තිලාන්ගේ ක්‍රිකට් මතක සටහන්

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    තිලාන්ගේ ක්‍රිකට් මතක සටහන්

    තිලාන් සමරවීර පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුන්නා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ හොඳම පිතිකරුවන් කිහිපදෙනා අතරින් එක්කෙනෙක් විදිහට තිලාන්ව අවිවාදයෙන්ම නම්කරන්න පුළුවන්. ටෙස්ට් තරග 81කදී ලකුණු 5462ක් රැස්කළ තිලාන් ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 6 වැනියා. එම ලැයිස්තුවේ ඔහුට ඉහළින් සිටින්නේ මහේල, සංගා, සනත්, අරවින්ද සහ මාවන්. ඒ වගේම 48.76ක් වන ඔහුගේ ටෙස්ට් ලකුණු සමාන්‍යය දෙවැනි වන්නේ සංගාටත් මහේලටත් විතරයි. ඒ වුණාට දැන් කියවුණු අනෙක් නම් තරම් තිලාන්ගෙ නම කියවෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. ඒ වුණාට ලංකාවෙ සැබෑ ක්‍රිකට් ලෝලීන්ට නම් තිලාන්ව කවදාවත් අමතක වෙන එකක් නෑ. අද කතා කරන්න යන්නෙ තිලාන්ගෙ ක්‍රිකට් දිවියෙ කැපී පෙනුන අවස්ථා කිහිපයක් ගැන.

    thilan.jpg


    1. ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – 2001

    ලංකාව නියෝජනය කළ 86 වැන්නා ලෙස තිලාන් ටෙස්ට් වරම් ලබාගන්නෙ SSC පිටියෙ පැවති මේ තරගාවලියෙ තුන්වන තරගයෙදි. හැබැයි ඒ පිතිකරුවෙක් විදිහට නම් නෙමෙයි. මුරලිට සහය වෙන්න දඟ පන්දු යවන්නෙක් විදිහට. අංක 8 ස්ථානයේ තිලාන් පන්දුවට පහරදීමට එනවිටත් ඉන්දියාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 234ට පිළිතුරු වශයෙන් ලංකාව 416/6 යි. මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන ශතක ලබාගත්තා. හෂාන් තිලකරත්න සමග එක්වුණු තිලාන් ලකුණු 194ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ලකුණු පුවරුව 610-6 දක්වා ඉහළ නැංවූවා. මේ ඉනිමේ අවසන් භාගය අදටත් බොහෝ ක්‍රීඩා ලෝලීන්ට අමතක නැහැ. තිලාන් ශතකය ලබාගැනීමත් සමගම ඉනිම අත්හිටුවන්නට නායක සනත් ජයසූරිය තීරණය කළා. තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ තුන්වැනි ශ්‍රී ලාංකිකයා ලෙස තිලාන් ඉතිහාසගත වුණා. මීට පෙර බ්‍රෙන්ඩන් කුරුප්පු සහ රොමේෂ් කළුවිතාරණ මේ දස්කම සිදුකොට තිබෙනවා. ශ්‍රී ලංකාව ඉනිමකින් තරගය ජයගත් අතර දෙවන ඉනිමේදී ඉන්දීය නායක සව්රව් ගංගුලිගේ කඩුල්ල දවා ගන්නටත් තිලාන් සමත් වුණා. කොහොම වුණත් පන්දු යවන්නෙකු විදිහට කණ්ඩායමට පැමිණි තිලාන් පළමු තරගයෙන්ම පිතිකරුවෙකු ලෙස නමක් දිනාගන්නට සමත් වුණා.

    2. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – 2003-04

    මෙහිදී තිලාන් රැස්කළ ලකුණු 142 නිසා පළමු ඉනිමේ ලකුණු 363ක lead එකක් ලබාගන්නට ශ්‍රී ලංකාවට හැකිවුණා. තරගය ශ්‍රී ලංකාව පහසුවෙන්ම ජයගත් අතර තිලාන්ට තරගයේ වීරයා සම්මානය හිමිවුණා. තරග 3කින් යුත් තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා.

    3. ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්ථානු සංචාරය 2008-09

    මේක නම් ගොඩක් විශේෂ තරග සංචාරයක්. කරච්චි සහ ලාහෝර් හිදී පිට පිට ද්විත්ව ශතක වාර්තා කරන්නට තිලාන්ට හැකිවුණා. තරගාවලියක් තුළ වැඩිම ද්විත්ව ශතක ගණනක් රැස් කළ ක්‍රීඩකයින් අතර තිලාන් සිටින්නේ තුන්වන ස්ථානයේ. සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් බලන්න.

    කොහොම වුණත් මේ සංචාරය නිම වුණේ නම් බොහොම කණගාටුදායක විදිහට. ලාහෝර් හි පැවති දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය සඳහා ක්‍රීඩාංගනය වෙත යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. (ඒ ගැන මාර්තු 3 වනදා ලියූ ලිපිය මෙතනින්) ප්‍රහාරයේදී බරපතළ ලෙස තුවාල ලැබූ ක්‍රීඩකයින් අතර තිලාන් ද සිටියා. ඔහුගේ කලවා ප්‍රදේශයට වැදුණු වෙඩි උණ්ඩයක් නිසා මාස කිහිපයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටින්නට ඔහුට සිදුවුණා.

    4. ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2011-12

    ඩර්බන් හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේදී ඩේල් ස්ටේන්, මෝනෙ මෝර්කල් ඇතුළු ප්‍රභල දකුණු අප්‍රකානු වේග පන්දු බලඇණිය හමුවේ පළමු ඉනිමේදී ලකුණු 338ක් වැනි හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වූයේ තිලාන් ලබාගත් ශතකය නිසයි. බොහෝ විට ආසියානු තණතීරු වල පමණක් දස්කම් දක්වන ක්‍රීඩකයෙක් ලෙස තිලාන්ට අලවා තිබූ ලේබලය මේ නිසා වෙනස් වූවා. චානක වෙලගෙදරගේ සහ රංගන හේරත්ගේ දක්ෂ පන්දු යැවීම සහ දෙවන ඉනිමේ මහේල ලබාගත් ශතකය නිසා ශ්‍රී ලංකාව ලකුණු 208කින් තරගය ජයගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ලබාගත් පළමු ටෙස්ට් ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වෙන්නට තිලාන්ටත් හැකිවුණා.

    එම තරගාවලියේම කේප් ටවුන් හිදී පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරාගන්නට තිලාන් නොදැවී රැස්කළ ලකුණු 115 ඉවහල් වුණා. (ලකුණු 2ක ඉලක්කයක් සඳහා නැවත දකුණු අප්‍රිකානු පිතිකරුවන් පිටියට ඒමට සිදුවුණා.) මෙම ඉනිම තිලාන්ගේ සටන්කාමී බව පෙන්වූ හොඳ ඉනිමක්.

    5. තිලාන්ගේ එක්දින ක්‍රිකට් ජීවිතය

    එක්දින තරග වලදි නම් තිලාන්ගෙ දක්ෂතා අහන්න ලැබෙන්නෙ අඩුවෙන්. ඔහු ක්‍රීඩා කරල තියෙන්නෙ එක්දින තරග 53කට විතරයි. නමුත් ඔහු අවස්ථා 2කදී ශතක වාර්තා කල අතර එම අවස්ථා 2දීම තරගයේ වීරයා වුණෙත් තිලාන්. ඊට අමතරව තිලාන් පන්දු යවන්නෙක් ලෙස නම් දරා සිටි කාලයේදී පන්දු යවන්නෙක් ලෙසත් තරගයේ වීරයා සම්මානයක් දිනා ගෙන තිබෙනවා. එදා (1999) සිඩ්නි පිටියේ දී ලකුණු 181ක් defend කරල එංගලන්තය පරාජය කරන්න ලංකාවට පුළුවන් වුණේ පන්දු වාර 9කදී ලකුණු 34කට කඩුළු 3ක් දවා ගනිමින් තිලාන් දැක්වූ දස්කම නිසයි.

    එතකොට එක්දින තරග වලදී තුන්වරක් තිලාන් තරගයේ වීරයා සම්මානය දිනාගෙන තියෙනවා. ඒ වුණාට ඔහු ටෙස්ට් තරග වලදී එම සම්මානය දිනා ගෙන ඇත්තේ දෙවරක් පමණයි. පුදුමයි නේද?

    ඉතින් තිලාන් ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගන්න මේ වෙලාවෙ ඔහු ලංකාව වෙනුවෙන් දැක්වූ දස්කම් අගයන අතරම ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තවදුරටත් සේවයක් කරන්න ඔහුට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.

    ගත්තෙ මෙතනින්. cowkorner.wordpress.com
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තවත් කරුණු කීපයක්...

    * එක් ක්‍රීඩා වාරයකදී ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරු ලැයිස්තුවේ මුලින්ම තිලාන් හිටියා. (මොන අවුරුද්දෙද කියලා මතක නෑ.)

    * තිලාන් පළමු
    ටෙස්ට් හයේ පාර එල්ල කලේ පළමු ටෙස්ට් තරඟයෙන් අවුරුදු 4කට පසු..

    * පළමු පෙල ටෙස්ට් කඩුළු 300කට ආසන්න ප්‍රමාණයක් ඔහු ලබාගෙන තිබෙනවා. නමුත් ටෙස්ට් පන්දු යවන්නේ ලෙස ඔහු හරිහැටි යොදාගත්තේ නැති බවයි මගේ මතය. (මුරලි නිසා තමන්ට තැනක් නැති වන නිසා ඔහුට පිතිකරුවෙක් වීමට සිදු වූ බව විචාරකයන් පැවසුවා.):frown:

    Rep 6+
     
    Last edited:
    • Like
    Reactions: aba88

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28

    Thanx bro

    තවත් කරුණු කීපයක්...

    * එක් ක්‍රීඩා වාරයකදී ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරු ලැයිස්තුවේ මුලින්ම තිලාන් හිටියා. (මොන අවුරුද්දෙද කියලා මතක නෑ.)

    * තිලාන් පළමු
    ටෙස්ට් හයේ පාර එල්ල කලේ පළමු ටෙස්ට් තරඟයෙන් අවුරුදු 4කට පසු..

    * පළමු පෙල ටෙස්ට් කඩුළු 300කට ආසන්න ප්‍රමාණයක් ඔහු ලබාගෙන තිබෙනවා. නමුත් ටෙස්ට් පන්දු යවන්නේ ලෙස ඔහු හරිහැටි යොදාගත්තේ නැති බවයි මගේ මතය. (මුරලි නිසා තමන්ට තැනක් නැති වන නිසා ඔහුට පිතිකරුවෙක් වීමට සිදු වූ බව විචාරකයන් පැවසුවා.):frown:

    Rep 6+

    2009දි තිලාන් ලබා ගත්ත ලකුණු 1234 ලංකාවෙ ක්‍රීඩකයෙක් එක calendar year 1කදි ලබා ගත්ත තුන්වෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව. සනත් (1997දි) සහ සංගා (2006දි) තිලාන්ට ඉදිරියෙන් සිටිනවා. හැබැයි ලෝක ලැයිස්තුවේ නම් තිලාන් ඉන්නෙ 46 වෙනි තැන. ලංකාව ටෙස්ට් තරග අඩුවෙන් ක්‍රීඩා කරන නිසා අපේ ක්‍රීඩකයෙක්ට ඉස්සරහට එන්න තියෙන ඉඩ අඩුයි.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එලම පිතිකරුවෙක්..
    තාක්ෂනය උපරිමයි...
    හරිම කූල් පොර..
    ලොකු ඔලුව නැහැ..