උඹෙ ප්‍රශ්නයට උත්තරේ උඹ කියපු දේ අස්සෙම තියෙනවා බං. මම කලින් දුන්න එළවලු උදාහරණය ගනින්. එළවලු නැති වුණාම ගාණ වැඩි වෙන්නෙ එළවලු එ් මිලට කන්න මිනිස්සු පෙළඹෙන නිසා (demand නිසා) නෙවෙයි, supply නැති නිසා.
ඔය ගණන් වැඩි වුණ කතාවත් එච්චරයි. බැංකුවලින් lc අරින්න ඩොලර් අඩු නිසා හැම එකාම හොර පාරෙන් ඩොලර් අරගෙන ඒවායින් import කරනවා. ඒවාට ගෙවන්න වෙන්නෙ කළු කඩ ගණන්. ඉතින් එහෙම ගේන එ්වා ඊට හරි යන ගාණකට විකුණනවා. ඔය විසම චක්‍රය දිගටම දුවනවා. මිනිස්සු බය වෙලා තියෙන ඩොලර් ටිකත් පොදි ගහනවා. තවත් හිඟ වෙලා තවත් වැඩි වෙලා මේක ඔද්දල් වෙන එකම තමයි වෙන්නෙ.
දැන් කරලා තියෙන්නෙ ඕක කඩන එක. එහෙම කරාම පොදි ගහපුවා සහ උන්ඩියල් අාපුවා බැංකු පද්ධතියට එනවා. එතකොට official ගාණට ගෙන්නන්න පුළුවන් වෙනවා. ගෙවාපුවා එ් ගාණට දෙන්නත් පුළුවන් වෙනවා. බැංකුවෙන් කරගන්න පුළුවන් නිසා black Market යන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට උන් විකුණන ගණනුත් official rate එකට ලං වෙනවා. හරියට රටක් දිව්වෙත්, දුවන්නෙ අන්න එහෙමයි.
අායෙ එහෙම වැඩි වෙන්නෙ නෑ කිසිම දෙයක්. හැම දේම එකපාර බහින එකක් නම් නෑ, හැබැයි අත්‍යාවශ්‍ය නැති දේවල් මේ ටිකේ නොගෙන හිටිපන්. අත්‍යාවශ්‍ය දේවල් සාධාරණ මිලට ලැබෙන එක මේ මාසෙ අන්තිම වෙද්දි සිද්ධ වෙයි. තෙල්, ගෑස් එහෙමත් එච්චරයි.
වැඩකට නැති රෙද්දවල් ගොඩ ගහගෙන ඉස්සරහට වැඩියෙන් විකුණන්න හිතන මෝඩ වැඩේ නම් කරන්න එපා. ගත්ත බඩු මුට්ටු කන්ඩ තමයි වෙන්නෙ.

