මට දුක තාත්ත නිකන්ම නිකන් විදිහට නැතිවුන එක ගැන. ඒ කියන්නෙ අමාරුයි කියල මම දැනගෙන ඩොක්ටර්ස්ලට නර්ස්ලට තුන්පාරක් කිව්වත් උන් ගනන් ගත්තෙ නෑ. පපුවට හයියෙන් තෙරපලා හුස්ම දෙන්න ට්‍රයි කලේ නෑ. 1.50ට හුස්ම ගිහිල්ලත් මම දැක්ක විනාඩි 5-10ක් යනකන් තොල පොඩ්ඩ පොඩ්ඩ හෙල්ලෙනව. 1.50ට හුස්ම ගන්නෙ නෑ කිව්වම ඩොක්ටර් ආවෙ 2.20ට ටෝච් එකයි අර ඇඟිල්ලෙ දාන මොකක්ද එකයි අරගෙන. අර කොරෝනා කිට් එකත් දාගෙන.
මම දන්නෙ නෑ ඩොකාලා බේරගන්න බෑ කියල දැන දැනම එහෙම හැසිරුනාද කියල. එහෙමත් නැත්තන් නොසැලකිල්ලද කියල. ඩොකියක් කිව්වෙ icu දැම්මත් බේරගන්න බෑ කියල. සාමාන්‍ය හාට් පේශන්ට් කෙනෙක්ට දෙන ට්‍රීට්මන්ට් මෙයාට දෙන්න බෑ කිව්ව වකුගඩු අවුල් නිසා. නැතිවෙද්දිත් මුත්‍රා වලින් ගියෙ ලේ විතරයි. ලේ පයින්ට් දෙකක් දුන්න දවස් දෙකට. දෙන දෙන ලේ එක මුත්‍රා විදිහට යනව.
ඇස් වැහුවත් ඇස් ඇරියත් මට දැන් මතක් වෙන්නෙම තාත්තගෙ පන ගිය හැටි.