තංගල්ල සභාපති විසි වසරක් හිරේ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තංගල්ල සභාපති විසි වසරක් හිරේ

තංගල්ල සභාපති විසි වසරක් හිරේ​

කුරාම් ෂේක් මරා වික්ටෝරියා දුෂණය කල තංගල්ල සභාපති විසි වසරක් හිරේ

බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කල බවට එල්ල වූ චෝදනාවලට තංගල්ල ප්‍රාදේශීය සභාව් හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර ඇත.

2011 නත්තල් දිනයේදී තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී මෙම ඝාතනය සහ දුෂණය සිදුව තිබිණ.

කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කාලයක් විභාග වූ අතර මහාධිකරණ විනිසුරු රෝහිනි වල්ගම මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.


lankacnews
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලොවම බලාසිටි ‍තීන්දුව දෙයි

ලොවම බලාසිටි ‍තීන්දුව දෙයි - සම්පත් චන්ද්‍රපුෂ්ප ඇතුළු 4ක් බරපතළ වැඩ ඇතිව හිරේ!

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක් කිරීම ඇතුළු චෝදනා 17ක් මත තංගල්ල ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

ඒ පිළිබද තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය සදහන් කළේ විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස්කොට නිදහස් කරන බවයි.

සාවද්‍ය මිනී මැරීම, නීති විරෝධී කල්ලියක සාමාජිකයින්වීම, රංචුගැසී දුෂණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් අධිකරණය හමුවේ ඔප්පුවීම හේතුවෙන් විත්තිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කෙරුණි.

අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කලයක් විභාගයට ගැණුනු අතර පසුගියදා පැමිණිල්ලේ හා විත්තියේ දේශන වලින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අදට කල්දැමුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය හා රුසියානු තානාපති කාර්යාලවල නිලධාරින් ද පැමිණිලි පාර්ශවයේ ඥාතීන් ද සහභාගි වී සිටියහ.

අදාළ චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ විශේෂ නඩු කටයුත්තක් ලෙස විභාගයට ගත් අතර නඩු විභාගය පිළිබඳ දෙස් විදෙස් නිරික්ෂකයන්ගේ දැඩි අවධානය යොමුවිය.

මේ අතර අදාළ දඬුවම් සම්බන්ධ‍යෙන් සෑහීමකට පත් නොවන බව විත්තියේ නීතීඥවරුන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ විත්තිකරුවන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා අධිකරණය හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවී නොමැති බවයි.

එබැවින් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන බව විත්තියේ නීතීඥයින් ප්‍රකාශ කරයි.


293464309222.jpg
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
විසි අවුරුද්දක්...?

2085907784L.jpg

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

ඒ පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී විත්තිකරුවන් දෙදෙනෛකු නිදහස් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනි වල්ගම මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කලයක් විභාගයට ගැනුණු අතර පසුගියදා පැමිණිල්ලේ හා විත්තියේ දේශන වලින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අදට කල්දැමිණ.

තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී කුරාම් ෂෙයික් නැමැත්තා ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වු රුසියානු ජාතික තරුණියක සමුහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් එවකට තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව එසේ චෝදනා එල්ලවී තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය හා රුසියානු තානාපති කාර්යාලවල නිලධාරින් ද පැමිණිලි පාර්ශවයේ ඥාතීන් ද සහභාගී සිටි බව වාර්තා විය.අදාළ චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ විශේෂ නඩු කටයුත්තක් ලෙස විභාගයට ගැනුණු අතර නඩු විභාගය පිළිබඳ දෙස් විදෙස් නිරික්ෂකයන්ගේ දැඩි අවධානය යොමුව තිබුණි.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
awrudu 20 k magulak karannada
jeewitha kaaletama daanna tibbe athulata kalakanni

:yes:
ඕකට ඇතුලෙදි හම්බවෙයි බන් ඇති වෙන්න. විස්සක් ඉතුරු වෙයිද කියන එකයි ප්‍රශ්නෙ
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මූවත් කොලුකාරයො 4දෙනෙක්ට විතර කියල rep කරවල... මරල දාන්න තිබුනේ.....