තනියම ටයි ගැටේ ගහගන්න..

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    තනියම ටයි ගැටේ ගහගන්න..

    වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.

    මේ පෝස්ට් එක අධිරාජ්‍ය විරෝධීන්ට, ටයි විරෝධීන්ට හෝ දැනට කිසිම ආබාදයක් නැතුව ටයි එක ගැටගසාගැනීමට දන්න බුවාලාට නොවේ. මේ හුදෙක් වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්නාවූද, ගහපු ටයි ගැටය ටයි පොල්ල දිරාපත් වී කන්ඩෙම් වනතෙක් දිවිහිමියෙන් ආරක්ෂාකර ගන්නා වූද, යාලුවන්ට නිදා ගන්නට නොදී රෑ දෙගොඩහරියට පැමින දොරට තඩිබා යාලුවන්ගේ බියුටි ස්ලීප් එකට ඩිස්ටර්බ් කර, “අනේ (අයියේ/ මල්ලියේ/බාප්පේ/මාමේ/මහප්පේ/පුතේ/ළමයෝ/පැටියෝ)” යනාදී වශයෙන් ආදර ඇමතුමින් සංග්‍රහ කර, “මට මේ ටයි පොල්ල ගැට ගහල දියං හෙට මට වෙඩිමක්/ඉන්ටර්විව් එකක්/එන්ගේජ්මෙන්ට් එකක් තියෙනවා බං”, කියමින් යාලුවන්ටද වාතයක් වී, උන්ටද වාතයක් වන හුදී ජනයාගේ ලාම්පු කණගා‍ටුව උදෙසාමයැ. සොරියැ. පහන් සංවේගය උදෙසාමයැ.

    ටයි එක ගැට ගහන්න නොදන්න එක ලැජ්ජාවකට කරුණක් හෝ ගැට ගහන්න ඉගෙන ගන්න එක හෙන ගේමක් හෝ නොවෙයි. පුදුමෙ කියන්නෙ ගැට හැට හුටහමාරක් ගහන්න ඉගෙන ගෙන තියෙන හුඟක් බාල යක්ෂයොන්ටත් ටයි ගැටේ ගහ ගන්න බැරි එකයි.

    මෙන්න එහෙනම් ටයි ගැටේ ගුරු මුෂ්ටි නැතුවම.

    dscn3271.jpg

    ටයි එක කර වටේ එලනවා. හීනි පැත්ත වම් අත පැත්තට. කනපිට යටට හරිද? දැන් දෙපැත්තම අත් දෙකෙන් අල්ලගන්නවා.


    dscn3272.jpg

    දැන් හීනි පැත්ත වම් අතෙන් අල්ලගෙන මහත පැත්ත මේ විදියට උඩින් පාස් කරනව වම් පැත්තට. (Overpass) මතක තියා ගනිල්ලා කොල්ලනේ හීනි වම් පැත්ත සහ අත එහෙමමයි. නෝ හෙල්ලුං පොල් මැල්ලුං! දාන සෙල්ලං ඔක්කොම දාන්නෙ දකුණු අතින්, මහත පැත්තෙන්.


    dscn3273.jpg

    U-turn එකක් ගහලා යටින් එනවා ආපහු දකුණු පැත්තට. (Underpass) වම අතාරින්නෙ නෑ.


    dscn3274.jpg

    ආයෙම ගහනවා U-turn එකක්. ආයෙත් යනවා දකුණට. මේ පාර උඩින්. (overpass එකක්.) වම අතාරින්නෙ නෑ.


    dscn3285.jpg

    ආයෙ U-turn එකක් ගහලා එනව ආපහු. නමුත් කලින් පාරෙ නෙවෙයි.බෙල්ල දිහාවට යටින්. දැන් මතුවෙනවා උඩින් මෙන්න මෙහෙම.


    dscn3277.jpg

    වම එහෙමමයි. හරි? දැන් අර මතුකරගත්ත මහත කොන U-turn එකක් ගහලා එනවා පහලට හැබැයි එන්නෙ උඩින්ම තියෙන ලූප් එක ඇතුලෙන් මෙන්න මෙහෙම.


    dscn3278.jpg

    දැන් ගැටේ ගහල තියෙන්නෙ. කැතයි නේද? ඔවු. කැතයි තමයි. ඉතිං ඕක හෙමිහිට සීරු මාරු කරලා ලස්සනට හදා ගන්න ඕනෙ. ඒක මහ ගේමක් නෙවෙයි. දැන් අමාරු හරිය ඉවරයි.


    dscn3279.jpg

    මෙහෙම ඇදලා කරලා...


    dscn3280.jpg

    ඔය තියෙන්නෙ ගතියට. ඔය ගැටෙන් ටයි එක මතුවෙන තැනට ඔන්නම් ‍රැල්ලක් දාන්නත් පුලුවන්.

    යට පොට එල්ලෙනවා නේද යටින් දිගට? ඒ දිග හරියට ගන්න ගලවලා ගැට ගහලා ප්‍රැක්ටිස් වෙන්නම ඕනෙ. හරියට දැම්මම මහත කොන බෙල්ට් බකල් එක ලඟට තියෙන්න ඕනෙ. හීනි කොන ඊට කොට නිසා හැංගිලා තියෙන්න ඕනෙ. ටයි එකේ දිග බකල් එක දක්වාද, බකල් එක වැහෙන්නද කියන එකෙත් තියෙනවලු විවාහක අවිවාහක වෙනසක්. ඒක වැඩක් නෑ. මුද්ද හංග ගනිල්ලකො. එතකොට හරි.


    dscn3282.jpg

    තව සීන් එකක් තමයි ටයි ගැටේ හරියට ගහලා නම් හීනි වම් පැත්ත ගැටෙන් එලියට ඇදලා දැම්මට පස්සෙ.....


    dscn3283.jpg

    ටයි එක කොන් දෙකෙන් ඇද්දාම ඔක්කොම ගැට ගැලවිලා යන්න ඕනෙ.

    හරි දැන් ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනෙ දහ වතාවක් වත්. අනික කම්මැලිකමට එකම ගැටේ දාගෙන යන්න පටන් ගත්තොත් ප්‍රැක්ටිස් එක නැතිව යනවා. බය නැතුව ගැටේ ගලවලා හැම දාම පොර වගේ අලුතින් ගහන්න ඕනෙ.මාසයක් විතර යනකොට ආයෙ ජීවිතේට කාටවත් වඳින්න ඕනැත් නෑ. සෙකන්ඩ් වෙන්න ඕනැත් නෑ.

    ටයි ගැට ගනනාවක් තියෙනවා. ඔය අද ගැහුවෙ සිංගල් නොට් කියන සරලම සහ ලේසිම එක.
    තව එකක් තමයි ඩබල් නොට් එක. ඒකට වින්ඩ්සර් නොට් එක කියලත් කියනවා
    එතකොට පට්ට කම්මැලි හොරුන්ට මෙන්න බඩුව. මොකුත් නෑ. බෙල්ලට තොන්ඩුව දැම්මා. ඇද්දා.


    dscn3288.jpg


    dscn3289.jpg



    මේල් එකකින් ආවෙ ඒත් මේ බ්ලොග් එකෙන් උස්සල ඇත්තේ...
    වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එල එල. මටත් මේල් එක ලැබුනා.
    You must spread some Reputation around before giving it to damii87 again