සෙල්ලං හමාරයි… ත්‍රීරෝද රථයක උපරිම වේගය පැ.කි.මී. 40යි. නව නීතිය අද සිට
රට ධාවනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා පදවාගෙන යාහැකි උපරිම වේගයක් මෝටර් රථ පනත යටතේ නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නීතිගත කර තිබේ. ඒ අනුව ත්‍රී රෝද රථයක් යා හැකි උපරිම වේගය වන්නේ පැයට කිලෝ මීටර් 40කි.
නව ගැසට් පත්‍රයේ ත්‍රීරෝද රථවලට අදාළ මෙම කරුණුද නීතිගත කර ඇත.
දකුණු දොරටුව ඇතුළුවීම හෝ පිටවීම නොකළ යුතු ය.
රැගෙන යා හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි පිටුපස වම් පැත්තෙහි සංඛ්‍යාත්මකව සහ ප්රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු වේ.
අවුරුදු 12 ට අඩු ළමුන් දෙදෙනෙකු එක් මගියෙකු ලෙස ගණන් ගැනේ.
රිය තුළ එක් එක් ආසනයට මුහුණලා ඇති පරිදි ආසන සවි කළ යුතු ය.
රියදුරු හැර වෙනත් අයෙකු රියදුරු ආසනයේ නොයා යුතු ය.
මාර්ගයේ ධාවනය කිරීමේදී වෙළඳ දැන්වීම් පත්‍රිකා හෝ අත් පත්‍රිකා බෙදා දීමට අවසර නොදිය යුතු වේ.
මාර්ග භාවිත කරන සෙසු අයට බාධාවන හෝ පීඩාවන ආකාරයේ ශබ්දයක් ඇති කරවන යම් උපකරණයක් හෝ උපාංග සවි කළ නොහැකි ය.
සෑම මගියෙකුම රියදුරු විසින් ඉල්ලා සිටී නම් යාමට අපේක්ෂිත ගමන් පිළීබඳ ප්‍රකාශ කළ යුතු අතර මීටරයේ සඳහන් ගමන සඳහා වූ සම්පූර්ණ ගාස්තුව ගෙවිය යුතු ය.
පුද්ගලයින් හෝ භාණ්ඩ කුලියට ප්‍රවාහනය සඳහා හෝ වෙනත් කරුණක් සඳහා හෝ රථය භාවිත කරන සෑම අයිතිකරුවෙකුම කුලී රථ මීටරයක් සවි කළ යුතු වේ.
කොළඹ තම්බි නටලා හමාරයි