ජනවාරි 23
අද දැනගත්තා මං ආයෙත් තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා
සතුටට කෑගහල නටන්න හිතෙනවා
පවුල් බර තවත් වැඩි වෙයි
වැඩි වැඩියෙන් හයර් යන්න වෙයි රැ නිදි මරාගෙන

ජනවාරි 18
කෙලින් පාරේ යන ගමන් එකපාරම යූටර්න් එකක් ගැහුවා. තව පොඩ්ඩෙන් කාර් එකක ආපු කාලකන්නියෙක් මාව හප්පනවා. මුන් දැනගන්න එපැයි පාරක ඕනි තැනක යූටර්න් ගහන්න පුලුවන් කියලා.
ජනවාරි 19
ට්‍රැක් දෙකක් තිය පාරේ වට පිට බල බල ට්‍රැක් දෙක වෙන්වෙන ඉරට ඉස්සරහා රෝදේ සෙන්ටර් කරගන ගියා. හරි පිලිවෙලයි. පිටිපස්සෙන් ආපු කාලකන්නි කාර් කාරයෙක් හෝන් ගහ ගහ සයිඩ් ඉල්ලනවා. මේ හැත්ත දන්නෙ නෑ ඉර දිගේ යන්ඩ.
ත්‍රෙඩ් එක බැලුවම කිරියෙ ත්‍රීවීල්කාරයො ගොඩක් ඉන්නවනෙ. මට ඕක මේකට ආපුදා ඉඳල හිතුන දෙයක්![]()
අද වැස්සෙම කොල්ලො දෙන්නෙක් අත දාල නැග්ග වීල් එකට. කිලෝමීටර් දෙකක් වගේ දුරක් ගියේ. මගෙන් ගාන ඇහුවම 400 යි කිවුව. උං ඇහුව ඇයි අයියේ මීටරේ වැඩ නැද්ද කියල. මං කිවුව මීටර්වලට දුවන්න මං වෙස්සන්තර කෙනවෙයිනේ අනික මේ වැස්ස වෙලාවෙ හයර් එක ගියානම් සල්ලි දීල යන්න මල්ලි පවු නොදී කියල. උං දෙන්න කුටු කුටු ගගා ඉඳල සල්ලි දීල බැහැල ගියා. ආපහු පාක් එකට ආවට පස්සේ වෙන එකෙක් තමයි පෙන්නුවේ අර කොල්ලො දෙන්න සීට් එක කපල, පෑනකින් එල කිරි කියල ලියල ගිහිං.



අඩෝ මචං උබ නම් පට්ට බං
එක්කෝ උබ වීල් කාරයෙක් නැත්නම් පට්ටම ක්‍රියේටිව් කොල්ලෙක්...
Rep++++++

