ඉද්රිස් එල්බා බලන්න හෙන හැන්ඩ්සම් එකෙක්. ලංකාවේ ඕන තරම් ඌ වගේ එවුන් ඉන්නවා. එත් ඌ හැන්ඩ්සම් එකෙක් විදිහට දකින්නේ නෑ. හැන්ඩ්සම් කොල්ලෙක් නම් අපිට හිතේ මැවෙන්නේ යුරෝපියන් කොල්ලෙක් නේ. ඉතින් ඌත් එක්ක සංසන්දනය කරලා ඌගේ පෙනුම ඔලුවේ තියාගෙන ආසියානු, අප්රිකානු, කොල්ලෙක් දිහා බැලුවම ඌ හැන්ඩ්සම් නෑ කියල හිතෙන්න පුළුවන්. ඉතින් ඔය ස්ටීරියෝටයිප් එක ඔලුවෙන් අයින් වෙන්න ඕන. තව දෙයක් යුරෝපියන් ස්ටයිල්ස් එහෙම අපේ උන්ට මැච් වෙනවා අඩුයි. මොකද අපේ ෆැට් ස්ටො කෙරෙන්නේ බඩේ. යුරෝපියන් එවුන්ගේ පපුවේ, ඉතින් එකම ඇඳුම ඇන්දම පුරුෂයන්ගේ පෙනුමේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින් ඇඳුම අඳිනකොට මේක ගැනත් හිතන්න ඕන. මම දැකල තියෙනවා පොදු ස්ථාන වල ගැවසෙනකොට කොච්චර හොඳට ඇඳගෙන හිටියත් ගොබ්බ විදියට හැසිරෙන එවුන්. හරක් වගේ, එහෙම නැතිව ඩීසනට් විදියට හැසිරෙනව නම් කතා කරනව නම් අනිත් අයට ඇති වෙන ඉම්ප්රේෂන් එක හොඳයි.