මම කට්ටා;14717055 said:අය්යේ මම උඹව දන්නේ නෑ බන්.
(මම ඔයාව දන්නේ නැත්තේ නෑ අය්යේ. මම දන්නවා.
ඒ වුනාට ඔයා මාව දන්නවද කියලා මම දන්නේ නැ.
එලකිරි ට්රැවලර් ටීම් එක දන්නවානම් ඔයාව නොදන්න විදිහක් නැනේ )
ඒ වුනාට මට මා ගැන ලැජ්ජ හිතුනා.ඔයාගේ කතාව කියනකොට.
.
ඔයා තාත්තට වෙන්න ඕන යුතුකම් ටික කරලා තියනවා.තාත්තා ඉස්පිරිතාලේ ඉන්නකොට ඔයා කරලා තියන කැපවීම අප්රමාණයි කියලා තේරෙනවා.
![]()
ඒ උනාට ඔයා ඔයාගේ තාත්තට කරලා තියන සැලකිල්ල දැක්කහම මම මගේ අම්මටයි තාත්තටයි කරලා තියෙන්නේ සහා දැන් මම කරන්නේ මොනවද කියලා හිතෙනවා බන්.
ඕන දේක වටිනාකම තේරෙන්නේ ඒක ලබා ගන්නකනුයි ලබා ගත්ත දේ නැති වුනාට පස්සෙයි කියලා කියනවනේ.
ඉතින් මගේ අම්ම තාත්තා ලඟ ඉන්නවා.ඒ වුනාට මට හිතෙන්නේ ඔයාත් එක්ක බලනකොට මම මහා කාලකන්ණියෙක් වගේ.
.
උඹ හොඳ පුතෙක් නිසානේ බන් උඹ එච්චරට තාත්තට සැලකුවේ.
උඹ හොඳ කොල්ලෙක් නිසානේ, උඹ යාලුවන්ට හොඳ යාලුවෙක් නිසානේ,
බන් තාත්තට අසනීපයි, තාත්තා නැති වුනා,
කිව්වට පස්සේ උඹේ යාලුවෝ ටික උඹ ගාව හෙවනැල්ලක් වගේ හිටියේ.
දැක්කනේ,
ඒ තමන්ගේ වැඩ දාලා ඔයා වෙනුවෙන් එහෙම කැප කිරීමක් කරලා එන්න,
ඔයාට කොච්චර හොඳ යාලුවෝ ටිකක් ඉන්නවද?
එහෙම යාලුවන්ගේ ඇසුර ලබන්න ඔයා කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද?
උඹ නරක කෙනෙක් නම් අය්යේ, උඹ ගාවට ඔහොම යාලුවෝ එකතු වෙන්නේ නෑ.
ඔයාට වරදින්නේ නෑ අය්යේ.
ඔය විදිහට තාත්තා වෙනුවෙන් ආගමි වතාවත් ටික කරලා,
ඒ කුසල සම්භාරයේ පිං බලයෙන් තාත්තා ඉන්න තැනක හොදින් ඉඳලා,
ධර්මය අවබෝධ කරගෙන,
අමා මහ නිවන් සම්පත්තියම තාත්තා අවබෝධ කර ගනිත්වා කියලා අපි ප්රාර්ථනා කරමු.
අයියටත් අයියගේ යාලුවෝ ටිකත් තෙරුවන් සරණයි.!!
(අය්යේ මම ගැන වරදවා හිතන්න එපා.මට ඔයාගේ කතාව ඇහුවට පස්සේ මට හිතුන ටික තමා අය්යේ මම මේ කිව්වේ.
ඔයා මට වඩා වැඩිමල් කෙනෙක්නේ.මම අය්යේ ඔයාට ''උඹ'' කියලා කිව්වේ තරහකට නෙමේ බන්. ඒක මගේ බොක්කෙන්ම ආපු වචනයක්.
මට සමාවෙයන් අය්යේ උඹේ හිත රිදුනානම්.)
antima mohota wenakamma karanna tibunu dewal yutukam hariyatama karapu puthek widiyata ubata passe pasutawili wenna wenne na.
)