ආකල්ප ප්රශ්නයක් නෙවෙයි තියෙන්නේ ලංකාවේ හැකියාවට තැනක් නැති කම සහ අනාගතයක් නැතිකම දුප්පත්කම යන කරුනු නිසා මිනිස්සු ඩිප්රෙස්ඩ් වෙලා ඉන්නේ. උබ කියන ඔය දුප්පත් මනුස්සයෙක් යුරෝප් රටකට යවපන්කෝ නිකම්ම පොෂ් වෙලා එන්නේ.
දැක්කද ආකල්ප වෙනස්වෙන හැටි. ඒ රටවල මනුස්සයාට වටිනාකමක් තියෙනවා.
කන්න සල්ලි නැතුව ඉන්න එකාට දත් මදින්න බුරුසුවක් ගන්නගේ අතුගාන්න කොස්සක් ගන්න එකට වඩා ගොඩක් වැඩ හිතන්න තියෙනවා.
ලංකාවේ මම දන්න තරමින් දැනුත් භාණ්ඩවල මිල හා නිකුත් වැටුප් හඳන්නේ කොළබ මොකද්ද දර්ශකයක් උපයෝගිකරගනිමින්..
උබ කියන විදිහට බැළුවොත් සෝමාලියාවත් ගොඩක් පොහොසත් ස්වම්පෝෂිත රටක්.. ඇයි අපිට වැඩිය ටීවී,කොම්පියුර් වාහන එහෙම තියෙනවානේ...
අන්න හොඳම තැනට ආවා .ලන්කාවෙ පැය 8ක් වැඩකරන්න බෑ කියලා අඬන එකා, පිටරට ගියාම පැය 15-16 වැඩකරනවා, ඒක එතකොට ආකල්ප වෙනසක් නෙමෙයිද?? මෙහෙදි තේකක් හදන්නෙ නැති එකා පිටරට ගියාම උයාගෙන කාලා සේරම වැඩ තනියම කරගන්නවා, ඇයි මිනිස්සු අපේ රටට මෙච්චර ගරහන්නෙ? හැමෝම පඩි ගැන විතරයි කතාව, තමන්ගෙන් රට වෙන්න ඕන යුතුකම ගැන හිතන්නෙ නෑ. උඹ ඔය හිතන තරම් ලoකාව දුප්පත් රටක් නෙමෙයි, කන්න නැතුව මන්දපෝෂනයෙන් එකෙක් මැරුනා කියලා අහලා තියෙනවද? නෑ නේද?
කොහොමද ලන්කාව සෝමාලියාව තියෙන තත්වෙට පහත් කරන්න කරලා හිතන්න තරම්.....????

සෝමාලියාවෙ කන්න නෑ තුන් වේලටම බොන්නෙ කැඳ, බලන් ඉන්නකොට බඩගින්නෙ මිනිස්සු මැරිලා වැටෙනවා,, ඒ රටේ සල්ලි තියෙන මිනිස්සු ඇති, ඒත් අපේ රට කවදාවත් එතනට වැටිලා නෑ වැටෙන්නෙත් නෑ.
අනික යුරෝපා රටවල් කතන්දරේ ගත්තම ඒ රටවල් වල ලෙඩක් හැදුනම නිකන් බේත් පෙත්තක්වත් නිකන් දෙන්නෙ නෑ,, ඉස්කෝලෙට සල්ලි දුන්නෙ නැත්නම් ලමයට පු*ට පයින් ගහලා එලියට දානවා.. අපේ රටත් මුල ඉඳන් එහෙම තිබ්බනම් අපි දැන් ආසියාවේ ආශ්චර්ය වෙලා, පාන් ගෙඩියක් රුපියල් 500ක් විතර, හාල් කිලෝව 1000ක් විතර, පඩියට සාපේක්ෂව වියදමත් වැඩියි. හැමදේම නිකන් දෙනකන් කට ඇරෙගෙන බලාගෙන ඉන්නෙ. තමන්ගෙ මහන්සියෙන් ගොඩයන්න උවමනාවක් නෑ, උවමනාවක් තිබ්බත් වටේ උන් ඉඩදෙන්නෙත් නෑ.

හෙට උනත් මහ බැන්කුවට සල්ලි අච්චු ගහලා හෝ ගාලා පඩි වැඩිකරන්න පුලුවන්. ඒත් ඊලඟ දවසෙ ඉඳලා පාන් ගෙඩියක් 1000කට විතර ගන්න වෙන්නෙ,

Last edited:





