දත් නොමදින ජීවිත <<<<<<< is it u???>>>>>>>

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දත් නොමදින ජීවිත <<<<<<< is it u???>>>>>>>

මේ එන අලුත් අවුරුද්දෙ ඉඳලවත් අපිට අපේ නොදියුනු ගෝත්‍රික ආකල්ප හිතල වෙනස් කරන්න පුලුවන් වේවිද??? :(


tumblr_mc2fslestT1rp02wmo1_500.jpg



oකාවෙ හුඟදෙනෙක් දුප්පත්. ඒක මේ රටේ වැරැද්දක් නිසාම වෙන අවුලක් කියන එක වැරදියි. ජනතාවගෙ දුප්පත්කම්වලට රටේ ජාතික ක්‍රමවේදයන් සකසන දේශපාලකයො වගකිව යුතුයි කියන එකේ යම් සත්‍යතාවයක් තියෙනව. නමුත් අපි දුප්පත්වෙන්න එකම හේතුව ඒක විතරක් නෙමෙයි ලoකාවෙ මිනිස්සුන්ට වරදින්න එකම හේතුව අපේ වත්මන් සoස්කෘතිය.

මූලික වශයෙන් හැම මිනිහෙකුටම පිලිවෙලක් නෑ. ඔබත් කල්පනා කරලා බලන්න. ඔබට කුලියට හරි වැටිලා ඉන්න ගෙයක් දොරක් තියෙනවා, ඒ ගෙදර ඔබටන වෙන්වුනු ඉඩ සීමාවක් තියෙනවා. අන්න ඒ ඉඩ සීමාව දැන් කොහොමද? රටක රාජ්ජෙක ග්‍රහලෝකෙක පිලිවෙල පටන්ගන්නෙ පුoචි ගෙදරක පුoචි කාමරේකින්. පුoචි මිනිසෙකුගෙ හිතේ කොනකින්. පිලිවෙල කියන දේ සoස්කෘතිකමය පුරුද්දක්ඒක සමාජ තත්වය පෙන්වන සoකේතයක්. ඔබේ ගෙදර ගෙයි ඇතුලෙ රෙදිවැල් කීයක් තියෙනවද? එලියෙ රෙදිවැල් කීයක් තියෙනවද? එතකොට ගෙයි ඇතුලෙ රෙදි දාන්නෙ කොහෙද? රෙදි රැක් එකක් ඇතුවා හෝ නැතුවා හෝ ගොඩක් ගෙවල්වල රෙදි හැමතැනම. නානකාමරේ ටිකයි, දොරවල් උඩ ටිකයි, ඇඳන් යට ටිකයි, පුටු මේස උඩ ටිකයි, අල්මාරියෙ ටිකයි.

ඊටපස්සෙ තමන් නාන, මූන හෝදන තැන ගැන හිතන්න. ලoකාවෙ හැමෝටම තාම ඇටෑච් බාත් රූම්ස් නෑ. නමුත් තමන් නාන තැන පිලිවෙලට තියාගන්න බාත් රූම් ඕන නෑ වතුර බැරල් එක, එහෙමත් නැතිනම් වතුර ටැoකිය ලඟ සබන් තියෙන්නෙ කොතනද? ළිඳ ලඟ, ළිoo ගැටිය, වතුර ටැකියෙ ගැට්ටෙ තමයි කට්ටිය සබන් තියන්නෙ. ටූත් පේස්ට් එකේ මූඩිය නෑ. දත් මදින බ්‍රෂ් එක අවුරුද්දකට අලුත් කරල නෑ. සෙරෙප්පු දෙකේ මඩ, කාමරේට යන පාර හොයාගන්න බැරිතරම් මකුළු දැල්, අතුගාල කුනු ටික තැන් තැන්වල, සෙරෙප්පු දෙකේ මඩ, බැනියම් ඉරිලා, මේස් හිල්වෙලා, සපත්තු දෙක අවුරුදු ගානකින් පොලිෂ් දැකලවත් නෑ. තමන්ටම කියලා සබන් කෑල්ලක්වත් ඔඅබ අරගෙන නැද්ද? ගොඩක් අය එහෙමයි. මේ දුප්පත්කම නෙමෙයි මේක කාලකණ්ණිකම. අලුගුත්තේරුකම, වසලකම,සබන් කෑල්ලක් ගන්න පෝසත්කමක් ඕන නෑ, දත් මදින බ්‍රෂ් එක මාස 3කට පාරක් අලුත් කරන්න ගොඩක් සල්ලි ඕන නෑ. තමන් දන්න තමන්ගෙ කාමරේ අස්පස් කරගන්න සල්ලි ඕන නෑ. පොත්පත් ටික අස්පස් කරලා පිලිවෙලට තියාගන්නවට බිලක් එන්නෙ නෑ.

නමුත් ලoකාවෙ ගොඩක් මිනිස්සු එහෙමයි. උන්ට පෞද්ගලිකත්වයක් නෑ. ඒ නිසාම වැදගත් සමාජ මට්ටමක සේම බුද්ධිමත් සමාජශීලීකමකුත් නෑ. පාර හැමතැනම කෙලගහනවා. හිතු හිතු තැන්වල පොලිතින් අතාරිනවා. උනුත් එහෙමයි උන්ගෙ දරුවොත් එහෙමයි, ඒ දරුවන්ගෙ දරුවනුත් එහෙමයි. (කන්න නැතත් උසේ පිලිවෙලට බෝකරන්නනම් දන්නවා,) තමන්ගෙ පොඩි එකා ටොෆියක් කාලා කොලේ මහපාරෙ විසිකලාම අම්මලා තාත්තලාට ඒක නොහොබිනා වැඩක් විදියට පේන්නෙ නෑ. බල්ලො වගේ පාරෙ මිනීමරන රටේ ටොෆි කොලයක් විසිකරන එක මොනවද මෙයා කියලා උන් හිතහදාගන්නවා.තමන්ගෙ කාලකණ්ණිකම හැමෝම වහගත්තෙ එහෙමයි. එහෙම උන් පරපුරෙන් පරපුර මේ රට පිරුනාම තමයි මේ අද ඉන්නවා වගේ කාලකණ්ණි පිරිසක් රටේ පිරෙන්නෙ. කොන්ඩ කපලා,වවලා ජෙල් කරලා, බාගෙට හැලෙන කලිසම ඇඳලා,ඩෙක්ෂූස් දාල, සුවඳ විලවුන් නාලා පාරට බහින්නෙ. හැබැයි උන්ගෙ යට ඇඳුම්වල හිල් දවස් හතකින් නාලා නෑ. දත් මදින්නෙ සතියකට පාරයි., ඔබට හිතන්න පුලුවන් දත් මදින එකයි නාන එකයි කොහොමද රටේ දියුනුවට හෝ මිනිසෙකුගෙ පොහොසත්කමට බලපාන්නෙ කියලා,අනිවාර්යෙන්ම බලපානවා,, අපි ඒ ගැන පස්සෙ කතාකරමු.:nerd:

නැව් ටෝක් දුන්නට ඔරු කඳක්වත් නෑ.:lol:

ගුරුපාර



oවාදයට විවෘතයි:)
අනිත් අයටත් කියවන්න බම්ප් එකක් දෙන්න :)
 
Last edited:

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    සහතික ඇත්ත මචන් ඒත් රටක් පාලනයකරන වුන් ගාවවත් නැති හැදියාවක් මිනිස්සුන්ට තියෙයිද? අද මිනිස්සු බලන්නේ කියක්හරි හොයාගන වෙලක් කන්න. දැනට අවුරුදු කීපයකට කලින් ඒ කියන්නේ උතුරු නැගෙනහිර යුද්දේ තියෙනවාට වඩා දැන් මිනිස්සුන්ට අමාරුයි. ඉතින් මැරෙන්නේ නැතුව කාලා ඇදලා ඉන්න බලනවා මිසක් පිළිවෙලකට ඉන්න දගලන්නේ නැහැ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සහතික ඇත්ත මචන් ඒත් රටක් පාලනයකරන වුන් ගාවවත් නැති හැදියාවක් මිනිස්සුන්ට තියෙයිද? අද මිනිස්සු බලන්නේ කියක්හරි හොයාගන වෙලක් කන්න. දැනට අවුරුදු කීපයකට කලින් ඒ කියන්නේ උතුරු නැගෙනහිර යුද්දේ තියෙනවාට වඩා දැන් මිනිස්සුන්ට අමාරුයි. ඉතින් මැරෙන්නේ නැතුව කාලා ඇදලා ඉන්න බලනවා මිසක් පිළිවෙලකට ඉන්න දගලන්නේ නැහැ.

    umba hama ekagema gedarata gihin baluwada
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සහතික ඇත්ත මචන් ඒත් රටක් පාලනයකරන වුන් ගාවවත් නැති හැදියාවක් මිනිස්සුන්ට තියෙයිද? අද මිනිස්සු බලන්නේ කියක්හරි හොයාගන වෙලක් කන්න. දැනට අවුරුදු කීපයකට කලින් ඒ කියන්නේ උතුරු නැගෙනහිර යුද්දේ තියෙනවාට වඩා දැන් මිනිස්සුන්ට අමාරුයි. ඉතින් මැරෙන්නේ නැතුව කාලා ඇදලා ඉන්න බලනවා මිසක් පිළිවෙලකට ඉන්න දගලන්නේ නැහැ.

    මචන් පාලකයො ඕපපාතික ජාතියක් නෙමෙයි අනික සුද්දගෙ කාලෙ වගේ පිට රටින් ඇවිත් පාලනය කරා වගේ දැන් උනුත් පිටරට උන් නෙමෙයි බන්. එහෙම නේද?:eek:

    දෙල් ගහේ දෙල් මිස්ක පොල් හැදෙන්නෙ නෑ කියන්නෙ ඒකයි. ජනතාව අතරින් ආපු එකා ජනතාව වගේ වෙන්නැතුව අල්ලපු රටේ මිනිස්සු වගේ වෙන්නද??
    :eek:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම දන්නේ නෑ අනෙක් අය ගැන නමුත් අපේ ගෙදර පිළිවෙළට තියෙනවා ,මගේ කාමරය මම ලස්සනට අස්කරලා තියාගෙන ඉන්නේ. නාන එක ගැන කියනවා නම් මම අදත් නෑවා. ගොඩක් ප්‍රශ්ණය තියෙන්නේ දුහිවිලි වලින් මේවා බැදෙන කොට එහේ මෙහේ ඒවා අස්කරන්නම වෙනම මහන්සි වෙන්න වෙනවා ඒක නිසා මම Dust Vacuum Cleaner එකක් අරගෙන තියෙන්නේ. මේක නිසා හැබැයි දැන් අතුගාන්න ඕන නෑ අස්ස මුළු වල.