ත‍්‍රීරෝද රථ

aruna47

Well-known member
  • සෙල්ලං හමාරයි… ත‍්‍රීරෝද රථයක උපරිම වේගය පැ.කි.මී. 40යි. නව නීතිය අද සිට

    banner-threewheel.jpg


    රට ධාවනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා පදවාගෙන යාහැකි උපරිම වේගයක් මෝටර් රථ පනත යටතේ නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නීතිගත කර තිබේ. ඒ අනුව ත‍්‍රී රෝද රථයක් යා හැකි උපරිම වේගය වන්නේ පැයට කිලෝ මීටර් 40කි.

    නව ගැසට් පත‍්‍රයේ ත්‍රීරෝද රථවලට අදාළ මෙම කරුණුද නීතිගත කර ඇත.

    දකුණු දොරටුව ඇතුළුවීම හෝ පිටවීම නොකළ යුතු ය.
    රැගෙන යා හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි පිටුපස වම් පැත්තෙහි සංඛ්‍යාත්මකව සහ ප්‍රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු වේ.
    අවුරුදු 12 ට අඩු ළමුන් දෙදෙනෙකු එක් මගියෙකු ලෙස ගණන් ගැනේ.
    රිය තුළ එක් එක් ආසනයට මුහුණලා ඇති පරිදි ආසන සවි කළ යුතු ය.
    රියදුරු හැර වෙනත් අයෙකු රියදුරු ආසනයේ නොයා යුතු ය.
    මාර්ගයේ ධාවනය කිරීමේදී වෙළඳ දැන්වීම් පත්‍රිකා හෝ අත් පත්‍රිකා බෙදා දීමට අවසර නොදිය යුතු වේ.
    මාර්ග භාවිත කරන සෙසු අයට බාධාවන හෝ පීඩාවන ආකාරයේ ශබ්දයක් ඇති කරවන යම් උපකරණයක් හෝ උපාංග සවි කළ නොහැකි ය.
    සෑම මගියෙකුම රියදුරු විසින් ඉල්ලා සිටී නම් යාමට අපේක්ෂිත ගමන් පිළීබඳ ප්‍රකාශ කළ යුතු අතර මීටරයේ සඳහන් ගමන සඳහා වූ සම්පූර්ණ ගාස්තුව ගෙවිය යුතු ය.
    පුද්ගලයින් හෝ භාණ්ඩ කුලියට ප්‍රවාහනය සඳහා හෝ වෙනත් කරුණක් සඳහා හෝ රථය භාවිත කරන සෑම අයිතිකරුවෙකුම කුලී රථ මීටරයක් සවි කළ යුතු වේ.




    කොළඹ තම්බි නටලා හමාරයි
     
    • Like
    Reactions: redcafe

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අනිත් එක තමයි බන් මුන්ට පාරේ යන්න එක ලයින් එකක් විතරක් දෙන්න ඕන.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    "රිය තුළ එක් එක් ආසනයට මුහුණලා ඇති පරිදි ආසන සවි කළ යුතු ය."

    මේක මට පහැදිලි නැ බන් !
     

    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    "රිය තුළ එක් එක් ආසනයට මුහුණලා ඇති පරිදි ආසන සවි කළ යුතු ය"

    train eke wageda? Katawal ekata happila marenna wenne :P
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඊට හපන් සමහර උන්ගේ තියෙන හෝන්. ගහපු ගමන් උඩ විසි වෙනවා.සමහර ඒවගේ වංගුවකදී හෝන් එක ඇහුනම හිතෙන්නේ ලොකු ලොරියක් එනවා කියලා.අපි අයිනටම කරහමයි දකින්නේ මේ රෝද තුනක්නේ කියලා......:baffled: පිටකොටුවේ ඉන්න ගොඩක් ත්‍රීවිල් අයියලා නම් බලු ඈ.... මනුස්ස කමක් ගෑවිලාවත් නෑ. සමහර අය නම් ඉන්නවා හොද උන්. ඒත් කලාතුරකින්.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    බලන් හිටපන් ඕවා කොරයි කියලා තමා බය. ඔය නීති කී පාරක් දැම්මද.
     

    dckalhara

    Member
    Jul 25, 2013
    15
    0
    0
    "රිය තුළ එක් එක් ආසනයට මුහුණලා ඇති පරිදි ආසන සවි කළ යුතු ය" මට තේරෙන්නෑ බන්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක නම් ලොකු දෙයක් බන්.. දැන් සැනසිමෙ අනිත් මිනිස්සුන්ට වාහනය් එලෙව්වැකි.. නැත්තම් මුන් පු* ඉරාගෙන ඇක්සලේටරේ අතින් මිරිකගෙන 60-70 ට යනවා, අපි උන්ගේ අමාරු වේදනාව බලාගෙන පිටිපස්සෙන් යන්න ඔනා, උන් ඔක කරන්නෙත් ලොඩ්ලා වගේ පාරෙ මැද්දෙමනේ..