තාත්තා..

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචං උඹ නියම පුතෙක් වගේ තාත්තට සලකුවනෙ..
    දුක්වෙන්න එපා..
    තාත්ත හොඳ තැනක ඉපදිලා ඇති
    තාත්තට නිවන් සුව පතනව මචං
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    මචං මම පව්ලේ එකම දරුවා මට සහෝදර සහෝදරියෝ නෑ, මගේ තාත්තා තමයි මට හිටපු එකම ශක්තිය, අදට හරියටම තාත්තා නැති වෙලා අවුරුදු 11 යි මචං,

    කොල්ලෙක් ට තාත්තා කෙනෙක් කියන්නේ උගේ ජිවිතේ මාරම Chapter එකක්, මගේ තාත්තා නැති උනේ හදිසි අනතුරකින් මගේ ඇස් දෙක ඉස්සරහා, එයා හැම තිස්සෙම කියපු දෙයක් තමයි මම සමහර විට ඔයාගෙන් යැපෙන්න ඉන්නේ නැති වෙයි කියලා, එයා මාර independent මනුස්සයෙක් , self made , මගේ තාත්තා වෙනුවෙන් මම හොරෙන් තනියම හලලා තියන කඳුළු කියලා නිම කරන්න බෑ මචං,

    උඹ සතුටු වෙයෙන් මම මේකේ දැක්ක උඹ මාර ම ගේමක් දුන්නා කියලා තාත්තා ව සනීප කරන්න, උඹ උඹේ කොටස කරලා තියෙන්නේ ඉතුරු ටිකත් උඹට ම තමයි, උඹේ තාත්තා කියන මනුස්සයා කවදා හරි උඹේ දරුවෝත් කතා කරන මට්ටමකට ගෙනෙන්, අමතක වෙන්න දෙන්න එපා,

    මගේ තාත්තා මම හැම දාම හැම මොහොතකම මතක් කරනවා මොකද මගේ ජිවිතේ මට දුන්නේ, මට ජීවත් වෙන විදිය කියලා දුන්නේ එයා, අදටත් මම එයා ඉස්සර කියපු දේවල් වලින් මම පාඩම් ඉගන ගන්නවා.

    මම මෙච්චර ලියන්න හිතුනේ අද මගේ තාත්තා නැති වෙච්ච දවස නිසා

    මගේ තාත්තා ටත් උඹේ තාත්තා ටත් අමා මහ නිවන් සුව !
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    mata aththatama duakayi ban mama gedara aya ekkath kalain thread wala dapu post gana kiya kiya hiitiye
    thaththaa nathi wunu thread eka dakala matath ewale mara shock ekak aawe ane manda ban jiwithe samahara ahimi wim ekka ana duka thuni karaganna baha

    kaaleth ekka hamadema hari yayi

    thaththaata niwan suwa
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    ජීවීතං අනියතං - මරනම් නියතං !

    ඔය වේදනාව හැමෝටම උරුමයි !

    ජීවත් වෙලා ඉන්න කාල වකවානුව තුල පියානන්ට හොදින් සැලකු ඔබට ඒ පින් අයිති වේවා !!

    මරණින් මතු නැවත හොද මනුශ්‍ය ආත්ම බවයක ඉපදීමට හැකියාව ලැබේවා !!

    නිමක් නොමැති මේ සසරෙහි දුක අවබෝධ වෙත්වා !!

    තම ජීවීතය කැපකොට තම දරුවන්ට යහ මග සැලසූ පියානෙනි ඔබට නිවන් සුව පතමි !!
    REST IN PEACE !!
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපෝ තාත්තා මැරුණද මචං.මම අද තමයි දවස් ගානකින් කිරියට ගොඩ වුනේ.
    තාත්තට නිවන් සුව අත් වේවා. :confused: :(:(:(
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,053
    20,634
    113
    හස්තිශෛලපුර
    මගේ අම්මත් නැති උනා ගිය සතියේ. මෙනින්ජයිටිස් වලින්. දවස් දහයකින් හොඳට හිටපු කෙනා නැති උනා. අද හත්දවසේ බන. තාත්තා නැති උනේ මගේ ඉස්සරහම අවරුදු තුනහමාරකට කලින් හාට් ඇටැක්. හැමෝටම කවදාහරි ඕවා අත්දකින්න වෙනවා
    ඇත්තමද මචං?

    May attain Nibbana!