අපි හැමොම දන්නවා අපි කවද හරි මැරෙනවා කියලා. හැබැයි දවසකට කලින් දන්නවා නම් හෙට මැරෙනවා කියලා.
මම නම් කරන්නෙ, දැන්ම හොද insurance එකක් දානවා.
කියන්න ඔනි හැමොටම කියනවා. මම දන්නැ ඔක කරන්න පුලුවන් වෙයිද කියලා.
මෙතන ඉන්න අයියලා මොන මොන දෙ කිවුවත් මැරෙන්න පැයකට කලින් දන්නවා නම් උ කරන්නෙ තව තප්පරයක් හරි වැඩියෙන් ජිවත් වෙන්න ට්‍රයි කරන එක.
කොහොමත් මැරෙන්න මාස ගානකට කලින් දැනෙනවා සමහරුන්ට. අපේ තාත්තා මැරෙන්න කලින් ගොඩක් දේවල් organise කරලා තිබ්බා. යන්න පුළුවන් වුන නෑයෝ, අසල්වැසියෝ හම්බෙලා කතා කරලා ඇවිත් තිබ්බ. මැරුණට පස්සේ දැනුම් දෙන්න ඕනේ no. ඩයරියේ ලියලා තිබ්බා. හත් දවසේ දානෙන් පස්සේ කෝල් කළා, ගොඩක් අය කිව්වා හොඳ කෙනෙක් කියලා.
සති දෙකකට පස්සේ අන්කල් ලා දෙන්නෙක් ආවා, දාඩිය නාගෙන. එයාල දෙන්න හොඳ යාලුවෝ.... ඊළඟ ටිකට් එක එයාලට ළඟ නිසා චකිතයෙන් හිටියේ.
මගේ ඥාති සහොදරියෙක් සති කිපයකට උඩදි මට කථා කරා, අවුරුදු 6කට පස්සෙ මගෙ නම්බර් එක හොයාගෙන. ඇත්තටම එයා හිතන් ඉදලා තියෙන්නෙ මම එයා එක්ක තරහින් ඇති කියලා මගෙ වෙඩින් එකට එන්න බැරි උන එකට. හැබැයි ඇත්තටම මගෙ හිතෙ එහෙම තරහක් තිබුනෙ නැ. වෙඩින් එකට එන්න බැරි උන ඒකට සමාවගත්තා ඇරෙන්න වෙන විශේෂ උවමනාවක් තිබුනෙත් නැ.
ඊයෙ ආරන්චි උනා එයා නැතිවෙලා කියාලා හදිසියෙම.
මැරෙන වයසක වත් දිර්ඝ කාලින ලෙඩක් තිබුන කෙනෙක් වත් නෙවෙයි. මැරෙන්න කලින් දැනිලා, කතා කරන්න හිතෙන්න ඇති.