තාරකා රාශී චක්‍රය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    තාරකා රාශී චක්‍රය

    [FONT=&quot]පැහැදිලි රාත්‍රී අහසේ බබළන කොයෙක් තරු පංති දක්නට ලැබෙනවා. මෙවැනි තරු පංති දොළහක් තාරකා රාශී චක්‍රය ලෙස හැඳින්වේ. එනම්,[/FONT]
    [FONT=&quot]01.මේෂ (A[/FONT][FONT=&quot]RIES) 02 .වෘෂභ ([/FONT][FONT=&quot]TAURS)03. මිථුන ([/FONT][FONT=&quot]GEMINI)[/FONT]
    [FONT=&quot]04.කටක ([/FONT][FONT=&quot]CANCER) 05.සිංහ ([/FONT][FONT=&quot]LEO) 06.කන්‍යා ([/FONT][FONT=&quot]VIRGO)[/FONT]
    [FONT=&quot]07.තුලා ([/FONT][FONT=&quot]LIBRA) 08.වෘශ්චික ([/FONT][FONT=&quot]SCORPIO)[/FONT]
    [FONT=&quot]09.ධනු ([/FONT][FONT=&quot]SAGITARIUS) 10.මකර ([/FONT][FONT=&quot]CAPRICORN)[/FONT]
    [FONT=&quot]11.කුම්භ ([/FONT][FONT=&quot]AQUARIUS) 12.මීන ([/FONT][FONT=&quot]PISCES
    [/FONT]
    images%5B6%5D.jpg

    [FONT=&quot]ප්‍රධාන තාරකා රාශී දොළහ හැරුණ විට වෙනත් රාශී ද තිබේ. අහස උතුරු අර්ධගෝලය හා දකුණු අර්ධගෝලය යනුවෙන් කොටස් දෙකකට බෙදා එම කොටස් වල දක්නට ලැබෙන රාශී ද වෙන්වෙන් වශ‍යෙන් නම් කර ඇත. [/FONT]
    [FONT=&quot]ක්‍රි.ව150 දී ටොලමී විසින් තරු රාශී 48 ක් නම් කරන ලදී. [/FONT]
    zodiac+signs.jpg

    [FONT=&quot]පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වීමේ දී කාලයෙන් කාලයට ස්වකීය ගමන් මාර්ගය වැටී ඇති විවිධ ප්‍රදේශ පසුකර යයි. රාශී චක්‍රයේ රාශී උදාවන කාලය නියම කර ඇත්තේ ඒ අනුවය. [/FONT]
    [FONT=&quot]රාශී උදාවන කාලය[/FONT]
    [FONT=&quot]කාලය[/FONT][FONT=&quot] රාශීය [/FONT]
    [FONT=&quot]මාර්තු-අප්‍රේල් මේෂ[/FONT]
    [FONT=&quot]අප්‍රේල්-මැයි වෘෂභ[/FONT]
    [FONT=&quot]මැයි-ජුනී මිථුන[/FONT]
    [FONT=&quot]ජුනී-ජුලී කටක[/FONT]
    [FONT=&quot]ජුලි-අගෝස්තු සිංහ[/FONT]
    [FONT=&quot]අගෝස්තු-සැප්තැම්බර් කන්‍යා[/FONT][FONT=&quot] සැප්තැම්බර්-ඔක්තෝම්බර් තුලා[/FONT]
    [FONT=&quot]ඔක්තෝම්බර්-නොවැම්බර් වෘශ්චික[/FONT]
    [FONT=&quot]නොවැම්බර්-දෙසැම්බර් ධනු[/FONT]
    [FONT=&quot]දෙසැම්බර්-ජනවාරි මකර[/FONT]
    [FONT=&quot]ජනවාරි- පෙබරවාරි කුම්භ[/FONT]
    [FONT=&quot] පෙබරවාරි-මාර්තු මීන [/FONT]
    [FONT=&quot]රාශී චක්‍රයන්ට නම් තබා ඇත්තේ පුරාණ ග්‍රීක සාහිත්‍ය යේ සඳහන් නම්ය.
    [/FONT]
    images%5B5%5D.jpg

    [FONT=&quot]මේෂ රාශිය[/FONT]
    [FONT=&quot]පුරාණ ග්‍රීක කථාවකට අනුව පෙරික්ලස් හා හෙලීගේ අම්මා වන හෙපිලි තම දරුවන් දෙදෙනාට රන් ලෝම සහිත බැටළුවකු තැගි කර තිබේ. මේ බැටළුවාගේ පිටේ නැඟී මුහුදෙන් එතෙර වීමට යනවිට බැටළුවාගේ පිටෙන් වැටී හෙලී මිය ගිය අතර පෙරික්ලස් මේ බැටළුවාව සියස් දෙවියාට තෑගි කළේය. සියස් දෙවියා මේ බැටළුවාව අහසේ තරු අතර රැඳවිය. මේෂ යනුවෙන් හඳුන්වන්නේ අහසේ රැඳවු එම බැටළුවා යැයි ග්‍රීකයෝ වීශ්වාස කරති.
    [/FONT][FONT=&quot]වෘෂභ රාශිය[/FONT] [FONT=&quot]පැරණි ග්‍රීක කථාවකට අනුව යුරෝපා නම් කුමරියට මුහුදෙන් එතෙර වීමට උදව් කර ඇත්තේ ගවයෙකී. මේ උදව්වට කළගුණ සැලකීමක් ලෙස ජුපිටර් දෙව්ඳු මේ ගවයාව අහසේ තරු අතර රඳවා ඇත. මේ රාශීයේ පිහිටන ප්‍රධාන තාරකාව වන්නේ ඇල්ඩිබරන් යනුවෙන් හඳුන්වන රතු පාටින් බබළන තාරකාවයි.[/FONT]
    [FONT=&quot]මිථුන රාශිය[/FONT]
    [FONT=&quot]මෙහි සංකේතය වන්නේ නිඹුල්ලුන් දෙදෙනකි. මිථුන රාශීයේ ඇති තරු හැම එකක්ම යුගල තාරකාය. ඒ අතරෙන් දීප්තීමත් ම තාරකා දෙක වන්නේ කැස්ටර් හා පොලක්ස්ය. [/FONT]
    [FONT=&quot]ග්‍රීක පුරාවෘත්තයට අනුව කැස්ටර් හා පොලක්ස් යනු සියස් දෙව්ඳුන්ට දාව උපන් නිවුන් දරුවන් දෙදෙනකී. කැස්ටර් දක්ෂ අශ්වාරෝහකයෙකු වු අතර පොලක්ස් මල්ලව පොර ශුරයෙකී. සටනකදී කැස්ටර් මරුමුවට පත්වේ. එවිට පොලක්ස් ද ඔහු සමඟ මැරෙන්නට ඉඩදෙන ලෙස ඉල්ලා සිටී.පසුව සියස් දෙවියන් විසින් ඔවුන් දෙදෙනාම මේ රාශීයේ රඳවා ඇත.
    [/FONT][FONT=&quot]කටක රාශිය[/FONT]
    [FONT=&quot]ආදී තාරකා විද්‍යාඥයන්ට මේ තරු වල පිහිටීම කකුළුවකුගේ හැඩයෙන් පෙනුන නිසා මෙය කටක ලෙස නම් කර ඇතැයි සිතිය හැක. [/FONT]





    [FONT=&quot]සිංහ රාශිය [/FONT]
    [FONT=&quot]සිංහයකු ගේ හැඩයට තරැ පිහිටා ඇති නිසා ඒ නම ලැබී ඇත. මේ රාශීයේ ඉතා දීප්තීමත්ව තරුව සිංහයාගේ හදවත ලෙස සැලකෙනේ රෙගියුලස් නම් තාරකාවයි. රෙගියුලස් තාරකාවට ඉහළින් පිහිටි තාරකාවල හැඩය දෑකැත්තක් හෝ ප්‍රශ්නාර්ථ ලකුණක් හෝ හැඩයට බෙහෙවින් සමානය. [/FONT]
    [FONT=&quot]මේ තාරකා රාශීය හඳුනා ගැනීමේ දී පළමුව කළ යුත්තේ දෑකැත්ත හැඩයට පිහිටි තාරකා කීලය සොයා ගැනීමය. එවිට සම්පූර්ණ සිංහ රාශීය හඳුනාගැනීමට පුළුවන. [/FONT]
    [FONT=&quot]කන්‍යා රාශිය[/FONT]
    [FONT=&quot]මෙහි සංකේතය ධාන්‍ය කරලක් අතින් ගත් කාන්තාවකී. කන්‍යා රාශීයේ ඇති දීප්තිමත්ම තාරකාව ස්පයිකාය. මිදි වැල් වලින් අස්වැන්න නෙළන කාලයේ දී කන්‍යා රාශීය පාන්දර අහසේ දක්නට ලැබෙන බැවින් පැරැණනෝ මේ රාශීයට මිදි උයනේ ස්වාමී දුව යන අර්ථය ඇති “වින්ඩ්මිට්‍රික්ස්[/FONT][FONT=&quot]” යන නම භාවිතා කළහ. [/FONT]

    [FONT=&quot]තුලා රාශිය[/FONT]
    [FONT=&quot]තරාදිය මෙහි සංකේතයයි. මෙහි ඇති තරුවල දීප්තිය ඉතා අඩු බැවින් එය පියවි ඇසින් හඳුනා ගැනීම තරමක් අසීරුය.[/FONT]





    [FONT=&quot]වෘශ්චික රාශිය[/FONT]
    [FONT=&quot]මේ තාරකා වල හැඩය ගෝනුස්සකු වැනිය. මේ රාශීයේ දීප්තිමත් ම තාරකාව ඇන්ටාරොස්ය. [/FONT]

    [FONT=&quot] ධනු රාශිය[/FONT]

    [FONT=&quot]දුනු ඊතල විඳින්නට සැරසෙන දුනුවායා මේ රාශීයේ සලකුණයි.[/FONT]










    [FONT=&quot]මකර රාශිය[/FONT]
    [FONT=&quot]මෙහි සංකේතය මාළුවකුගේ හැඩය ගත් වලිගයක් සහිත මුහුදු එළුවෙකි. [/FONT]



    [FONT=&quot]කුම්භ රාශිය[/FONT]
    [FONT=&quot]මේ රාශීයේ සලකුණ දිය බඳුනක් අතින් ගත් ගැහැනියකී.[/FONT]

    [FONT=&quot]මීන රාශිය[/FONT]
    [FONT=&quot]තාරකා රාශී චක්‍රයේ අවසන් රාශීය යි. මෙහි සලකුණ වල්ගා වලින් එකට බැඳුන මත්ස්‍යයන් දෙදෙනකි. පැරණි ග්‍රික දේව කථා වල අනුව නම් යුප්‍රටීස් නදී ඉවුරේ විසු ඇප්‍රොඩයිට් හා ඊරෝස් නම් රූමතියන් දෙදෙනා මෙසේ මසුන් දෙදෙනකු බවට පත්ව ඇත. එසේ වීමට හේතුව වී ඇත්තේ ඔවුන් දෙදෙනාට ආලය කළ ටයිපොත් නැමැත්තා දිනක් ඔවුන් දෙදෙනා දිය කෙළියට යන වේලාවක අල්ලා ගැනීමට එන බව දැනුන සැනෙන් ඇප්‍රොඩයිට් හා ඊරෝස් කළේ නදියට පැන මසුන් දෙදෙනෙකුගේ වෙස් ගැනීමයි. අදත් ඔවුන් මසුන් ලෙසම සැඟවී සිටින බව කියවේ. මේ රාශීයේ ඇති දීප්තිමත්ම තාරකාව පෝමල්හෝල්ට්ය. [/FONT]

    [FONT=&quot] විද්‍යා හා තාක්ෂණ නිලධාරි -ඉබ්බාගමුව[/FONT]