දේශපාලන විද්‍යාවට අනුව පාලිත තෙවරප්පෙරුම අයත් වන්නේ වීදි සටන්කාර දේශපාලනඥයින් විදියට, ඒ අය ක්‍රියාශීලීව බැහැලම වැඩ කරනව ඇතැම් අවස්ථාවලදී ප්‍රායෝගිකයි(රනිල්, රවී වගේ අයට වඩා). හැබැයි මෙහෙම දෙයකුත් තියෙනව, ආවෙගය හින්ද බුද්ධියට වඩා හැඟීම් ඉස්මතුවෙනව (කාලෙකට කලින් අර ඉස්කෝලෙට ළමයෙක් දාගන්න සීන් එකේදි වුනා වගේ,).
ඒ වගේම මට මතක් වෙනව සුජීව සේනසින්හත් ඔය වගේ සරම ගහං බැහැල වැඩ කරන ෆොටෝ දාන තිබ්බ එක එක ඈන්ගල් වලින් ලස්සනට , වැඩේ කෙලවුනේ අර කෙහෙල් ගෙඩි සීන් එකෙන්. ගොඩක් අය නොදන්නව වුනාට දේශපාලනඥයින්ට තියෙනව media crew එකක්, ඒකෙන් ඔය වගේ propaganda වැඩ සංවිධානය කරනව. මීට කලිනුත් අර වැලිපැන්න සර්විස් ඒරියා එකේ ටැප් කැඩිල කියල එතුමා ඒක සම්බන්දව ක්‍රියා කරන හැටි ගැන මාධ්‍ය වාර්තාවක් ගියා. ඒකෙ ලස්සනට කලාත්මකව වීඩියෝ කරල තියෙනව එතුමා එතනට ඇවිදගෙන යන හැටි, ඊට පස්සෙ එතන සේවකයොන්ට බනින හැටි. වැඩේ කෙරුනත් මීක ටිකක් showing off වැඩක් වගේ මටනං. රන්ජන් රාමනායකත් ඔය වගේ තමයි හැබැයි පාලිත තරම් සාර්ථක නෑ ඒ වගේම ප්‍රායෝගිකත් නෑ.
දැන් මේ සිද්ධියෙදි වුනත් වීඩියෝ එකක් තියෙනව රෝගීන් වගයක් පටවන් නිල්පාට පොලිස් ජිප් එකක් යනව. ඊට පස්සෙ පාලිත තෙවරප්පෙරුම ඒව ජිප් එකෙන් ඒම රෝගින් උස්සගෙන යනව. පස්සෙ පෙන්නනව මිනී පෙට්ටි වගයක් පටවන්න පාලිත මැතිතුමා හමුදාවට උදව් වෙනව ඒක පටවන්න. ඒ වගේම තව සරම කැසපොට ගහගෙන, සෙරෙප්පුත් නැතුව යම් යම් ක්‍රියාකාරකම් වල යෙදෙන සේයාරූ පවා තියෙනව. ඇත්තටම මේකෙන් සාමාන්‍ය ජනතාවට මොරාල් එකක් එනව ඒක හොඳයි ඒත් ඕක බලල "මෙයා තමයි සුපිරි වැඩ්ඩ කියල" කියල හිතනව නං එතන තමයි වැරැද්ද.