අද කථාව ඔන්න කැලේ කථාවක්
දවසක් බූරුවෙක් කොටියෙක්ට කතාකරලා කියනව තණකොළ නිල් පාටයි කියල.
කොටියා බුරුවට උත්තර දෙනවා, නැහැ තණකොළ කොළ පාටයි. කියල.
මේ දෙන්න ටික වෙලාවක් තර්ක කර කර දැන් රණ්ඩුවක් වගේ මහා ලොකුවට වාද විවාද කරමින් ඉන්නවා.
බුරුව කොටියා කියනදේ පිළිගන්නෙත් නැහැ කොටියා බුරුව කියන දේ පිළිගන්නෙත් නැහැ.
ඉතින් දෙන්නම හිතුව මේ ප්රශ්නේ විසඳගන්න කැලේ රජා ගාවට යන්න ඕන කියල. දෙන්නම ගියා ප්රශ්නේ අරගෙන සිංහයා හම්බවෙන්න.
දැන් ඉතින් කැලේ රජා ඉන්න තැනට යනකොටම බූරුවා පටන්ගත්ත ඔන්න කෑගහගෙන තමන්ගේ ප්රශ්නේ කියාගෙන.
රජතුමනි තණකොළ නිල් පාටයි නේද, නේද කියල.
සිංහයාත් පෙරලා ඔන්න උත්තරේ දුන්න. "ඔව් තණකොළ නිල් පාටයි තමයි" කියල.
දැන් ඉතින් බූරුවා තවත් උද්දාමයට පත්වෙලා සිංහයාට තවත් මැසිවිලි කියනවා, "මම කියපු කිසිම දෙයක් මේ කොටිය ඇහුවේ නැහැ, මම කොච්චර කිවුවත් කොටිය කිවුවේම තණකොළ කොළ පාටයි කියල, මාව බොහොම අපහසුතාවයට පත්කලා, මට කැත විදිහට කතාකළා, කරුණාකර කොටියට දඬුවම් කරන්න". මෙහෙම කිය කියා බූරුවා ඇවිටිලි කරනවා දැන්.
ඔන්න සිංහයා තීරණය කළා කොටියට අවුරුදු 5ක් දඩුවම් දෙන්න. අවුරුදු 5ක් යනකල් කථා නොකර ඉන්න.
බූරුවාට හරිම සතුටුයි, උඩ පැන පැන, "තණකොළ නිල් පාටයි, තණකොළ නිල් පාටයි, කොටියා පරාදයි .." කියා කියා යන්න ගියා.
කොටියා දඬුවම භාර අරගත්ත, කැලේ සිංහ රජාගේ දඬුවමනේ. හැබැයි කොටියට ඕන වුනා සිංහයා ගෙන් මේක හරියට දැනගන්න.
"රජතුමනි, ඇයි මට දඬුවම් දුන්නේ, තණකොළ කොළ පාටවෙලත් ඇයි එහෙම කලේ මට" කියල ඇහුව.
සිංහයා උත්තර දෙනවා, "ඔව් තණකොළ කොලපාටයි තමයි"
"එතකොට ඇයි මට දඬුවම් කලේ". කියල කොටිය ඇහුවා.
සිංහයා උත්තර දෙනවා,
ඒකට කිසිම සම්බන්දයක් නැහැ තණකොළ කොළ පාටද, තණකොළ නිල් පාටද කියල, ඒ ප්රශ්නේ කිසිම අදාලත්වයක් නැහැ ඔබේ දඬුවමට.
"දඬුවම දුන්නේ නුඹ වගේ උගත් බුද්දිමත්, ශක්ති සම්පන්න කෙනෙක් බූරුවෙක් එක්ක කිසිම වැදගැම්මකට නැති දෙයක් අල්ලාගෙන වාදෙට ගියාට. අනික මේ වගේ බූරු ප්රශ්නයක් මගේ ලඟට අරං අපු එකට", කියල සිංහයා කිවුව.
නිකං වටිනා කාලය, කිසිම දේකින් තේරුම්ගන්න හැකියාවක් නැති, ඇත්ත ඇතිසැටියෙන් දන්නේ නැති, නමුත් තමන්ගේ මතයම හරි කියල හිතන, මනං කල්පිත බූරු ප්රශ්නවලට මීට පස්සේ කාලය වැය කරන්න එපා.
මිනිස්සුත් ඉන්නවා අපි අතර, කොච්චර සාක්ෂි, ඇත්ත, යමක් කරන්නේ මොන හේතුවක් උඩද කියල හොඳට පෙනී පෙනී තිබ්බත්, තේරුම්ගන්න හැකියාවක් නැති, තමන් දන්නා දේ දකින දේ විතරක් හරි කියල හිතන අය. බූරුවෝ!
ඉතින් ඒ වගේ බූරු දෙයක් දැක්කොත්ඔ, කිවුවොත් ඔබත් නිහඬ වෙන්න, මොකද ඔබේ වටිනා කාලය බූරු දේවල් වලට නාස්ති කරන්න යන්න එපා.
ඔබේ නිදහස, ඔබේ සන්සුන්කම ඒ ඔක්කොටම වඩා වටිනවා.
සුභ දවසක්!