තෙල් ගනුදෙනුවෙන් මෙතෙක් පාඩුව කෝටි 1406 රු.14,062,000,00
මහින්දගේ ‘හෙජින්’ වැල් පොලී කඳු මවයි
November 5, 2017
පසුගිය පාලන සමයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ දේශීය, විදේශීය වාණිජ බැංකු කීපයක් අතර අත්සන් කරන ලද ‘ඉදිරි සුරැකුම් ගිවිසුම’ හෙවත් ‘හෙජින්’ ගිවිසුම නිසා 2016 වර්ෂය තුළ දී ස්වයංක්‍රීයව රුපියල් කෝටි 386ක පාඩුවක් සිදු වී ඇති බව අනාවරණය වේ.
කෝප් කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පසුගිය ඔක්තෝබර් 19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කෝප් කමිටු වාර්තාවෙන් මේ බව හෙළි වේ. එම ගිවිසුම නිසා මෙතෙක් සිදු වී තිබෙන පාඩුව රුපියල් එක්දහස්හාරසිය හයකෝටි විසිලක්‍ෂය (රු. 14,062,000,000)ක් වී ඇත. 2016 වර්ෂය ආරම්භයේ දී එය රුපියල් කෝටි 1020ක් වී ඇත.
හිටපු මුදල් ඇමති, මහින්ද රාජපක්‍ෂගේ පූර්ණ අනුමැතිය ඇතිව හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් විසින් මෙම ගිවිසුම සම්පාදනය කරන ලද අතර 2009 අවසන් භාගයේ ගිවිසුමට අත්සන් තැබී ය. බ්‍රිතාන්‍යයේ ඩොයිෂ් බැංකුව, හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව, සිටි බැංකුව සහ මෙරට රාජ්‍ය බැංකු දෙකක් අතර ඛනිජ තෙල් මිල ඉහළ යාමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වන පාඩුවෙන් කොටසක් පියවා ගැනීමට බව කියමින්, මෙම ගිවිසුම අත්සන් කරනු ලැබී ය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අතිශය අවාසිදායක කොන්දේසි යටතේ අත්සන් කරනලද අතර, ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල වේගයෙන් පහත වැටීම නිසා එම බැංකුවලට ගිවිසුම් ප‍්‍රකාරව වන්දි ගෙවීමට සිදු විය. නමුත්, වන්දි නොගෙවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගිවිසුම ඒකපාර්ශ්විකව කඩ කිරීම නිසා විදේශ බැංකු මඟින් බ්‍රිතාන්‍ය වාණිජ අධිකරණයක් ඉදිරියේ නඩු පවරා අලාභය සහ එයට වන්දියක් ද අය කිරීමට කටයුතු කළේ ය.
මේ නිසා ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ට ගාස්තු ගෙවීම, බැංකුවලට වන්දි ගෙවීම, නඩු වාරවලට මෙරට නියෝජිතයන් ලන්ඩනයට යාම්-ඊම් සඳහා ගමන් වියදම්, නවාතැන් වියදම් ආදී විශාල අමතර මුදලක් වැය කිරීමට සිදු විය. එම අධිකරණ ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් අවසන් වී නොමැති නිසා මෙසේ දිගින් දිගටම අති විශාල මුදලක් වැය කිරීමට සිදු වී තිබේ.
- http://www.lankatruth.com/si/මහින්දගේ-හෙජින්-වැල්-ප/

Last edited:
නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.