යුගනද්ද කියන්නේ පියවර දෙකකින් සම්පුර්ණ වන භාවනාවක්. මේකෙන් යම් කිසි උපකාරයක් වෙනවානම් ප්රයෝජනයට ගන්න.
(පියවර 1) සමතය -> දුකක්, කලකිරීමක් හෝ ඒ වගේ වේදනාවක් එනකොට එම වේගය ඇදුනාගෙන අරිය මෛත්රිය වඩා ඒක සමතයකට පත් කිරීම.
(පියවර 2) විපස්සනා -> දෙවනුව, මේ වගේ සිතුවිලි වලට යම් කිසි රටාවක් තියෙනවා. මේක අදුන ගන්න. මේ වගේ සිතුවිලි වලට තමන් බැදෙන්නේ කැමැත්තෙන්මයි. තමන්ට උවමනාවක් තියෙනවානම් නොබැදි සිටිය හැකියි. නොබැදි සිටින්න ලොකු හේතුවක් තියෙනවා. මේ සිතුවිලි තමන්ට ඔනෑ විදියට පවත්වන්න නවත්වන්න බැහැ විපරිණාමය නිසා. ඒ කියන්නේ මේවා ක්රමක් ක්රමයෙන් පටන් ගත්ත මොහොතේ සිට සීග්රයෙන් නැති වෙලා යනවා. එමනිසා මේවට බැදීල හිත හිත ඉන්න වැඩක් නැහැ.
අනිච්ච -> මගේ සිතට මේ එන වේගය මට ඔනෑ විදියට පවත්තන්න, නවත්වන්න බැහැ
අනත්ත -> මේ දුක, එක වගේ තියෙන්නේ නැහැ, ඒක අවසාන වෙන්ව, විපරිණාමයට ලක් වෙන්ව
දුක්ක -> මේක ඇතුලට ගත්තොත් හිත කිලිටි වෙන්ව. එමනිසා අයෙමත් මේ දුකට මුහුණ දෙන්න වෙන්ව. එම නිසා මම මේ සිතුවිල්ල බදා ගන්නේ නැහැ. එකට නොබැදි මම නිදහස් වෙන්ව.
මේ පියවර දෙකෙන් මොහොතෙන්, මොහොතට එන දෙව්ෂ සිත් පලමුව ස්මතයට පත්කර, දෙවනුව උදුරා ඉවත් කරන්න
ඊට අමතරව නිදා ගන්න පෙර මේ පොතේ තියෙන ->
දෙවල් 4 කරන්න
->
දැන්වත් දුකින් නිදහස් වෙමුද?
නැතිනම් මේ වේද මහත්මයා හම්බුවෙන්න. මේ මුලු සාකච්චාවම අහුවම තෙරයි ඇයි කියල.