තොට පිස්සුද යකෝ!!

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තොට පිස්සුද යකෝ!!

    සංජීව පුෂ්පකුමාර මහතා වෙත....

    ඔය මහත්තයා සිනමාවේ ඔස්තාර් කෙනෙක් උනාට මොළයක් කියා මංචාඩියක් නැති මනුස්සයෙක් බව මගේ හැඟීමයි... මොළයක් තිබුණා නම් ඔහොම වැඩ කරන්නේ නැත.... ලංකාවේ පිචෑර් එකක් හදලා, ඒකත් පෙන්න ගෙන, පෙට්ටියත් කඩාගෙන ( වැරදියට හිතන්න එපා... "බොක්ස් ඔෆිස් වාර්ථා" බිඳීම ගැන කිව්වෙ.... ) මන්දිරේටත් ගෙහුන්, නොමිළේ ගෙයක් දොරක් එහෙමත් දිනාගෙන, පසු කළෙක රණවිරු රියල් ඉස්ටාර් එකේ ගවුරවණීය විනිස්ය මණ්ඩලේටත් ඇවිත් ඉඳගෙන ඉන්න චෑන්ස් එක ගන්නා හැටි ඔහේ දන්නේ නැත්නම් මහත්තයෝ මගෙන් අහගන්න...මං කියලා දෙන්නම්...මෙහෙමයි කෙරෙන්න ඕන....

    1ලොකු ටොපික් ගන්න එපා තීම් එකට.... " මේක බබාලන්තයක් - සතුටු සිරා පිරුණු සාදයක්" කියන එක අමතක කරන්න එපා....පුලුහන් තරම් පොඩි උන්ට සමීප ටොපික් ඕන අර ගන්න...." ගොන් කෙවිට, එළු පැටියෝ තෝයි මායි, අම්මට සිරි ගජ සිරි " වගේ ඉන්තේරුවෙන්ම බබා ටොපික් තෝරා ගන්න මුලින්ම කල්පනා කර ගන්න ඕනෑය... එහෙම කළොත් හුඟ කාළයක් ගාණ කපන්න පුලුහන්ය.... හැබැයි ඉන්ස්ටන්ට් සුප් නූඩ්ල්ස් වගේ ගොඩ යන්න ඕනෑ නම්, මේ දවස් වල පින්න උඩ දාගෙන රඟන ගෙරි රැල්ලට හෝ ජාතික රැල්ලට චූන් එකක් දෙන්නම ඕනෑය.... ඒකට ඔය විජ්ජුත් ටීකාවක් පෙරළලා අරගෙන කතන්දරයක් හොයා ගන්න පුලුහන්ය....අපේ ඉතිහාසයත් අපි වගේම බැවින්, බබ්බු නළවන්න අවස්ය පට්ටම පට්ට "බෙඩ් සයිඩ් ස්ටෝරියක්" හොයා ගන්න ඔය මහත්තැන්ට අමාරු නැත...

    2 . එසේ තෝරා ගන්නා ස්ටෝරියට හොඳ නැකතක් බලා එළිසමය ගැළපෙන නමක් දමා, මද කිපෙන ලුක් එකක් ලබා දීමට කටයුතු කරන්න... "සිරි ෆැරන්හයිට්, මා සෙන්, දියසෙන්, ඩොල්ෆින්" වැනි නමක් ප්‍රධානය කිරීමෙන් එළකිරි සෝ එකකට අඩිතාලම දමා ගත හැක....
    3. හැබැයි පුතෝ එකක්...!...බැරි වෙලාවත් ඒ ඉතිහාස කථාවේ චරිත නිකමටවත් පොඩි හරි විවේචනයක් කරන්න එපා...!... අම්බෝ...!...මාත්තයගේ ගේ ඉස්සරාට ඇවිත් එළ විරුවෝ තෙද විකුම් පාගෙන, පාගෙන යයි එකසිය ගාන්ට....මාත්තයගෙන් විතරක් නෙමෙයි, අහක ඉන්න අහිංසක ඔබාමාගෙනුත් ගේම ඉල්ලලයි නවතින්නෙ උන්...!...නිකම් බොරුවට මොකටද ලෝක යුද්ද හදා ගන්නේ නේහ්...?...අනික අර ඉරිදා දිව-ඉනේ පළවෙන තීරු ලිපියේ මේම ලිව්වොත් එහෙම...!... " මෙම චිත්‍රපටිය අසාර්ථක වන්නේ බටහිරයන්ගේ අහවල් එක මේකේ ඇති නිසාය...මෙරට සිටින පුහු අනුකාරක පඬියන් ( ලිපියේ ඉතිරි ටික කියවීම සඳහා පෙර සති වල ලිපි බලන්න )"..... මොකටද නිකන් බටහිරට ඉඳුල් වෙලාවත් නැති ඔය පින්වතුන්ගෙන් බැණුම් අහගෙන්නෙ නේහ්...?...ඒ නිසා ඒ චරිත වලට උන් හදාගෙන වඳින පුදන විදියටම දේවාලෙ පිටින් අරගෙන පිල්ම් එකට දාගන්න....ඉල්ලන් කන්නෙ මක්කටයි....?

    4. පිල්ම් එකේ රජෙක් අනිවාර්යෙන් ඉන්ට ඕනෑ....අරිද...?...ඒ රජ්ජුරුවෝ වඩින කල් ෆුල ෆුලා බලා සිටි ජනතාව රජ්ජුරුවන්ට දණ්ඩ නමස්කාර කර පිළිගන්නා ආකාරය තියෙන්ටත් ඕනෑ..... රජෙකුට කීකරු වී සිටීම මොන...අ...අ....අ...තරම් දෙලොව වැඩ සදන දෙයක්ද කියලා පිල්ම් එක පුරාවටම පේන්න තියෙන්නත් ඕනෑ.... ඒම කරන්න කියන්නෙ ඇයි කියලා මං පස්සෙ කියන්නම්... ඒක සාසක් හොඳේ...?..
     
    • Like
    Reactions: ABACUS and SSR@

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    5. පිල්ම් එකේ මුල, මැද, අග තුනටම "ගිංද, ගිගිංද, ගුංද, ගුගුංද, ගුඳ, ගුඳ, තකු, ගුඳ, තකු, තකු, තක්ක, ගුඳ " ගාලා මයිල් ඉස්මයිල් වෙන බෙර පාරක් එක්ක "බූ....බූ....බූ....ඌ...ඌ....ඌ....ඌවක්" ගාලා හක්ගෙඩි පාරක් පිඹින්න සෙට් කරන්න ඕනෑ....ඒම කලේ නැත්තන් ඒක පිල්ම් එකක් නෙමෙයි....මිනිස්සු බලන්න එන්නෙත් නෑ....ඕන් නම් වැඩේ තව නග්ගලා ගන්නත් එක්ක අණ බෙර කාරයෙක් හරි පයිණ්ඩකාරයෙක් හරි "නෛකශ්‍රීන් විරාජමාන ත්‍රීසිංහලාධීෂ්වර අප මහ රාජෝත්තමයන් වහන්සේ වඩිනවෝ...!" ගාලා සද්දයක් දාල අහිංසක බලු ගැත්තන් බය වද්දන සීන් එකකුත් දාන්න...කියනවට දාල බලන්නකො ප්‍රතිචාර කොහොමද කියලා...
    6. සින්දුත් ඉතින් බබාලට හරි යන ඒව තමයි....බබාලා කියන්නෙ මේ රටේ ඉන්න පොඩි දරුවො නෙමෙයි....උන් බබ්බු කියලා හිතන් ඉන්න උන් ඉන්නෙ...අන්න ඒ වගේ උන්ට.... "ෆාට, ෆාට මල් ගොඩේ පිපී - ජාති, ජාති වහු පැටව් අපි", " හොරෙන්, හොරෙන් එළිය අරන් - අයි.එම්.එෆ් ලෝන් අරන් - චීනුන්ගෙන් පිනට අරන් - අපිම හදන අපේ බක්කියේ - වකුටු වෙලා ලගිමු යාලුවේ" , ඔය තියෙන්නෙ සින්දු ඕන තරම්....ලියව ගන්න බැරි නම් කියන්න, අපි ලියල දෙන්නම්.... කවුරු හරි හයි-ෆයි පොරවල් අඳුරන කළා මැක්කෙක්ගෙ සින්දු කියන්න බැරි පුතෙක් ගන්න ඕන වැඩේට....ඌට කියා ගන්න බැරි උනත් කමක් නෑ... ගුඩු ඇද, ඇද, යටි ගිරියෙන්, හුස්ම හිර වෙවී හරි රෙකෝඩිං එක කර ගත්තොත් ගොඩ.... සින්දු සීන් වලට පොඩි උන් ටික පේළියට දුවවන්න ඕන කුඹුරු, වෙල් දෙණි වල....දුවනකොට අත් දෙක දෙපැත්තට දාගෙන, නිකන් සේරුව ඇදවෙච්ච සරුංගල් වගේ දෙපැත්තට වැනි, වැනි, කඩන් වැටෙන ඇන්ටනෝව් වගේ දුවන්න කියලා උපදෙස් දෙන්න....


    7. ඔහේ හරි මෝඩයෙක් නේ මහත්තයො...!....ඕම පුලුහන්ද වැඩ කරන්න...?....මේ රටේ ඕනම පිල්ම් එකක මේන් කැරැට්ටර් එක තෝරන කොට ඒකට පත් වෙන්න පතාගෙන ඉපදිච්ච අප්පෙකුයි, පුතෙකුයි මේ රටේ ඉන්නවා කියලා දන් නැද්ද....?....ඔව්, ඔව් අර "ගඟ දිගේ, මග දිගේ, මහා රෝන්දෙ, බෝක්කු දිගේ, විජ්ජුත් ටීකාව" පෝගෑම් කරපු ජන මූලාශ්‍රිත මහත්තයා තමා....!....එයා, එයා වෙන කවුද ඉතින්...?....එයයි, එයාගෙ පුතයි, ඇරෙන්න සම්බාව්ය ඉතිහාස කථාවක් රඟපාන්න එක බලු කපුටෙක් ඉන්නවද ඩෝ මේ ඒරියල් එකේ...?....බලනවා කොච්චර ලේසිද කියලා...අප්පට පුලුහන් පුතාට කට හඬ දෙන්නත්....ඩබිං වලට වෙනම එව්වො හොයන්න ඕන් නැහ් නෙ...?... ඊට අමතරව සිංහලවත් හරියට දොඩා ගන්න බැරි බට්ටි කෙල්ලෙක්ව හරි, ලෝස් නැතුව ඇඟ පෙන්නන්න දක්ස කෙල්ලෙක් හරි පූට්ටු කරලා බැන්ද නම් හාන්නන් අම්මා කුඹුරම....!...නැද්ද මං අහන්නෙ...?.. ඕන් නම් ඔය ඉඳලා හිටලා කෙල්ලට පොඩි ජම්ප් එකක් දාන්න කියලා, කැමරාවත් වැරදිලා අහම්බෙන් යටින් අල්ලලා දන් නැද්ද ඉතින්...? ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේ කථාවක් විසි එක්වෙනි සියවසේ පෑන්ටියකින් ගොඩ දැම්මා කිව්වාම කාටද ආඩම්බර හසන්ත...?

    8. ඔන්න දැන් තමයි රජෝ අමාරුම හරිය...!....මාකටින්...!....ලොකු තැන් වල කනෙක්සන් තියෙනවා නම් සූපවාහිනිය, නයි.ටී.එන් එක ලෝස් නැතුව උස්සලා දෙනවා...!....ඒ වගේ තැනක "ඉරිදා ආයිබොවං" වගේ පෝගෑම් එකකට හාමිනේ වත් එක්කන් ඇවිල්ලා අඹු සැමියන් ලෙස හැසිරෙන්න ඕන.... ( නෑ, නෑ මං කිව්වෙ අර වැඩේ නෙමෙයි...!....දෙන්න එක්ක, මාරුවෙන් මාරුවට කථා කරන්න ඕන...)... "මේ පිලුම් එක හදද්දි මගේ මායියා තමයි මට ලොකුම සහාය දුන්නෙ"..." මයේ මිනිහා නැත්තන් මේ පිල්ම් එක හැදෙන්නෙ නෑ දෙයියෝ...!", "පොඩි එව්වො දොක්කගෙන ඇවිත් බලපල්ලා මයෙ අම්මලා...!" කියලා කියන්න ඕන....උදේ ඉඳන් යක්කු ගස් නගින වෙලාව වෙන කල්, අප්පිරියා හැදෙන කල්, අර බබාලට හදපු සින්දු කෑල්ලක්, සෑම විනාඩි දහයකටම වරක් හැම ජන මාජ්ජයකම දාන්න ඕනෑ....උදේ චූ කරනකොටත්, බත් කනකොටත්, බස් එකේ යනකොටත්, හවස එනකොටත්, බැක්ග්‍රවුන්ඩ් එකෙන් " පාට, පාට මල් ගොඩේ පිපී - ජාති, ජාති වහු පැටව් අපි" කියලා ඇහෙන්න තියෙන්න ඕන...

    9. දැන් ඔන්න පිල්ම් එකේ ආරම්භක දිනය ... එදාට එන්නෙ ඔක්කොම හයි-ෆයි ඩයල් විතරයි.... අරි...?... එදාට ඒ අයට පෙන්නලා වැඳ අවසර අරගන්න... දෙවනි දවස තමයි කොල්ලො දවස...!....එදාට ගෙන්න ගන්න ඕන "කළා ඩෝබි" ටිකයි, මළ ගෙවල් වල ගුණ කථන හැකියාව උපතින් ගෙන ආපු දොරමඬලාවට නිතර එන වංසෙ අයයි.....ඒ අයට හොඳට කන්න බොන්න දීලා පිල්ම් එක පෙන්නන්න ඕන....ඊට පස්සෙ උන් ලවා බලන් ඉන්න උන්ට තමුන්නාන්සෙ දෙපතුල් බදාගෙන ඉඹින්න හිතෙන ටෝක්ස් ටිකක් දෙවා ගන්න... " අම්මපා මේවා තමයි පිල්ම් කියන්නෙ....!...මේ රටේ නෙමෙයි දකුණු ආසියාවෙම ඉතිහාසෙට හැදිලා තියෙනවද මෙහෙම පිල්ම්....?.... ස්ටීවන් ස්පීල්බර්ග්ලා මොක්කුද යකෝ...?...මෙන්න ඩිරෙක්ටර්ලා...!...ස්පීල්බර්ග්ලා කණෙන් අල්ලන් ඇවිත් මේ වගේ උත්තමයින්ගෙ ගෙවල් වල අපුල්ලවන්න ඕනෑ...!.....ලෝක ඉතිහාසයේ ළමයින්ට වෙච්ච හොඳම දේ තමයි මේ පිල්ම් එක...!....අම්මපා, මේ වගේ ඩිරෙක්ටර්ලා සෙරෙප්පුව හෝදන තැන කාණුවට කට තියලා ඒ වතුර ටික බොන්න හිතෙනවා හසන්ත මහත්තයො..!"
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය ටික හරියට කර ගත්තා නම් මහත්තයා විතරක් නෙමෙයි, මහත්තයගේ හත් මුතු පරම්පරාවම ගොඩ.....රාජ භෝජන, තානාන්තර, සැප සම්පත් වලට අමතරව, "කළා දූෂණ, "දේස සිරෝමණී" වගේ සම්මාන ලෙසටම ලැබෙනවා... ඔය ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, කෑන්ස් වගේ බටහිරයන්ගේ හපාචි සිනමා සම්මාන පඩංගු වගේද මහත්තයො ඒවා...??...ඈ...??...

    ඔය ටික කර ගත්තට පස්සෙ ප්‍රතිඵල අත් දුටුවයි සත්තයි....එහෙම තියාගෙන නෙ ඔය මහත්තයලා මේ සංකීර්ණ දේවල් කරන්න ගිහින් බොරුවට ඉල්ලගෙන කන්නෙ...?....මම කිව්වට ඔය තුණ්ඩුවෙ ටික කරලා බලන්නකො....සල්ලිය බාගෙ ලැබෙන කොට අපිටත් පොඩ්ඩක් සැළකුවාම ඇති....මං මේ ලිව්වෙ හිතවත් කමට....

    "පාට පාට මල් ගොඩේ පිපී .." ...හපෝයි ඔන්න ආයෙත්...!