මොකද්ද බන් මේ මූ මුලින්ම කියන්නෙ නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන් අතර මහා ලොකු ගැප් එකක් තියනවා කියන්නෙ. ඔය දෙක පැරලලි හිටියා සහ ඒ දෙගොල්ලො අතර ජිංකි ජිජා සීන් පවා වෙලා තියනවා කියලා කියන්නෙ
ඔය ක්ලාස් වලට යන එවුන්ට ගහන්න ඕන
ඒ කිව්ව දේ හරි. නියැන්ඩතාල් ලගෙන් පස්සෙ සේපියන්ස්ල මතු උනා නෙමෙයි. හෝමෝ ඝනයෙ ගොඩක් ස්පීසිස් ල අඩු වැඩි වශයෙන් කන්කරන්ට්ලි හිටපු අය කියල තමයි හිතන්නෙ. අවුට් ඔෆ් ඇෆ්රිකා වලින් මේ නියැන්ඩතාල් ල වැඩිමනක් යුරෝපයටත් සේපියන්ස්ලා ආසියාවටත් සංක්‍රමණය වෙලා පස්සෙ කාලෙට අභිමුඛ උන බවත් පසුව යම් හේතුවක් නිසා සේපියන්ස් ල ඉතුරු උනා කියන එකයි මතය. ඇයි දැන් නියන්ැඩතාල් ල නැත්තෙ- ස්වභාවික විපත්ද, ජිනොසයිඩ් ද වගේ සමපේක්ෂණ තියෙනව හරියට දන්නෙ නෑ.
දෙගොල්ලො මිශ්‍ර වෙලා තියෙනව. අදටත් යුරෝපීය කලාපයෙ මිනිස්සුන්ගෙ නියැන්ඩර්තාල හැප්ලෝ ටයිප තියෙනව. ඕක ඉතින් පරිණාමවාදයට ගැටලුවක් වෙන්න අවශ්‍ය නෑ. එකා පස්සෙ එකා වෙන රේඛීය පරිණාමය කියන එක කවමදාකවත් ශාස්ත්‍රීය මතයක් උනේ නෑ ඒත් මොකක් හෝ හේතුවකට ස්කෝලවල උගන්නන්නෙ එහෙමයි.
එඩිට්: මම ඔයාගෙ රිප්ලයි එක වැරදියට තේරුම් ඇරන්. මයි බෑඩ්.
