන් දුර්වල එකක් වූ බවයි කියවෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ පිලේ සිටි කඩුළු රකින්නා නවසීලන්තයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ නිසා ඔවුන්ට නිසි කඩුළු රකින්නෙකු පවා සිටියේ නැහැ. ලිලිවයිට්ගේ එංගලන්ත පිල සමග මෙල්බර්න්හි මෙම තරගයට ඕස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වුණේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත ඒකාබද්ධ කණ්ඩායමක්. මුලින්ම පන්දුවට පහර දුන්නේ ඕස්ට්‍රේලියානුවන්. එංගලන්තයේ ඇල්ෆ්‍රඩ් ෂෝ විසින් යැවූ ටෙස්ට් ඉතිහාසයේ මුල්ම පන්දුවට මුහුණ දුන්නේ චාර්ල්ස් බැනර්මන්. ටෙස්ට් ඉතිහාසයේ මුල්ම ලකුණ වාර්තා කළ බැනර්මන් එහිදී මුල්ම ටෙස්ට් ශතකලාභියා ලෙසද ඉතිහාසගත වුණා. ලකුණු 165ක් ලබා සිටි බැනර්මන් අබාධයකට ලක්වී ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නට සිදු වුණා. ඒ අනුව අබාධයක් හේතුවෙන් ඉනිම අත්හිටවූ (retired hurt) ප්‍රථම ක්‍රීඩකයාද ඔහුයි. ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ ලකුණු 245න් බැනර්මන් රැස් කළ ලකුණු 165 අදටත් කණ්ඩායමක් වෙනුවෙන් පිතිකරුවෙකු ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු ප්‍රතිශතය (67.3%) ලෙස වාර්තා වෙනවා. තරගය ලකුණු 45කින් ඕස්ට්‍රේලියාව ජයගත්තා. ඊට හරියටම වසර 100කට පස්සෙ මෙල්බර්න් වලදිම එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු ශත සංවත්සර ටෙස්ට් තරගයත් ඕස්ට්‍රේලියාව ලකුණු 45කින් ජයගැනීම දෛවෝපගත සිද්ධියක්.
මුල්ම ටෙස්ට් තරගයේ scorecard එක මෙතනින් බලන්න.
ක්‍රිකට් ගැන තව තව දේ සිංහලෙන් : http://cowkorner.wordpress.com/