තෙල්_ප්‍රතිකාරය
බටු තෙල් ප්‍රතිකාරය
සෙම තියන උන් ඉන්නවනම් මෙන්න ප්‍රතිකාරයක්. පුළුවන් නම් කරලා බලන්න. අනිවා ගුණ දෙනවා.
මම මචන් වයස 15 වගේ ඉඳලම දැඩි සෙම් රෝගවලින් පිඩා විදිනවා. උදේට නැගිටිනකොට ඔලුව උස්සගන්න බැහැ. ඔලුව කැක්කුමයි බරයි. කොයි වෙලාවෙත් ඔලුවේ කැක්කුම එනවා. හැම තිස්සෙම වේදනා නාශක පෙති ළඟ තබාගෙන ඉන්නේ. ඇන්ටි බයෝටික්ස් බීලා ඇති සැහෙන ප්‍රමාණයක්.
මේ ලඟකදී ෆීල්ඩ් ට්‍රිප් එකකට ගියා උහන පැත්තේ. එහෙ ගිය වෙලාවේ කඩේට ගියා ප්ලේන්ටියක් බොන්න. ප්ලේන්ටියක් ගහල පැනඩෝල් දෙකක් ගැහුවා. ඒක දැකපු වයසක සියා කෙනෙක් මට කතා කළා.. එයා ගමේ වේද මහත්මයෙක්. සියා අහනව ඇයි මහත්තයා පෙති බිවුවේ. අසනිපයක් ද කියල . මම මට තියන සෙම කතාව කිවුවා. මම දැඩි ඔලුවේ කැක්කුමකින් පෙළෙනවා කියලා තේරුම් ගත්ත වෙදමහත්මයා කිවුව මහත්තයෝ වැඩ ඇරිලා යන ගමන් අපේ ගෙදරට ඇවිත් යන්න එන්න කියලා. මම යන ගමන් නිකමට ගොඩ වෙලා ගියා.
එවේලේත් මම තද ඔලුවේ කැක්කුමකින් හිටියේ. දවසෙම අවුවේ හිටපු නිසා. පැනඩින් ගහල හිටියේ . එත් අඩුවක් නැහැ. වෙදමහත්මයා හැන්දකට තෙල්වගයක් දාලා අරන් ඇවිත් ඔලුවට දැම්මා. ඒ තෙල් උනුයි. සියා ඔලුවට දාල අතගාලා කිවුවා දැන් ඔලුව හෝදන්නේ නැතුව රෑට නිදා ගන්න කියලා. මමත් ඉතින් හරි කියලා වේදමහත්මයට ස්තුති වන්ත වෙලා යන්න ගියා.
පහුවෙනිදා උදේ ඇහැරෙනකොට ඔලුවේ බර කොහෙන් ගියාද කියලා දන්නේ නැහැ. හිසේ රුදාව පලාතක නැහැ. අපි පොඩි කාලේ ඇහැරෙනකොට දැනෙන සනීපය වගේ දැනෙනවා. පස්සේ උදේට නාල වැඩට ගියා. දවසම ෆ්‍රෙෂ්. පස්සේ හවස වැඩ ඇරිලා එන ගමන් වේද මහත්මයට කියලා තෙල් ටිකක් ඉල්ලගන්න ඕනේ කියලා ගෙදරට ගියා. එවිට වේද මහත්මය කියනවා මහත්තයෝ මම ඊයේ කලේ බටු තෙල් ප්‍රතිකාරය. මහත්තයා මෙන්න මේ බටු තෙල් කුප්පිය ගෙදර අරන් යන්න . සතියට තුන් වරක් වගේ ඔලුවට දාන්න. හැබැයි නිකන් දාල වැඩක් නැහැ. ගන්න හොඳ පිරිසිඳු මේස හැන්දක්. ඒකට රතු ලුණු ගෙඩියක් තලලා දාන්න. ඒ එක්කම කරපිංචා කොළ දෙකක් තුනක් තලලා දාන්න. ඊට පස්සේ බටු තෙල් ටිකක් හැන්දට දාල පහනකට අල්ලලා නටවන්න. හොඳට තෙල් ටික නිවෙන්න හැරලා මද උණුසුම තියනවත් එක්කම හිස් මුදුනට දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හැබැයි හවසට නාන්න එපා. උදේට නාන්න. උදේට නෑවත් කොන්ඩේ හොඳට වියලා ගන්න. පුළුවන් නම් කොන්ඩේ වේලන මැෂිමක් ගන්න. මේ ප්‍රත්කාරය සතියට තුන් පාරක් වගේ කරන්න. ( හැමදාම ) ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා කොලබ ඇවිත් පහුගිය මාසෙම මම මේ ප්‍රතිකාරය කළා. දැන් මම සතියට එක පාරක් දෙපාරක් වගේ කරන්නේ. සෙම නැහැ. හැබැයි මේක තාවකාලික ප්‍රතිකාරයක් වෙන්න පුළුවන්. නිට්ටාවට සුව කරගන්න නම් නිවැරදි ප්‍රතිකාර ගන්න ඕනේ. එළකිරියේ කාට හරි ප්‍රයෝජනයක් වේවි කියල හිතුනා නිසා දැම්මා.

Last edited:
+