තෙල්_ප්‍රතිකාරය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තෙල්_ප්‍රතිකාරය

බටු තෙල් ප්‍රතිකාරය

Slider_1.jpg


සෙම තියන උන් ඉන්නවනම් මෙන්න ප්‍රතිකාරයක්. පුළුවන් නම් කරලා බලන්න. අනිවා ගුණ දෙනවා.

මම මචන් වයස 15 වගේ ඉඳලම දැඩි සෙම් රෝගවලින් පිඩා විදිනවා. උදේට නැගිටිනකොට ඔලුව උස්සගන්න බැහැ. ඔලුව කැක්කුමයි බරයි. කොයි වෙලාවෙත් ඔලුවේ කැක්කුම එනවා. හැම තිස්සෙම වේදනා නාශක පෙති ළඟ තබාගෙන ඉන්නේ. ඇන්ටි බයෝටික්ස් බීලා ඇති සැහෙන ප්‍රමාණයක්.

මේ ලඟකදී ෆීල්ඩ් ට්‍රිප් එකකට ගියා උහන පැත්තේ. එහෙ ගිය වෙලාවේ කඩේට ගියා ප්ලේන්ටියක් බොන්න. ප්ලේන්ටියක් ගහල පැනඩෝල් දෙකක් ගැහුවා. ඒක දැකපු වයසක සියා කෙනෙක් මට කතා කළා.. එයා ගමේ වේද මහත්මයෙක්. සියා අහනව ඇයි මහත්තයා පෙති බිවුවේ. අසනිපයක් ද කියල . මම මට තියන සෙම කතාව කිවුවා. මම දැඩි ඔලුවේ කැක්කුමකින් පෙළෙනවා කියලා තේරුම් ගත්ත වෙදමහත්මයා කිවුව මහත්තයෝ වැඩ ඇරිලා යන ගමන් අපේ ගෙදරට ඇවිත් යන්න එන්න කියලා. මම යන ගමන් නිකමට ගොඩ වෙලා ගියා.

එවේලේත් මම තද ඔලුවේ කැක්කුමකින් හිටියේ. දවසෙම අවුවේ හිටපු නිසා. පැනඩින් ගහල හිටියේ . එත් අඩුවක් නැහැ. වෙදමහත්මයා හැන්දකට තෙල්වගයක් දාලා අරන් ඇවිත් ඔලුවට දැම්මා. ඒ තෙල් උනුයි. සියා ඔලුවට දාල අතගාලා කිවුවා දැන් ඔලුව හෝදන්නේ නැතුව රෑට නිදා ගන්න කියලා. මමත් ඉතින් හරි කියලා වේදමහත්මයට ස්තුති වන්ත වෙලා යන්න ගියා.

පහුවෙනිදා උදේ ඇහැරෙනකොට ඔලුවේ බර කොහෙන් ගියාද කියලා දන්නේ නැහැ. හිසේ රුදාව පලාතක නැහැ. අපි පොඩි කාලේ ඇහැරෙනකොට දැනෙන සනීපය වගේ දැනෙනවා. පස්සේ උදේට නාල වැඩට ගියා. දවසම ෆ්‍රෙෂ්. පස්සේ හවස වැඩ ඇරිලා එන ගමන් වේද මහත්මයට කියලා තෙල් ටිකක් ඉල්ලගන්න ඕනේ කියලා ගෙදරට ගියා. එවිට වේද මහත්මය කියනවා මහත්තයෝ මම ඊයේ කලේ බටු තෙල් ප්‍රතිකාරය. මහත්තයා මෙන්න මේ බටු තෙල් කුප්පිය ගෙදර අරන් යන්න . සතියට තුන් වරක් වගේ ඔලුවට දාන්න. හැබැයි නිකන් දාල වැඩක් නැහැ. ගන්න හොඳ පිරිසිඳු මේස හැන්දක්. ඒකට රතු ලුණු ගෙඩියක් තලලා දාන්න. ඒ එක්කම කරපිංචා කොළ දෙකක් තුනක් තලලා දාන්න. ඊට පස්සේ බටු තෙල් ටිකක් හැන්දට දාල පහනකට අල්ලලා නටවන්න. හොඳට තෙල් ටික නිවෙන්න හැරලා මද උණුසුම තියනවත් එක්කම හිස් මුදුනට දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හැබැයි හවසට නාන්න එපා. උදේට නාන්න. උදේට නෑවත් කොන්ඩේ හොඳට වියලා ගන්න. පුළුවන් නම් කොන්ඩේ වේලන මැෂිමක් ගන්න. මේ ප්‍රත්කාරය සතියට තුන් පාරක් වගේ කරන්න. ( හැමදාම ) ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා කොලබ ඇවිත් පහුගිය මාසෙම මම මේ ප්‍රතිකාරය කළා. දැන් මම සතියට එක පාරක් දෙපාරක් වගේ කරන්නේ. සෙම නැහැ. හැබැයි මේක තාවකාලික ප්‍රතිකාරයක් වෙන්න පුළුවන්. නිට්ටාවට සුව කරගන්න නම් නිවැරදි ප්‍රතිකාර ගන්න ඕනේ. එළකිරියේ කාට හරි ප්‍රයෝජනයක් වේවි කියල හිතුනා නිසා දැම්මා.
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වැඩි ප්‍රතිපල ලබාගැනීමට හිසේ තෙල් ගැලවීමට ප්‍රථමයෙන් හුමාලය අල්ලා මුහුන සහ නළල ස්ටීම් කරගන්න. මෙය මා පුද්ගලිකව අත්විඳපු දෙයකි.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    අපි පොඩි කාලේ ඇහැරෙනකොට දැනෙන සනීපය

    Mata sema ledak nam na ban. Eth jeewithe mehema deyak thibbada kiyala wath mathaka nathuwa hitapu deyak uba nisa mathak una. Ekale patta ban. Kisi barak naha. Mathak wenakotath asa hithenawa.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Mata sema ledak nam na ban. Eth jeewithe mehema deyak thibbada kiyala wath mathaka nathuwa hitapu deyak uba nisa mathak una. Ekale patta ban. Kisi barak naha. Mathak wenakotath asa hithenawa.


    එක ඇත්ත මචන්. ඉස්සර අපිට ප්‍රශ්න කියල දෙයක් නැහැ බන්. අද ඇහැරෙනකොට මතක් වෙන්නේ මොන බැංකුවෙන් කතා කරයි ද , ක්‍රෙඩිට් කාර්ඩ් එකට කතා කරයිද වගේ දේවල්.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Matath thiyanawa BN. Papuwen sema Ena ekata behethak dannadda...

    හොඳ දොස්තර කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ගනින්. පපුවේ සෙමනම් හොඳ කන්සල්ටන්ට් කෙනෙක් හම්බ වෙන්න. ඉස්සලාම ඉංග්‍රීසි බෙහෙත් කරන්න. සෙම එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඉස්සර බටු තෙල් මීපැණි වලට දලා තේ හැන්දක් බොනවා.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සෙමට ද?
    ඔව් බං උදේට හිස්බඩ

    තව බෙහෙතක් තියෙනවා කපහරක්වාථ කියලා ඒක නිකන් කසිප්පු වගේ. මේස හැන්දෙන් 1යි දවසට 3පාරයි.
    මාසෙන් සෙම ඉවරයි.
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔව් බං උදේට හිස්බඩ

    තව බෙහෙතක් තියෙනවා කපහරක්වාථ කියලා ඒක නිකන් කසිප්පු වගේ. මේස හැන්දෙන් 1යි දවසට 3පාරයි.
    මාසෙන් සෙම ඉවරයි.

    Gastric nisa blood awul wela Sema enawa neda
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් බං උදේට හිස්බඩ

    තව බෙහෙතක් තියෙනවා කපහරක්වාථ කියලා ඒක නිකන් කසිප්පු වගේ. මේස හැන්දෙන් 1යි දවසට 3පාරයි.
    මාසෙන් සෙම ඉවරයි.

    එල ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගාන හැමදාම ලූණු තලල දාන්න ඕනිද බං....

    ඔව් මචන් .රතු ළුණු ගෙඩියක් , කරපිංචා කොළ තුනක් තලලා මේස හැන්දකට දාලා නටනකන් රත් කරලා දාපන්. මද රස්නේ තියෙනකොට හිස් මුදුනට දාපන්.