අම්මයි තාත්තයි නවලෝක හොස්පිටල් එකට ගිහින් ආව දවසක් ආයෙ ගම්පහ අපේ ගෙදරට. ගෙදර එනකොට රෑ වෙලා. ත්‍රිවීල් එක ගිහින් ටික වෙලාවකට පස්සෙ තමයි රිපෝට් ටිකයි සල්ලියි එක්ක අම්මගෙ බැග් එක ත්‍රිවිල් එකේ අමතක වෙලා කියල මතක් උනේ. සල්ලි ටික ගැන නෙමෙයි දුක් උනේ රිපෝට් ටික ගැනයි.අනිත් දවසෙ උදේ ත්‍රිවිල් පාක් එකට ගිහින් හොයල බලනව කියල හිතල නිදාගත්ත. කෝකටත් රිපෝට් ටිකේ ආසාව අතැරිය. මෙන්න අනිත් දවසෙ උදේම කොලබ ඉදන් ගම්පහ කිට්ටුව අපේ ගෙදරටම ත්‍රිවිල් එක ආව. නෝනගෙ බැග් එක ඊයෙ අමතක වෙලා කියල බැග් එකඅතටම දුන්න. රිපෝට් ටිකයි සල්ලි ටිකයි තිබ්බ විදිහටම තිබුන. අම්ම ත්‍රිවිල් ඩ්‍රයිවර්ට ඊයෙ රැ ගෙදරට එන්න ගත්තු හයර් එක වගේ දෙගුනයක් දුන්න. මිනිහ වැඩිපුර සල්ලි ටික අම්මට දීල එයාගෙ ගාන විතරක් අරන් ගියා.

සමහරුන්ට මේක හාන්ස්ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරන්ගනා කතාවක් වගේ පේනව ඇති. එහෙම හිතෙන අය එහෙමම හිතාගන්න. ප්‍රෙග්නන්ට් ගැනුන්ව දුශනය කරපු දොස්තරල ඉන්නව. කාර් වලින් මිනිස්සුන්ව හප්පල දාල පැනල යන මහත්තුරු ඉන්නව. උස්තැන් දැකල හැකිලෙන්නයි, මිටි තැන් දැකල පුප්පන්නයි එපා. වැරද්ද කවුරුකලත් වැරද්දමයි. හොද කවුරු කලත් හොදමයි. මහරජාගෙ ඉදන් ටොයිලට් හෝදල ජීවත් වෙන මනුස්සය වෙනකම් තියන රැකියා වල, හොද අය, නරක අය දෙගොල්ලම ඉන්නව. පොලවෙ පයගහල ඉන්න මිනිස්සු නම් මේ දෙගොල්ලවම ආශ්‍රය කරල ඇති. ඒ වගේ අය කවදාවත් කරන රැකියාවෙන් මනුස්සයෙක් මනින්න යන්නෙ නැහැ.

හැබැයි ඒ වැඩෙන් වැඩිපුර තෙල් පිච්චෙනවා කියලා දන්නෙ නෑ. 